ශෑන් මකර සටන්කරු - Episode - 02 ✨❤️

පරිච්ඡේදය 2 | Tharupathi | 32 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 02 ❤️✨


ඔවුන් එදින මා පසෙකට තල්ලු කර බේරා නොගත්තේ නම්, මට ද ඔවුන් සමඟම අවසන් ගමන් යාමට සිදුවනු නොඅනුමානය.


එහෙත් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා ඔවුන් මා බේරා ගත්තේය. 🛡️


​කුඩා කල සිටම මා සමඟ එකට හැදී වැඩුණු මාගේ එකම මිතුරන් දෙදෙනා එසේ මා වෙනුවෙන් දිවි පිදුවේ මාගේ දෑස් ඉදිරිපිටදීමය. 😭


එමෙන්ම කුඩා කල පටන් පියෙකු මෙන් මා හදා වඩා ගත් "ශාන්" නම් වූ මාගේ ගුරුතුමාණන් ද, මා මේ හිස් ලෝකය මත තනිකර දමා මිතුරන් සමඟම නික්ම ගියේය. 🕯️


​මිතුරන් බේරාගැනීමට මා දැරූ උත්සාහය අතරතුර, ගුරුතුමාණන්ට ද ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු විය. ඒ මොහොතේ මට පණ මෙන් ආදරය කළ ඒ සියල්ලෝම සදහටම මා අතහැර ගියහ. 💔


​එම රක්ත මකරා කෙරෙහි මා තුළ හටගත් කෝපය කෙතරම්ද යත්, මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. 🔥


මගේ මුළු හදවතම පිරී තිබුණේ ඒ මකරා විනාශ කිරීමේ රෞද්‍ර හැඟීමෙන් පමණි.


එහෙත් සුළඟ පරදන ඔහුගේ වේගය හමුවේ මකරාගේ ලේ බිඳක්වත් සෙලවීමට මට ශක්තියක් නොවීය. 🐉🔥


​ක්ෂණයකින් මකරා විසින් ගම්මානයේ තිබූ විශාල නිවසක් මා වෙතට දමා ගැසුවේය.


එයින් බේරීමට මට හැකි වුවද, මකරාගේ ඊළඟ භයානක පහර වූ වලිග පහරින් මාව විසි වී ගොස් ගම් කෙළවරින් ගලා බසින මහා ගංගාවට වැටුණි. 🌊🌀


​ඉන්පසු සිදු වූ කිසිවක් මගේ මතකයේ රැඳී නොතිබුණි. ටික වේලාවකට පසු මට යන්තමින් ඇසුණේ, "ගුරුතුමනි! මේ බලන්න, ගං ඉවුරේ පිරිමි ළමයෙක් වැටී සිටිනවා" යන හඬයි. 🗣️


​"ඉක්මන් කරන්න! අපි කොහොම හරි මේ ළමයාව ගොඩට ගමු," යැයි තවත් හඬක් පැවසීය.


​මගේ සිහිය එන විට මතකයේ තිබුණේ ඔබතුමන්ලා මා බේරාගැනීමට කතාබහ කළ ඒ මතකයන් කිහිපය පමණි. ✨

​"මට කළ මේ උදව්වට මම ඔබ සැමට බෙහෙවින් කෘතඥ වෙනවා.


මේ උපකාරයට මම ප්‍රතිඋපකාර කළ යුත්තේ කෙසේද?" මම විමසීමි. 🙏


​"එහෙනම් මෙහෙම කරන්න. අපේ නාස්ති වුණු කාලය වෙනුවෙන් අපට කාසි ලබා දෙන්න," මා බේරාගත් පිරිස අතර සිටි මහත තරුණයෙක් ඉතා කෝපයෙන් පැවසුවේය. 💰😡

​"ඔයාට පිස්සුද? මේ අසරණ ළමයාගෙන් කාසි ඉල්ලන්නෙ?" 🤨

​"බලන්නකෝ ගුරුතුමනි, මේ මෝඩ ආර්චිගෙ සිහිය විකල් වෙලාද කොහේද?" ඔවුන් අතර සිටි තරුණියක කියා සිටියාය. 🤦‍♀️


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.


බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!