ස්වේත නාරී

පරිච්ඡේදය 2 | Indu | 11 වාර කියවා ඇත 0 අදහස්

ස්වේත නාරී 🔞 - දෙවන කොටස


"උඹ අපේ අයියණ්ඩිගේ ලොකු කෙල්ල වෙච්චි කොට, නම මොකක්ද කෙල්ලේ .? උඹලගේ නම් ගම් මම දන්නවායැ" 


පාන්දරම කහට කෝප්පය අතට දෙන ගමන් නැන්දා ඇසුවේ මගෙනි. 


"ස්වෙිතා" මම දිගුත් නොවන කෙටිත් නොවන තනි වචනයෙන් උත්තර දුන්නේ හිත තවමත් රිදුම් දෙන නිසාය. 


"අයියණ්ඩිගේ හැඩ උඹට වාත්තු කරා වගේ තියෙනවා බං. මටත් දුකයි මගේ අයියණ්ඩිට වෙච්ච දේට... මොනා කරන්නද කෙල්ලේ. දැන් හිත හදාගෙන හිතට වීරිය අරන් නැගිටපන්" 


තොරතෝංචියක් නැතිව දොඩනවන නැන්දගෙන් ගැලවිලා පැත්තකට ගිහිං නිදහසේ කල්පනා කර කර මගේම ලෝකයක තනි වෙන්න තිබුණා නම් හොද යැයි කල්පනා කළ මා කිසිත් නොකියා නැගිට හෙමින් හෙමින් ඉබාගාතේ ඇවිද ගියේ ඔළුව රිදුම් දෙද්දීය. 


 යුද්ධය ජයටම යනකාලේ  ජය සිකුරු මෙහෙයුම පටන් ගත්ත මුල් දවස් වල වෙන් වුණ අයියා නගෝ නැවත හමු වුණේ ජීවිතේ අමිහිරිම කාලවකවානුවකය. ඊටත් වඩා කාශ්ටකේටම කෙඩේරී වී ගියාවුත්, දිගට හරහට දරැවන් පස්දෙනෙක් වැදු නිසාත් ඇයගෙන් දිස් වන්නේ ද වයසට වඩා මුහුකුරා ගිය පෙනුමකි. ඇයගේ සැමියා වුද, මම මාමා යැයි ඇමතූ මනුස්සයා නම් මට දිරවන්නේ නැත. 


මලගෙදර අහවර වී සතියක් ඉවර වෙනවත් සමඟම නිවසේ අඟහිඟකම් අහසට උසට පැන නඟින කොට තාත්තා ව මතක් වී අම්මත්, මමත් රහසේ හැඬු වාර අනන්තයි. ගෙදරට වී බලා ගත් අත බලන් හිටියට පොඩි උන්ගේ බඩ පිරෙන්නේ නැතැයි පවසා අම්මා, ගමේ කුලී වැඩ වලට යන්නට පටන් ගත්තේය. ඈ ගෙදරින් ගිය පසු නිවසේ වැඩ කටයුතු කිරීම මගේ වගකීමක් බවට පත් විය. 


"ලොක්කියේ අර කුප්පියෙන් තෙල් ටිකක් අරං මගේ කොන්දේ ගාපං..ඉන්න බෑ බං. දවසම නැවිලා ඉදලා කොන්ද රිදෙනවා"


"ඕක අම්මා මට හැමදාම කියනවනේ .. අමාරු නම් මම යන්නද රස්සාවකට.ටවුන් එකේ කඩවල් වල⁣ වැඩට ගන්නවලු කට්ටිය..


ඈ..බොල ඕක කිව්වේ මොකාද. අනික උඹට පිස්සුද...


අනේ අම්මේ , මට පිස්සු නෑ. අම්මට අමාරු නිසයි කිව්වේ. 


නෑ ඕන නෑ. අර මොකක්ද එකකින් පැක්ටේරියක් පටන් ගන්නවලු. ඒකට ගැණු ගන්නවා කිව්වා ග්‍රාමසේවක මහත්තයා. මම යනවා ඒකට. ඒ නිසා උඹ ගෙදර ඉදපං පොඩි උන් බලාගෙන..


කිව්වත් වගේ ගමේ කොහු ලණු ෆැක්ටේරියක් ආරම්භ කළ අතර උදේ හතට වැඩ ආරම්භ කර, හවස පහට වැඩ අවසන් වෙන තෙක් ගමේ ගැහැණුන් සියළුම දෙනා කඩිගුලක් සේ වැඩ කළාය. දිග නියපොතු කෙටි වන තෙක් ලණු ඇඹරුවාය. කොහු මෝලට පිං සිද්ධ වෙන්න දැන් දැන් අපිත් බඩගින්නේ හිටිය වාර ගණන අඩු විය.


"ස්වේතෝ..අම්මා ආවද ගෙදර"


කුස්සිය පැත්තේ දොර දිහාන් ඇහුණු කටහඩට මම ඔළුව උස්සලා බලන කොට හිටියේ සාරදා නැන්දාය. ඈ අල්ලපු ගෙදරට එහා ගෙදර සිරිපාල මාමගේ කොලේ අත්සන් නොකරපු දෙවන කසාද ගැහැණියයි. සිරිපාල මාමා රස්සාව කරේ ලොරියකයි. දුර පළාත් වල නිතරම රැදී සිටිය නිසා ඔහුගේ පලවෙනි කසාදේ ගැහැණිය ගමේ ම පොඩි කොලු ගැටයෙකු සමඟ හාද වී පැන ගිය නිසා සයිමන් මාමා නිවසේ තනි විය. දික්කසාද නොවු සිරිපාල මාමා සාරදා නැන්දා ඒ නිවසට එක්ක ආවේ ඉන් පසුවයි. 


මතු සම්බන්ධයි..........

Silent Writter 🖋️

බෙදාගන්න: WhatsApp Facebook
අවසාන පරිච්ඡේදය

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!