ශෑන් මකර සටන්කරු - Episode - 10 ✨❤️
පරිච්ඡේදය 10 | Tharupathi | 2 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 10 ❤️✨
"දැන් අප ශක්තිමත් කණ්ඩායමක් බව මට හැඟෙනවා. හෙට උදෑසනම අපි ගම්වැසියන් බේරා ගැනීමට යමු,"
මාස්ටර් පැවසීය.
"මාස්ටර්, මොකක්ද අපේ සැලැස්ම?"
"මෙහෙමයි, සමුරායිවරුන් සිරකරුවන්ව සිරකුටිවල සිට බලකොටුව වෙත රැගෙන යනවා. අන්න ඒ වෙලාවේ අපි සැඟවී සිට සමුරායිවරුන්ට පහර දී අපේ මිනිසුන්ව බේරා ගනිමු."
"නියමයි මාස්ටර්, ඒක ඉතා හොඳ සැලැස්මක්. මාස්ටර්ත් අප සමඟ සිටින නිසා වැඩේ ලේසි වෙයි,"
වූෂෙන් කීවේය.
"නෑ වූෂෙන්, මට ඔබලා සමඟ එන්න වෙන්නේ නැහැ. ඔබට මේ කාර්යය තනිවම කළ හැකි බව මට විශ්වාසයි. ඒ නිසා මම මෙහි සිට ගම ආරක්ෂා කරනවා. හැබැයි, ඔබට උදව්වක් අවශ්‍ය වන සෑම මොහොතකම මම එතැන ඉඳීවි."
පසුදින උදා විය.
අපි උදෑසනින්ම අපේ මෙහෙයුම සඳහා පිටත් වූවෙමු.
මාස්ටර්ගේ සැලැස්මට අනුව, සමුරායිවරුන් පැමිණෙන තුරු මඟ රැක සිටියෙමු.
පැය ගණනාවක් ගෙවී ගියත් කිසිවකු දක්නට නොසිටියේය. "මොකක්ද අනේ, කෝ මේ සමුරායිලා?" ආර්චි නොඉවසිල්ලෙන් ඇසුවේය. "කෑගහන්න එපා ආර්චි, අන්න ඔවුන් එනවා," මිත්සුකී වහා ආර්චිව නිශ්ශබ්ද කළාය.
සමුරායිවරු විශාල කරත්තයක් ද සමඟ අප සිටි දෙසට පැමිණියහ.
එහෙත් ඔවුන් සමඟ අකීරා හෝ වෙනත් සමුරායි කොල්ලෙක් දක්නට නොලැබුණි.
ඒ කරත්තය තුළ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට අපට වැඩි වේලාවක් ගත නොවීය.
කරත්තය තුළින් මහලු මිනිසෙකුගේ කෙඳිරිලි හඬක් ඇසුණු බැවින් අපගේ සැකය සනාථ විය.
"ඒ ඉන්නේ මගේ සීයා! අපි එයාව බේරගන්න ඕනේ!" යැයි පවසමින් යුන්ෂි අපේ සැලැස්ම ද අමතක කර කරත්තය දෙසට දිව ගියේය.
"මොකක්ද? ගම්නායකයා යුන්ෂිගේ සීයද?"
වූෂෙන් පුදුමයෙන් ඇසුවේය.
"ඔව් වූෂෙන්, ඒ නිසයි ඇය අපේ කණ්ඩායමට එකතු වෙන්න කැමති වුණේ," මිත්සුකී පැවසුවාය.
"යුන්ෂි, යන්න එපා! ඕක උගුලක්!" මම කෑගැසුවද එයින් පලක් නොවීය.
"ඔවුන් යුන්ෂිව මරාවි, එහෙම වෙන්න දෙන්න බැහැ. මමත් යනවා!" ආර්චි ද ඔහු පසුපස දිව ගියේය.
"එපා ආර්චි, යන්න එපා! සමුරායිවරු ඔබවත් අල්ලා ගනීවි!" එසේ කීවද, ආර්චි ඒ බව දැන දැනම යුන්ෂි බේරා ගැනීමට දිව ගියේය.
ඔවුන්ව බේරා ගැනීම සඳහා අපි ද සෙමින් කරත්තය දෙසට ළඟා වූවෙමු.
යුන්ෂි දිව ගොස් එහි සිටි සෙබළුන් දෙදෙනෙකුට අමාරුවෙන් පහර දී පරාජය කළේය.
එහෙත් එහි සිටි ශක්තිමත් සමුරායිවරයෙකුගේ ප්‍රහාරයකින් යුන්ෂිගේ දකුණු පාදය බිඳී ගියේය.
ඒ පහර කෙතරම් ප්‍රබලද යත්, යුන්ෂි බිම වැටී කෑගැසූ විලාපයෙන් අප සැමගේ සිත් කම්පා විය.
මෙය දුටු ආර්චි ද වහා යුන්ෂි අසලට දිව ගියේය.
නොසිතූ ලෙස අපගේ සිත් තුළ දැඩි බියක් උපදවමින්, නවතා තිබූ කරත්තය තුළින් කිසියම් අද්භූත පුද්ගලයෙක් එළියට පැමිණියේය.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.