ශෑන් මකර සටන්කරු - Episode - 23 ✨❤️

පරිච්ඡේදය 23 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 23✨❤️


​ඒ වූෂෙන්ය!

​රත් පැහැ ගැන්වුණු දෑසින් යුතුව, අකුණු වේගයෙන් අහසේ සිට අකීරා ඉදිරිපිටට ඔහු පතිත විය.


අකීරාගේ සිතට අසීමිත සතුටක් දැනුණද, මාරාන්තික ගිනි බෝලය දෙස බලද්දී එම සතුට බියකට පෙරළුණි.


ඇය තවමත් මායා කඹයෙන් සිරවී සිටියාය.


​"වූෂෙන්! ඔය ගිනි පුළිඟුවලින් ඈතට යන්න! මේක නවත්තන්න වෙන ක්‍රමයක් ඇති," අකීරා මරහඬ තැබුවාය.


​"නෑ අකීරා, වෙන ක්‍රමයක් නැහැ. මම පොරොන්දු වුණ විදිහටම මේ අසරණ මිනිස්සුන්ව බේරගන්නවා,"

වූෂෙන් ඇය දෙස බලා මඳ සිනහවක් පෑවේය.


​ඔහු වහා හැරී ගම්මානය මැදින් ගලා යන දැවැන්ත ජල කඳ තම බලයෙන් ඉහළට එසවීය.


මකරෙකුගේ ස්වරූපයෙන් කුන්ෆු ලාංඡනයක් මවමින් වූෂෙන් එම ජල ප්‍රවාහය සමඟ ගිනි බෝලය දෙසට වේගයෙන් ඇදුණි.


නමුත් ඒ මහා ගිනි බෝලය ජලයෙන් නිවා දැමිය නොහැකි විය.


වූෂෙන් තම අවසන් ශක්තිය ඒකරාශී කර තම අත්ලෙන් ඒ මාරක ගිනි බෝලය වෙත මහා ප්‍රහාරයක් එල්ල කළේය.


​මුළු පරිසරයම දෙදරවමින් ගිනි බෝලය දහස් ගණනක් කැබලිවලට කුඩු වී ගියේය.


එම අංශු පොළොව මත පතිත වූයේ තාංචි අධිරාජයාගේ සියලු මායා බලයත්, ඔහුත් සහමුලින්ම විනාශ කරමිනි.

තාංචි මැවූ සියලුම සමුරායිවරුන් සහ ක්‍රෑර ශ්වාන් ද එක් ක්ෂණයකින් අළු වී දූවිල්ලට මිශ්‍ර වී ගියහ.


​අකීරාව සිර කර තිබූ මායා කඹය දියවී ගියේය. ඒ සමඟම ඇය පවා පුදුමයට පත් කරමින්, ඇයගේ අතේ තිබූ මායා වළල්ල ද දූවිලි බවට පත් විය.


ඒ වළල්ලෙන් සිර කර තිබූ අකීරාගේ සැබෑ මායා ශක්තිය නිදහස් වී මුළු ප්‍රදේශයම වෙලා ගත්තේය.


එය අකීරාට පවා පාලනය කරගත නොහැකි තරම් ප්‍රබල බලයකි.


​කඹයෙන් නිදහස් වූ වහාම අකීරා දිව ගියේ ගිනි බෝලයේ අංශු පතිත වූ ස්ථානයටයි.


​"වූෂෙන්... වූෂෙන්...! ඔයා කොහේද?"


​වූෂෙන් පෙනෙන්නට නොවූ තැන අකීරා නැවතත් ඔහු තමාට අහිමි වූ බව සිතා හඬන්නට වූවාය.


මිත්සුකී, ආර්චි, ඔකින්ෂු ඇතුළු නින්ජා කණ්ඩායමත්, සියලු ගම්වැසියනුත් එතැනට රැස් වූහ.

වූෂෙන්ගේ වීරත්වය දුටු ගම්වැසියන් පසුතැවිල්ලෙන් යුතුව දණින් වැටී හඬන්නට විය.


​"ඔහු තමන් කියපු දේ කළා. මුළු ගමම බේරගත්තා," අකීරා ගම්වැසියන් දෙස හැරී වේදනාවෙන් කෑගැසුවාය. "ඔයාලව කරදරේ දැම්මා කියලා ඔයාලා එයාට දොස් කිව්වා, ගමෙන් එළවගත්තා. ඒත් අද ඔයාලා හුස්ම ගන්නේ ඒ මනුස්සයා නිසයි!"


​ගම්වැසියෝ නිහඬව ඒ ගැරහිලි අසා සිටියහ.


"අකීරා... අපි වූෂෙන් වෙනුවෙන් ගම මැද විශාල ස්මාරකයක් හදමු," එක් තරුණයෙකු යෝජනා කළේය.


සියල්ලන්ම එයට එකඟ වී ඒ සඳහා සූදානම් වෙද්දී, එක්වරම අකීරාට පිටුපසින් අමුතුම හඬක් ඇසුණි.



Author : G.K.Tharupathi lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.




බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!