ශෑන් මකර සටන්කරු - Episode - 15 ✨❤️
පරිච්ඡේදය 15 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 15 ✨❤️
අකීරා මෙසේ පැවසුවද ආර්චි,යුන්ශි සහ ඔකින්ශුව ඒ උමග හරහා පිටත් කර මා අකීරාගේ සහයට එතන නතර විය.
ඇයි ඔයා එයාලා එක්ක ගියේ නැද්ද?
නෑ අකීරා මාත් එනවා ඔයාත් එක්ක ඔයාගෙ උදව්වට.
ඒවුනාට??
මගේ නම වූශෙන්.
හරි වූශෙන් ඔයට පුලුවන්ද මෙච්චර සමුරායිලා ටිකක් එක්ක සටන් කරන්න.
ඔයා කලින් එයාලට ලේසියෙන්ම අහු වුනානෙ.
ඔව් ඒ කලින්නෙ.
ඒවුනාට ඔයා අපිව අර සිරකුටියෙන් බේර ගත්තනෙ මම දැන් ඒකට ප්‍රති උපකාරයත් කොහොමහරි කරන්න එපැයි.
මට ඔයා තරම් සටන් කරන්න බැරි වුනාට මම පුළුවන් උපරිමයෙන් ඔයාට උදව් කරනවා.
ඔන්න එයාලා එනවා වූශෙන් ඉක්මනට සූදානම් වෙන්න.
සමුරායිලා කිහිප දෙනෙක්ම එකවර අප සමග සටන් කිරීමට පැමිණියා.
කෙසේ වෙතත් මාස්ටර් ශී කියා දුන් සටන් ක්‍රම වලින් සාමාන්‍ය තරමකට සමුරායිලාව පරාජය කිරීමට මාහට හැකිවිය.
මා සමුරායිලා දහ දෙනෙකු පරදන විට අකීරා ඉතිරි සියල්ලන්වම පරාජය කළාය.
අකීරා සිනාසෙමින් පැවසුවේ නරකම නෑ අලුත් නින්ජගෙ වැඩ කියාය.
මෙලෙස සිටින විට ඈතින් මේ දෙසට ඇවිද එන ශ්වාන්ගේ සහ තාංචි අධිරාජ්‍යාගේ කටහඩ ඇසුණි.
අන්න ඔයාගෙ මාස්ටරුයි මිතුරයි මේ පැත්තට එනවා.ඔව් එයා මගේ මාස්ටර්නම් තමයි හැබැයි දැන් ශ්වාන් නම් මගේ යාලුවෙක් කියන්නත් ලැජ්ජයි එයා කරන වැඩ නිසා.
ඒවා වැඩක් නෑ ඔයා දැන්ම මේ රහස් උමගෙන් යාලුවො ලගට යන්න.ඒ වුනාට අකීරා ඔයා මොකක්ද කරන්නේ.
කතා කරන්න වෙලාවක් නෑ දැන්ම මෙතනින් යන්න.එයාලා මාව කොහොමත් දැන් සිර කරනවා.
එයාලා ඔයාලා නිදාහස් වෙලා කියලා දැන ගත්ත ගමන් මන් ඉවරයි.ඒකනිසා ඔයා දැන්ම මෙතනින් බේරිලා යන්න.
අකිරා මාව ඒ උමගට දමා දොර වසා දැමුවාය.
මා නැවතත් දොර විවර කිරීමට උත්සාහ කළද එය නිශ්ඵල විය.
මා හැකි ඉක්මනින් උමගේ අවසානය සොයා දිව ගියෙමි.
අකීරා තමුන් අපිට ද්‍රෝහි වුනානේද?අද මම තමුන්ව විනාශ කරනවා.
තාංචි අධිරාජ්‍යයා තමන්ගේ මායා බලය භාවිතයෙන් මාරාන්තික ගිනි ජාලා රැසක් යොමු කළේය.
ගිනිජාලා ඉතාවේගයෙන් අකීරා දෙසට පැමිණියේය.
ගිනිජාලා වල භයානක කම නිසාම අකීරාව දණින් වැටුණි.
නමුත් හදිසියේම තාංචි අධිරාජ්‍යාට සහ අකීරාට සිතා ගත නොහැකි තරමේ ආශ්චර්යයක් සිදු විය.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.