ශෑන් මකර සටන්කරු - Episode - 25 ✨❤️
පරිච්ඡේදය 25 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 25 ✨❤️
අප සැවොම මවිතයට පත් කරමින්, බිම ඇද වැටී සිටි තරුණයාගේ මුහුණ විනාශ වී ගිය ශ්වාන්ගේ මුහුණට බොහෝ සෙයින් සමාන විය.
ආර්චි වහා වතුර ස්වල්පයක් ඔහුගේ මුහුණට ඉසීමත් සමඟ ඔහුට සිහිය පැමිණියේය.
"අනේ මට සමාවෙන්න... මම මේ කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙමෙයි.
ඒ සමුරායි මාස්ටර් (තාංචි) මට බල කළා. ඔහු තමයි මට මේ විශාල සමුරායි බලයන් සහ ආයුධ ලබා දුන්නේ.
මට ඔයාලා එක්ක කිසිම තරහක් නැහැ. අනේ මට කරදරයක් කරන්න එපා," ඔහු බැගෑපත් විය.
"හරි, අපි ඔයාට කරදරයක් කරන්නේ නැහැ. හැබැයි ඔයා අපේ පැත්තේ කියලා ඔප්පු කරන්න ඕනේ,"
ආර්චි දැඩිව පැවසුවේය.
"මම ඔයාලා කියන ඕනෑම දෙයක් කරන්නම්."
ඔහු තම වැරැද්ද වටහාගෙන, උපරිම ශක්තිය යොදමින් ගම්මානය යළි ගොඩනැගීමට උදව් කළේය.
රාත්‍රිය උදා විය.
මාස්ටර් ශී, ශ්වාන්ව ද මූලස්ථානයට රැගෙන යාමට අවසර දුන්නේය.
පසුදින උදෑසනම මාස්ටර් ශී, මා (වූෂෙන්), අකීරා සහ ශ්වාන්ව කැටුව ගම්මානයෙන් තරමක් ඈතින් පිහිටි පැරණි පන්සලක් වැනි ගුප්ත ස්ථානයකට ගියේය.
"මාස්ටර්, අපි මේ කොහේද යන්නේ?" මම ඇසුවෙමි.
"මේ පන්සලේ මගේ හොඳම යාළුවෙක් ඉන්නවා. මීට අවුරුදු හතකට කලින් ඔහු මේ සිදුවුණු සටන ගැන මට අනතුරු ඇඟෙව්වා. ඒත් මම එදා ඒක විශ්වාස කළේ නැහැ. ඔහු එදා කිව්වා, සටනට පස්සේ හතුරෙක් ඔයාලට එකතු වේවි කියලා. ඔහු පවසන ආකාරයට මහා බලැති කුන්ෆු අධිරාජයා සහ ඔහුගේ හොදම යෙහෙලිය සමඟ ඔහුව හමුවීමට පැමිණිය යුතුයි."
"මට එකක් වැඩි විශ්වාසයක් නෑ වූෂෙන්ගේ ඒ යෙහෙළිය අකීරාද නැත්නම් මිත්සුකීද?" මාස්ටර් ශී කුතුහලයෙන් පැවසුවේය.
"මට නම් විශ්වාසයි ඒ අකීරා කියලා."ශ්වාන් පැවසුවේ මහත් විශ්වාසයෙනි.
අපි පන්සල තුළට පිය නැගුවෙමු.
පන්සල ළඟට එන තෙක්ම ශ්වාන් අකීරා සමඟ සුහදව කතාබහ කරමින් පැමිණි අතර, මම එය එතරම් ගණනකට නොගත්තෙමි.
පන්සල තුළ සිටියේ මුහුණ වැසෙන පරිදි විශාල ලෝගුවක් පැළඳ සිටි තරුණ මිනිසෙකි.
"මාස්ටර් ශී, මම කිව්වා නේද මේ දේ සිද්ධ වෙනවා කියලා?" ගුප්ත මිනිසා හඬ අවදි කළේය.
"දැන් ඔය මකර අධිරාජයායි, අකීරා දුවයි, අනිත් කොල්ලයි මෙහාට එන්න. ඔයාලා හිතනවා ඇති තාංචි පරාද වුණ නිසා ප්‍රශ්න ඉවරයි කියලා? නැහැ... දැන් තමයි නියම සටන පටන් ගන්නේ!"
"ඇයි ඔබ එහෙම කියන්නේ? තාංචිට ආපහු එන්න පුළුවන්ද?"
මාස්ටර් ශී මවිතයෙන් ඇසුවේය.
"නැහැ, ඔහුට තනියම එන්න බැහැ. හැබැයි ඔහු වෙනුවෙන් 'නැවත කැඳවීමක්' කරන්න පුළුවන්."
"ඔබ මේ කියන්නේ 'ජීවිත හුවමාරුව ගැනද?" මාස්ටර් ශීගේ හඬ වෙව්ලන්නට විය.
"ඔව් ශී... ඒකත් කරන්න පුළුවන්.
ඒ වුණාට ඒ තරම් හිත හයිය අයෙක් තවම මේ පොළෝ තලයේ නැතුව ඇති."
අපට නොතේරෙන මේ අද්භූත කතාබහ මැද එක්වරම ශ්වාන් ඉදිරියට ආවේය.
"මාස්ටර්, මම ඒ ගැන අහලා තියෙනවා. ඒක අපිට කරන්න බැරි දෙයක්ද?"
එය ඇසූ ගුප්ත මිනිසා ගම්භීර ලෙස සිනාසෙන්නට විය.
"පොඩි ළමයෙක් ජීවිත
හුවමාරුව කරන්න? ළමයෝ, ඒක මේ ලේසියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි!"
Author : G.K.Tharupathi lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.