ශෑන් මකර සටන්කරු - Episode - 22 ✨❤️

පරිච්ඡේදය 22 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 22 ✨❤️


නින්ජාවරුන්ගේ හදිසි ප්‍රහාරය නිසා ශ්වාන් මඳක් දෙගිඩියාවට පත් වුවද, ඔහු තනිවම ඔවුන් සිව්දෙනා සමඟ සටනට පිවිසියේය. හතර දෙනෙකු එකවර පහර දුන්නද ශ්වාන්ට කුඩා සීරීමක්වත් කිරීමට ඔවුන්ට නොහැකි විය.


ශ්වාන්ගේ ඒ අසමසම ශක්තිය දුටු ගම්වැසියන්ගේ හදවත් තුළ මහා බියක් හටගත් අතර, නින්ජාවරුන්ගේ පරාජය ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුනුවිසුනු කළේය.


​"මේ නින්ජලා නිසා තමයි අපිට මෙහෙම වුණේ! මුන්ට බැරි නම් මොකටද අපිට උදව් කරන්න ආවේ?" සමහර ගම්වැසියන් නින්ජා කණ්ඩායමට දොස් පවරන්නට විය.


​එම වචන ඇසුණු මිත්සුකීගේ සිත දැඩි ලෙස කම්පාවට පත් විය. "මේ වගේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ටද අපි මේ තරම් උදව් කරන්නේ? අපෙන් ප්‍රයෝජනයක් තියෙනකම් හොඳට ඉඳලා, වැඩක් නැති වුණ ගමන් කුණු මාළු කෑල්ලක් වගේ විසි කරලා දානවා.

මට දැන් තේරෙනවා වූෂෙනුයි අකීරයි ගමෙන් ගිය එක කොච්චර හරිද කියලා."


​මිත්සුකී එසේ පවසද්දීම එතැනට කඩා වැදුණු සමුරායි සෙබළු නින්ජා කණ්ඩායම අල්ලා ගැටගසා, අකීරාව ද ඔවුන් සිටි තැනට ගෙනැවිත් දැමූහ.


​"අකීරා! වූෂෙන් කෝ? ඇයි ඔයා අඬන්නේ?" මිත්සුකී විමසුවේ බියෙනි.


​"තාංචි ඔහුව ගල් පිළිමයක් බවට පත් කළා මිත්සුකී... මම නිසයි වූෂෙන්ට එහෙම වුණේ," අකීරා හඬමින් පැවසුවාය.


​"දැන් ඒ ගැන හිතලා වැඩක් නැහැ අකීරා. මම හිතන්නේ නැහැ වූෂෙන්ව එච්චර ලේසියෙන් නතර කරන්න පුළුවන් වෙයි කියලා," මිත්සුකී පැවසූ වදන්වලින් අකීරාගේ සිතට මඳ බලාපොරොත්තුවක් ලැබුණි.


මඳ වේලාවකින් සිහිසුන්ව සිටි මාස්ටර් ශී ව ද කරත්තයටම ගෙනැවිත් දැමූ සමුරායිවරු, මුළු නින්ජා කණ්ඩායමම ගම්මානය මැද සිර කළහ.


​තාංචි අධිරාජයා නැවතත් ගම්මානය අමතා උජාරුවෙන් මෙසේ පැවසීය.


​"අද තමයි ඒ දවස! සමුරායි ඉතිහාසයේ අනාවැකියක් තියෙනවා... අද මනු ලොව අධිපති පොළොව කම්පා කරමින් ගුවනේ සිට පොළොවට පතිත වන බවට. ඒ වෙන කවුරුත් නෙමෙයි... ඒ මමයි! තාංචි අධිරාජයා!"


​අධිරාජයාගේ වචනත් සමඟම අහස ගොරවමින් රිදී වර්ණ අකුණු පොකුරු මැවෙමින් මුළු අහසම දීප්තිමත් විය.

​"මට ඒ බලය දැනෙනවා! මම මේ බලයෙන් කිසිම වැඩකට නැති නින්ජා ගමයි, මේ නින්ජලාවයි ලෝකයෙන්ම අතුගාලා දානවා. අකීරා... ඔයාටත් සුබ ගමන්!"


​තාංචි අධිරාජයා පොළොවෙන් අහසට නැඟී තම සියලු ශක්තිය යොදා දැවැන්ත ගිනි බෝලයක් නිර්මාණය කළේය.


අහසේ පැතිරී තිබූ අකුණු සැර නිසා එම ගිනි බෝලය තව තවත් ප්‍රබල විය.


ගම්වැසියන් පමණක් නොව, ශ්වාන් ඇතුළු සමුරායිවරුන් පවා බියෙන් වෙව්ලන්නට වූහ.

තාංචි අධිරාජයා එම මාරාන්තික ගිනි බෝලය වේගයෙන් ගම්මානය දෙසට එල්ල කළේය! මුළු ගම්මානයම අළු වී යාමට තත්පර කිහිපයක් තිබියදී, ගම්වැසියන් සහ නින්ජා කණ්ඩායම අන්දුන්කුන්දුන් කරමින් මහා අකුණු පොකුරු මැදින් කිසිවකු මතුවිය !



Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!