ශෑන් මකර සටන්කරු - Episode - 24 ✨❤️
පරිච්ඡේදය 24 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 24 ✨❤️
"එතකොට අකීරා... ස්මාරකය හදන්න මම මොනවාද ගේන්න ඕනේ?"
ඒ හුරුපුරුදු කටහඬ ඇසුණු සැණින් අකීරා තැතිගෙන පිටුපස හැරුණාය.
ඇය දුටුවේ සිරුර පුරා
තුවාල කැළැල් සහිතව, අපහසුවෙන් ඇවිදගෙන එන වූෂෙන්වයි.
අකීරා ප්‍රීතියෙන් ඉපිලී ඔහු වෙත දිව ගොස් ඔහුට වාරුවක් වූවාය.
"කොහොමද යාළුවනේ... ඔයාලට තුවාලයක් නැහැ නේද?" වූෂෙන් වෙහෙසකර හඬින් ඇසුවේය.
"අපිට ප්‍රශ්නයක් නැහැ වූෂෙන්, ඒත් ඔයාට ගොඩක් අමාරුද?" මිත්සුකී විමසුවාය.
"නැහැ මිත්සුකී... මේ වේදනාව තව ටිකකින් අඩුවෙයි."
එවිටම ආර්චි පුදුමයෙන් පැන පැවසුවේ, "එතකොට වූෂෙන්, ඔයාද ඒ කුන්ෆු මහා අධිරාජයා? ඇයි ඔයා ඒක කලින් අපිට කිව්වේ නැත්තේ?"
"මම ඒ ගැන දැනගෙන ඉන්න එපැයි ආර්චි ඔයාට කියන්න,"
වූෂෙන් හීන් සිනහවක් පෑවේය.
"ඒවා කතා කරන වෙලාවක් නෙමෙයි ආර්චි මේ! මරණය අද්දරටම ගිහින් බේරුණ කෙනෙක්ගෙන් ඔහොමද ප්‍රශ්න අහන්නේ?" අකීරා ආර්චිට බැනවැදී වූෂෙන්ව මූලස්ථානය දෙසට කැඳවාගෙන ගියාය.
වූෂෙන්ගේ තුවාල බෙහෙත් දමා සුව කළ නොහැකි තරම් බරපතල බව දුටු අකීරා, තමාට ලැබුණු අලුත් මායා බලය භාවිතා කිරීමට තීරණය කළාය.
ඇය තම දෑත් වූෂෙන් දෙසට යොමු කරද්දී විශාල නිල් පැහැති ආලෝකයක් විහිදී ගිය අතර, වූෂෙන්ගේ සිරුරේ තිබූ සියලුම තුවාල ක්ෂණයකින් සුව විය.
"අකීරා... ඔයා කොහොමද ඒක කළේ?" වූෂෙන් මවිත විය.
"ඒක මට ලැබුණු තෑග්ගක් වූෂෙන්.
ඔයා මගේ ජීවිතේ බේරගත්ත එකේ, මට බැරිද ඔයාගේ තුවාල සුව කරන්න?
ඒත් කියන්න... කොහොමද ඔයා ඒ ගල් ගැහෙන මායාවෙන් බේරිලා ආවේ?"
"ඒකට හේතුව ඔයාම තමයි අකීරා. ඔයා අඬද්දී මගේ ඇඟට වැටුණු ඒ කඳුළු බිඳුවලට පුළුවන් වුණා ඒ බලවත් මායාව පරාජය කරන්න," වූෂෙන් ආදරණීයව පැවසීය.
මඳ වේලාවකින් සුවය ලැබූ වූෂෙන් සහ අකීරා ගම්වැසියන්ට උදව් කිරීමට ගම මැදට ගියහ.
ගම්වැසියන් විනාශ වූ නිවාස පිළිසකර කරමින් ඉතා කාර්යබහුල වී සිටිනු දැකගත හැකි විය.
"ඇයි ඔයාලා මෙහේ ආවේ? ඔයාලා ගිහින් විවේක ගන්න ඕනේ. අපිට මේවා කරගන්න පුළුවන්," ගම්වැසියෙක් ගෞරවයෙන් පැවසීය.
"කමක් නැහැ, අපිත් උදව් කරන්නම්," වූෂෙන් පවසමින් මිතුරන් සමඟ සේවයට එක් විය.
එසේ වැඩ කරන අතරතුර, එක්වරම තරුණ පිරිමි ළමයෙකු ක්ලාන්ත වී බිම ඇද වැටෙනු ඔවුන් දුටුවේය.
වූෂෙන් වහා දිව ගොස් ඔහුව නැගිටුවා ගත් අතර, මිතුරන් ද එතැනට රැස් වූහ.
Author : G.K.Tharupathi lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.