ශෑන් මකර සටන්කරු - Episode - 13✨❤️

පරිච්ඡේදය 13 | Tharupathi | 4 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 13✨❤️


​"ශ්වාන්, ඔවුන්ව අත්හරින්න! බලන්න, ඔවුන් ඉන්නේ දැඩි පීඩාවකින්.

අර අහිංසක ගැහැණු ළමයාගේ කකුලෙන් ලේ ගලනවාවත් ඔබට පෙනෙන්නේ නැද්ද?"


​අකීරාගේ හඬ වේදනාවෙන් සහ කෝපයෙන් වෙව්ලන්නට විය.


ඔහු කෙලින්ම ශ්වාන් දෙස බලා මෙසේ පැවසීය.


​"තමුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ශ්වාන්? තමුන් වැනි අයෙකුට 'සමුරායිවරයෙක්' කියා පවසන්නත් මට ලැජ්ජයි!"


​අල්ලාගෙන සිටි නින්ජාවරුන් නිදහස් කරගැනීම සඳහා ඉදිරියට පැමිණි අකීරාට එරෙහිව තාංචි අධිරාජයා සිය අණසක ක්‍රියාත්මක කළේය.


තාංචි එල්ල කළ ප්‍රබල ප්‍රහාරය හමුවේ අකීරා පමණක් නොව, ඇය අසල සිටි සමුරායිවරුන් පස් හයදෙනෙකු ද විසි වී ගොස් ඈතින් ඇද වැටුණි.


​නැවතත් අමාරුවෙන් නැගිට තම දූවිලි පිසදමාගත් අකීරා, මාස්ටර් තාංචි වෙත පියනැගුවේය.


​"ඇයි මාස්ටර් ඔබ මේ අසරණ මිනිසුන්ට මෙතරම් කුරිරු ලෙස සලකන්නේ? කරුණාකර ඔවුන්ව නිදහස් කරන්න,"

අකීරා ආයාචනා කළේය.


​තාංචි අධිරාජයා උස් හඬින් සිනාසුණේය.


"තමුන්ට පිස්සුද අකීරා? මෙතරම් කාලයක් වෙහෙස වී මොවුන්ව අල්ලාගත් පසු, කිසිවක් නොවූවා සේ අත්හැර දමන්නට පවසන්න තරම් තමුන් මෝඩයෙක්ද?"


​"ඔව් සීයේ, මේ අකීරා නම් ඇත්තටම මෝඩයෙක්!" ශ්වාන් ද උපහාසාත්මකව එයට එකතු විය.


​එක්වරම අකීරා අකුණු වේගයෙන් ශ්වාන් අසලට ගොස් ඔහුට දැඩි පහරක් එල්ල කළේය.


එම පහරේ වේගය කොතරම්ද යත්, ශ්වාන් විසිවී ගොස් මා සැඟව සිටි ලී පෙට්ටගම මත පතිත විය.

පෙ

ට්ටගම සුනුවිසුනු කරමින් ඔහු බිම ඇද වැටුණි.


​මේ සියල්ලෙන්ම සිදු වූයේ මා වට කර ගැනීමට සමුරායිවරුන් සියයකට අධික පිරිසක් පැමිණ සිටි මොහොතකය.


එවැනි විශාල සේනාවක් සමග තනිව සටන් කිරීම උගහට වූ බැවින්, මම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පසෙකලා ඔවුන්ගේ පහරවල් මගහැර ගැනීමටත්, මාව ආරක්ෂා කර ගැනීමටත් මුල් තැන දුන්නෙමි.


​ශ්වාන් සටනට පිවිසි විට මා තුළ යම් දෙගිඩියාවක් ඇති වුවද, ඔහුට මාගේ සිරුරේ නියපොත්තකටවත් හානියක් කිරීමට ඉඩක් නොලැබුණි.


ඒ මොහොතේ කරත්තය තුළ සැඟව සිටි 'ඔකින්ෂු' හදිසියේම එළියට පැමිණ ශ්වාන් සමග මාරාන්තික සටනකට අවතීර්ණ විය.


​ඔකින්ෂුගේ වේගවත් ප්‍රහාර හමුවේ ශ්වාන් අසරණ විය.


ශ්වාන් එම ප්‍රහාර සාර්ථකව වළක්වා ගැනීමට උත්සාහ කළද, ඔකින්ෂුගේ එක් දරුණු පහරක් ශ්වාන්ගේ සිරුර පසාරු කර යන්නට සමත් විය.


එම තුවාලයත් සමග ශ්වාන් නැගිට ගැනීමට පවා නොහැකිව බිම ඇද වැටුණි.


​ඒ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මමත් ඔකින්ෂුත් අපගේ සගයන් බේරා ගැනීමට ඉදිරියට දිව ගියෙමු.


නමුත් අපේ ගමන නතර වූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අයෙකු අප ඉදිරියේ හරස් වීමෙනි.


​"අකීරා! ඇයි ඔබ මෙහෙම කරන්නේ? මීට සුළු මොහොතකට කලින් මොවුන්ව නිදහස් කරන්න උත්සාහ කළේ ඔබම නේද?" මම විමතියෙන් ඇසීමි.


​නමුත් අකීරාගෙන් පිළිතුරක් නොවීය.


ඇය කිසිවක් නොපවසා දෑස් බිමට යොමු කරගෙන නිහඬවම අප ඉදිරියේ සිටගෙන සිටියාය.


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.


බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!