ශෑන් මකර සටන්කරු - Episode - 19 ✨❤️
පරිච්ඡේදය 19 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 19 ✨❤️
"ඒ වුණාට වූෂෙන්, ඔයා හිතුවේ නැද්ද මේ අකීරා නිසා අපේ මුළු ගමම අනතුරේ වැටෙනවා කියලා? මගේ ගම විනාශ වෙන්න මම කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ!"
මිත්සුකීගේ කෝපය පාලනය කළ නොහැකි විය.
වූෂෙන්ගේ වචනයට මෙල්ල නොවූ ඇය, ඔහුව පසෙකට තල්ලු කරමින් අකීරා වෙත කඩා පැනීමට දිව ගියාය.
"අකීරා! ඇයි තමුන් අපිටම මෙහෙම කරන්නේ? තමුන් එදත් හැදුවේ අපේ ගම විනාශ කරන්නයි!" මිත්සුකී ගර්ජනා කළාය.
"නෑ මිත්සුකී, මම එහෙම කරන්න හැදුවේ නැහැ. ඒත් මට තාංචි මාස්ටර්ගේ අණට පිටින් යන්න බැහැ," අකීරා සන්සුන්ව පිළිතුරු දුන්නාය.
"හැබැයි වූෂෙන් මාව නතර කළේ නැත්නම්, අද මම ඒකත් කරනවා. වූෂෙන් තමයි මම මාස්ටර්ට පහර දෙන්න යද්දී මාව බේරාගෙන මෙහාට එක්කන් ආවේ."
අකීරා ගම්වැසියන් දෙස බලා දිගු සුසුමක් හෙළුවාය.
"මම නිසා ඔයාලගේ ජීවිතවලට හානියක් වෙනවා නම්, මම දැන්ම මේ ගමෙන් යනවා. වූෂෙන්... අපි කවදා හරි ආයෙත් අර වගේ සටන් කරමු. ඒ වගේම මට සමාවෙන්න මිත්සුකී, එදා අර නින්ජා කොල්ලා කියපු දේට තරහ ගිය නිසයි මම ඔයාලට පහර දුන්නේ."
අකීරා ගම්මානයෙන් පිටව යාමට සැරසුණාය.
"ඔහොම ඉන්න අකීරා! මාත් ඔයා එක්ක එනවා," වූෂෙන් ඇය පසුපස දිව ගියේය.
"එපා වූෂෙන්! ඔයාව ගමට ඕනේ. තාංචි ඇවිත් පහර දෙද්දී ඔහු එක්ක සටන් කරන්න ඉන්නේ ඔයා," මාස්ටර් ශී පැවසීය.
"නෑ මාස්ටර් ශී, ඔයාටයි අනිත් නින්ජලාටයි ඔහුව නතර කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා."
ඒ මොහොතේම එතැන සිටි මහලු කාන්තාවක් අපහාසාත්මකව කෑගැසුවාය.
"තමුන් කොහොමද එහෙම යන්නේ? ඔයා තමයි අපිව මේ අනතුරේ දැම්මේ. දැන් තනියම බේරෙන්න හදනවා!"
"ඔව්! මේ වගේ අයව ගල් ගහලා එළවන්න ඕනේ!" තවත් පිරිසක් ඇයට එකතු වූහ.
මේ කිසිදු ගැරහිල්ලකට පිළිතුරු නොදුන් වූෂෙන්, අකීරා ද සමඟ ගම්මානයෙන් පිටත්ව ගියේය. ඔවුන් මඳ දුරක් නිහඬව ගමන් කළහ.
"වූෂෙන්, මම නිසා ඔයත් කරදරේ වැටුණා නේද?" අකීරා ඇසුවේ කනගාටුවෙනි.
"එහෙම හිතන්නවත් එපා අකීරා. මම ආවේ මගේම කැමැත්තෙන්."
"ඒත් වූෂෙන්... ඒ මිනිස්සු කියන දේත් වැරදි නැහැ. මම ඔයා එක්ක ආපු නිසානේ දැන් තාංචි අධිරාජයා ගමට පහර දෙන්න යන්නේ. ඒකට මමත් වැරදියි."
"ඔයා ඔය වැරැද්ද ඔයාගෙ පිට පටවගන්න එපා අකීරා. මොනවා වුණත් මම ඒ ගමේ මිනිස්සුන්ට එක සීරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සු හරිම අහිංසකයි. මගේ ජීවිතයට වඩා ඔවුන්ගේ ජීවිත මට වටිනවා. කලින් වුණු වැරැද්ද ආයෙත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. එදා මට මගේ ගම බේරගන්න බැරි වුණා... ඒත් මේ ගම මම කොහොම හරි බේරගන්නවා!"
වූෂෙන් දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.
"ඇයි වූෂෙන්, ඔයාගේ ගමට මොකද වුණේ?" අකීරා පුදුමයෙන් ඇසුවාය.
"ඒක දිග කතාවක් අකීරා. මම ඒක ඔයාට පස්සේ කියන්නම්..."
දඩෝං...! දඩෝං...!
එක්වරම ඇසුණු මහා ශබ්දයත් සමඟ අසල තිබූ දැවැන්ත වෘක්ෂයක් මුලින්ම ඉදිරි පොළොවට පතිත විය!
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.