ශෑන් මකර සටන්කරු - Episode - 17 ✨❤️
පරිච්ඡේදය 17 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 17 ✨❤️
"මමත් ඔයා වගේම එදා ඔහුගේ බලය අවතක්සේරු කළා. ඒක තමයි මම කරපු ලොකුම වැරැද්ද.
ඒ වැරැද්ද උඹට කරන්න දෙන්න බැහැ!" තාංචි දැඩි ස්වරයෙන් කීවේය.
ඒ මොහොතේම අකීරා වටා නිර්මාණය වී තිබූ අද්භූත ආවරණය කෙමෙන් වියැකී ගියේය.
සිදුවූ දෙයින් බියට පත් වූ තාංචි අධිරාජයා, අකීරාට පහර දීමට තියා ඒ ගැන සිතීමටවත් බිය විය.
නමුත් කිසිවක් ගණනකට නොගත් ශ්වාන්, තම මාරාන්තික සමුරායි අසිපත කොපුවෙන් පිටතට ගෙන අකීරා දෙසට වේගයෙන් දිව ගියේය.
අකීරා ද තම කඩුව අතට ගෙන නොබියව ඉදිරියට පැමිණියේය.
දෙදෙනාගේම ශක්තීන් එක හා සමාන වූ බැවින්, අසිපත් දෙක එකිනෙක ගැටුණු සැණින් විදුලියක් මෙන් විසිරී ගොස් කැබලිවලට කැඩී බිඳී ගියේය.
එම තියුණු කඩු කැබලි හාත්පස විසිරී යද්දී, එතැනට කඩා වැදුණු වූෂෙන් වහා අකීරා ඉදිරියට පැන ඇයව ආරක්ෂා කළේය.
"අකීරා, ඉක්මනට එන්න!" වූෂෙන් අකීරාව ද ඇදගෙන මාලිගයෙන් පිටතට දිව ගියේය.
"ඇයි වූෂෙන් ඔයා ගමට ගියේ නැත්තේ?"
දිව යන අතරතුර අකීරා ඇසුවේය.
"ඒවා පස්සේ කතා කරමු අකීරා. අපි ඉක්මනට ගමට යන්න ඕනේ. නැත්නම් තාංචි අධිරාජයා කොයි වෙලාවක හරි අපේ පස්සෙන් එයි!"
වූෂෙන්ගේ අදහසට එකඟ වූ අකීරා, ඔහු සමඟ වේගයෙන් ගම්මානය දෙසට පලා ගියේය.
මේ අතර, කෝපයෙන් උමතු වූ තාංචි අධිරාජයා සහ ශ්වාන්, විශාල සමුරායි සේනාවක් ද පිරිවරාගෙන ඔවුන් පසුපස ලුහුබඳින්නට වූහ.
අනතුරේ බරපතළකම නොසිතූ අකීරා සහ
වූෂෙන්, සතුරන්ට වඩා වේගයෙන් ගම්මානය වෙත ළඟා වූහ.
ඔවුන් ගම්මානයට පිවිසෙන විටත්, ගම්වැසියන් පොලු මුගුරු ද අතැතිව සටනට සූදානම් වී සිටිනු දක්නට ලැබුණි.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.