ශෑන් මකර සටන්කරු - Episode - 18 ✨❤️

පරිච්ඡේදය 18 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 18 ✨❤️


​මාස්ටර් ශී සහ මිත්සුකී ගම්වැසියන් අතර සිටියද, ඔකින්ෂු, ආර්චි සහ යුන්ෂි එහි නොසිටීම මාගේ සිත තුළ මහත් බියක් සහ කුතුහලයක් ඇති කළේය.


​"මොකක්ද ආර්චි... ඔයා පිරිමි ළමයෙක් නේද? ඔහොම කෙඳිරිගාන්නේ නැතුව ඉක්මනට ගමට යමු," ඔකින්ෂු පැවසුවේය.


​"ඔයාට නම් කියන්න ලේසියි ඔකින්ෂු! ඔයාටත් මේ වගේ පහරක් වැදුණාම තේරෙයි. අනේ මගේ කකුල... ඒක හොඳටම රිදෙනවා,"

ආර්චි වේදනාවෙන් කීවේය.


​"බොරුවට කෑගහන්න එපා ආර්චි. ඔයා හිතුවට කකුල කැඩිලා නැහැ, පොඩ්ඩක් කෙටිලා විතරයි."


​"නෑ ඔකින්ෂු, මට හිතෙන්නේ කකුල කැඩිලා කියලයි!"


​"විකාර නොකියා ඉක්මනට යමු ආර්චි," ඔකින්ෂු ඔහුට ධෛර්යය දුන්නේය.


​"අනේ ඔකින්ෂු, මට තවත් අඩියක්වත් තියන්න බැහැ. අපි මෙතන පොඩ්ඩක් විවේක අරන් යමුද?" ආර්චි ආයාචනා කළේය.


​"අයියෝ... ඔයා නම් මාර වදයක්නේ! හරි හරි, පොඩ්ඩක් විවේක ගමු,"

පවසමින් ඔකින්ෂු, තම කරට අත දමාගෙන අමාරුවෙන් ඇවිද ආ යුන්ෂිව ද පරිස්සමෙන් බිම වාඩි කළේය.


මඳ වේලාවක් විවේක ගත් ඔවුහු නැවතත් ගම්මානය දෙසට ගමන් ආරම්භ කළහ.


​ඔවුන් ගම්මානයට ළඟා වන විට, සමුරායිවරුන්ට එරෙහිව සටන් කිරීමට සූදානම් වී සිටි ගම්වැසියන් පිරිසට මොවුන්ව දක්නට ලැබුණි.


​"අන්න ඔකින්ෂුයි කට්ටිය එනවා!" මිත්සුකී ප්‍රීතියෙන් පැවසුවාය.


​ඇය වහා යුන්ෂි අසලට දිව ගියාය. "ඔයාට ගොඩක් අමාරුද යුන්ෂි?" මිත්සුකී ඇසුවත්, වේදනාවෙන් පීඩා විඳි යුන්ෂිට එයට පිළිතුරු දීමට තරම්වත් ශක්තියක් තිබුණේ නැත.


​"යුන්ෂිව ඉක්මනට මූලස්ථානයට එක්කන් ගිහින් බෙහෙත් දාන්න," මාස්ටර් ශී උපදෙස් දුන්නේය.


​"හරි මාස්ටර්, මම දැන්ම ඇයව එක්කන් යන්නම්," ඔකින්ෂු ඉදිරිපත් විය.

"ඔකින්ෂු, ඔයා මෙතන ඉන්න.

මට ඔයාව මේ වෙලාවේ සටනට ඕනෑ කරනවා. ආර්චි ඇයව මූලස්ථානයට එක්කන් යයි," මාස්ටර් ශීගේ අණට කීකරු වූ ඔකින්ෂු එතැනම නතර විය.


​වූෂෙන් සමඟ ගම්මානයට පැමිණි අකීරාව දුටු ගම්වැසියෝ මහත් සේ බියට පත් වූහ.


ඇය සමුරායිවරියක වූ බැවින්, ඔවුන් වහා තම නිවෙස් තුළට දිව ගොස් සැඟවුණහ. ගම්වැසියන් අකීරා කෙරෙහි දක්වන දැඩි බිය දැක මම කම්පනයට පත්වීමි.


​"ඔයාලා බය වෙන්න එපා! ඇය දැන් අපේ පැත්තේ කෙනෙක්," මම උස් හඬින් පැවසුවේ ඔවුන්ගේ බිය දුරු කිරීමටයි.


මගේ වචනය විශ්වාස කළ ගම්වැසියන්, කෙමෙන් කෙමෙන් සැඟව සිටි තැන්වලින් පිටතට පැමිණියහ.


"ඇයි වූෂෙන් අකීරා අපේ ගමට ආවේ?" මිත්සුකී මවිතයෙන් ඇසුවාය.

"මට ඔයාට ඒ ගැන කියන්න අමතක වුණානේ මිත්සුකී. තාංචි අධිරාජයා ඇයව මරන්න හැදුවා.

ඒ නිසා මම ඇයව බේරගෙන මෙහේ ආවේ, ඔයාලගෙත් උදව් අරගෙන ඇයව ආරක්ෂා කරන්නයි."



Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!