ශෑන් මකර සටන්කරු - Episode - 21 ✨❤️
පරිච්ඡේදය 21 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 21 ✨❤️
අකීරා වූෂෙන් අසල වැටී හඬා වැලපුණද, තාංචි අධිරාජයා ඇයව බලහත්කාරයෙන් අශ්ව කරත්තයක පටවාගෙන ගම්මානය අල්ලා ගැනීමට පිටත් විය.
ඒ සමඟම ඔහු ශ්වාන් ඇතුළු සමුරායි සේනාව ද කැටුව ගම්මානය ආක්‍රමණය කළේය.
"ගම්වැසියනි, අහගන්න! මේ කතා කරන්නේ ඔබේ නව නායකයා වන තාංචි අධිරාජයායි. මෙතෙක් කල් නින්ජාවරුන්ගේ බොරු බස්වලට රැවටී සිටියා ඇති. මම ආවේ ඔබව මගේ රටවැසියන් ලෙස පිළිගන්නයි,"
තාංචි ගිගුම් දුන්නේය.
නමුත් ගම්වැසියන්ගේ පිළිතුර වූයේ දැඩි කෝපයයි.
ඔවුන් අතට හසු වූ ගල් කැට, ලී මුගුරු සහ වෙනත් දේවලින් තාංචි අධිරාජයාට පහර දීමට පටන් ගත්හ.
ජනතාව ඉදිරියේ පවුරක් මෙන් සිටගත් නින්ජා කණ්ඩායම තම උපරිමයෙන් සටන් කිරීමට සූදානම් වූහ.
"මිත්සුකී, ඔකින්ෂු... හොඳින් අහගන්න! අද අපේ ජීවිතවලට වඩා ගම්වැසියන්ගේ ජීවිත වටිනවා. ඔවුන්ව කොහොම හරි බේරගන්න ඕනේ,"
මාස්ටර් ශී අණ කළේය.
"එහෙමයි මාස්ටර්! අපි දිවි හිමියෙන් සටන් කරනවා," ඔකින්ෂු දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.
සටන ඇවිළී යද්දී අකීරා රහසින්ම අශ්ව කරත්තයෙන් පැන යාමට උත්සාහ කළාය. එය දුටු තාංචි අධිරාජයා මායා කඹයක් මවා ඇයව සිර කර දැමුවේය.
"ශ්වාන්! සියල්ලන්වම විනාශ කර දමන්න! එක් අයෙකුවත් ඉතිරි කරන්න එපා!" තාංචි ගර්ජනා කළේය.
ශ්වාන් මාරාවේශයෙන් සටනට පිවිසියේය. පෙරට වඩා දස ගුණයක ශක්තියකින් යුතුව සටන් කළ ඔහු, ඔකින්ෂුට සහ මිත්සුකීට ප්‍රබල පහරවල් එල්ල කළේය.
එම සටන අතරතුර ශ්වාන් එල්ල කළ එක් අනුකම්පා විරහිත පහරක් කුඩා දැරියකගේ වැදී ඇය සිහිසුන්ව ඇද වැටුණාය.
එයින් කෝපයට පත් ඔකින්ෂු ශ්වාන් සමඟ මුහුණට මුහුණ සටනකට පිවිසියේය.
නමුත් ශ්වාන්ගේ භයානක 'මකර පහරින්' ඔකින්ෂු ඈතට විසි වී ගියේය.
අවසානයේ ගම්වැසියන්ගේ එකම බලාපොරොත්තුව වූ මාස්ටර් ශී සටනට පිවිසියේය.
එහෙත් ශ්වාන්ගේ අද්භූත සටන් විලාසයට අභියෝග කිරීමට ඔහුට පවා නොහැකි විය. ශ්වාන්ගේ එකම මකර පහරකින් මාස්ටර් ශී දරුණු ලෙස තුවාල ලබා නිවසක බිත්තියක් ද කඩාගෙන විසි වී ගොස් සිහිසුන් විය.
ඔකින්ෂු සහ මිත්සුකී වහා මාස්ටර් ශී අසලට දිව ගියහ.
"අපි දැන් මොකද කරන්නේ මාස්ටර්? ශ්වාන් මුළු ගමම විනාශ කරලා දායි," ඔකින්ෂු ඇසුවේය.
"අපිට කරන්න දෙයක් නැහැ ඔකින්ෂු... ඔහු අපි හිතුවට වඩා බලවත්," මාස්ටර් ශී දුර්වල හඬින් පැවසීය.
"අනේ අපිට උදව් කරන්න! අපේ දරුවන්ව බේරගන්න!" ගම්වැසියන්ගේ මරහඬ හාත්පස පැතිර ගියේය.
සමුරායිවරු ගම්වැසියන්ව දම්වැල්වලින් සිර කරමින් සිටියහ.
"මාස්ටර්, අර බලන්න! ඔවුන් ගම්වැසියන්ව සිර කරනවා. අපි ගිහින් ඔවුන්ව බේරගමු!" ඔකින්ෂු නැවතත් සටනට යාමට සැරසුණේය.
"එපා ඔකින්ෂු... ඔවුන්ට මුහුණ දෙන්න තරම් ශක්තියක් දැන් අපිට නැහැ," මාස්ටර් ශී පැවසූ වදන්වලින් ඔකින්ෂුගේ සිත තුළ කෝපයක් පැන නැගුණි.
"මොනවාද මාස්ටර් මේ කියවන්නේ? ගම්වැසියන් වෙනුවෙන් දිවි පුදන්න කියපු ඒ මාස්ටර් ශී දැන් කෝ? එතන ඉන්නේ නිකම්ම මිනිස්සු නෙමෙයි... ඒ ඉන්නේ මගේ පවුලේ අය! මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්... ඒ හැමෝම මගේම අය! ඔබ නාවත් මම තනියම හරි ඔවුන්ව බේරගන්න යනවා!"
"මාත් ඔයා එක්ක එනවා ඔකින්ෂු!" මිත්සුකී ඉදිරිපත් වූවාය. "අපි කණ්ඩායමක් විදිහට සටන් කරමු!"
"අපිවත් දාලා යන්නද හදන්නේ? අපිත් එනවා!" ඒ හඬ ආර්චි සහ යුන්ෂිගේය.
"යුන්ෂි, ඔයාට මෙච්චර ඉක්මනට සුව වුණාද?"
"සුවයක් නැහැ... ඒත් ඔයාලා සටනෙන් පරාද වෙද්දී අපිට විවේක අරන් ඉන්න බැහැ!" යුන්ෂි පැවසුවාය.
එම නින්ජා වීරයන් හතර දෙනාම එකමුතුව මහා සටනකට අවතීර්ණ වූහ.
පාදය බිඳී තිබුණද, යුන්ෂි අසමසම ලෙස සටන් කරමින් සමුරායිවරුන්ගෙන් කුඩා දරුවන් රැසක් බේරා ගැනීමට සමත් වූවාය.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.