ශෑන් මකර සටන්කරු - Episode - 26 ✨❤️

පරිච්ඡේදය 26 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 26 ✨❤️


"ලෝකයේ බිහිවුණ විශිෂ්ටතම සටන්කරුවන්ට හෝ මායාකරුවන්ටවත් නිවැරදිව කරගන්න බැරි වුණ දෙයක් පොඩි ළමයෙක් කොහොමද කරන්නේ?


ඒක විශ්ව නීතියට පටහැනි දෙයක්," ගුප්ත මිනිසා ඉතා බරපතල හඬින් විස්තර කරන්නට විය.


​"ජීවිත හුවමාරුවක් කරන්න නම් අනිවාර්ය කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ.


ප්‍රධානම දේ වයස; අවුරුදු 20 සම්පූර්ණ වූ කෙනෙකුට මිස වෙනත් අයෙකුට එය කළ නොහැකියි.


එහිදී වෙන්නේ තමන්ගේ ආත්මය නැතහොත් 'ජීව අංශුව' තමන්ගේ ශරීරය නමැති හිස් අවකාශයෙන් බලහත්කාරයෙන් ඉරා ඉවත් කර වෙනත් ශරීරයක් තුළ තැන්පත් කිරීමයි."


​ඔහුගේ දෑස්වලින් බියකරු බවක් දිස් විය.


"එහිදී දැනෙන වේදනාව වචනවලින් කියන්න බැහැ.

ජපන් මායා පොත්වල සඳහන් වන පරිදි, මුවහත් කළ කිනිස්සකින් මනුෂ්‍යයෙකු පණපිටින් කුඩා කැබලිවලට ඉරා දමන විට දැනෙන වේදනාව මෙන් 12 ගුණයකට වැඩි වේදනාවක් ජීවිතය පූජා කරන තැනැත්තාට විඳින්නට වෙනවා."


​"එතකොට ජීවිතය ලබන කෙනාට කිසිම වේදනාවක් නැද්ද?"

ශ්වාන් ඇසුවේය.


​"නැහැ ශ්වාන්, ඔහුට සිද්ධ වෙන්නේ එකම එක දෙයයි.

ජීවිතය ලබන පුද්ගලයාට, තමන් වෙනුවෙන් ජීවිතය දුන් පුද්ගලයා පිළිබඳ සියලු මතකයන් සදහටම මැකී යනවා.

ඒ වගේම ජීවිතය දෙන කෙනාට නැවත කිසි දිනක මනුෂ්‍ය ආත්මයක උපදින්නට බැහැ.

ඔහු කාල රේඛාවේ අංශු අතර හිරවී, හත්වන මානයේ අජීවී වස්තුවක් බවට පත් වෙනවා."


​"මීට කලින් කවුරුත් මේක කරලා නැද්ද?"

මාස්ටර් ශී විමසුවේය.


​"එකම එක්කෙනෙක් ඒක අර්ධවශයෙන් කළා; ඒ හර්කියුලිස්.


ඔහුට ජීවිත හුවමාරුව සාර්තකව අවසන් කිරීමට නොහැකිවුවද

ඔහුගේ ඒ උදාර ගතිගුණය නිසාම දෙව්ලොව රන් පඩිපෙළ ඔහුට විවෘත වුණා.


ඔහු පවසා තිබුණේ තමා පස්වන මානය දක්වා ගිය බවත්, මනුෂ්‍යයෙකු කිසිදා එය නොදැක සිටිය යුතු බවත්ය."


​මද නිහඬතාවයකින් පසු ඔහු නැවතත් කතා කළේය.


"මම ඔයාලට එන්න කිව්වේ වෙනත් වැදගත් දෙයක් ගැන කියන්නයි. මෙවැනි විශාල බලයක් ඇති මායාකරුවන් විනාශ වී දින කිහිපයකට පසු, චීනයේ ශැන්චී නගරය නිවහන කරගත් 'රක්ත වර්ණ මකරා' අවදි වෙනවා. මීට පෙරත් ඔහු ශැන්චී නගරයත් එක්කම ගම්මාන හතක් විනාශ කළා. මේ පාර අපේ ගමටත් ඒ අනතුර තියෙනවා.


අපි පූජාවක් කරලා ගම වටා ආරක්ෂක වළල්ලක් හදමු.


එතකොට මකරාට අපේ ගම මඟහැර යන්න ඉඩක් තියෙනවා."


​ඔහු අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව මාස්ටර් ශීට ලබා දුන්නේය.


අප පිටව යාමට සැරසෙද්දී ඔහු මට පමණක් නතර වන ලෙස සංඥා කළේය.


අකීරා, ශ්වාන් සහ මාස්ටර් ශී පිටතට ගියහ.

නමුත් කපටි ශ්වාන්, මාස්ටර්ට රහසින් නැවතත් ගුහාව තුළට රිංගා ගත්තේ අපේ රහස අසා සිටීමටයි.

​"වූෂෙන්, මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා," ගුප්ත මිනිසා මගේ දෑස් දෙස බලා පැවසුවේය.


​"මොකක්ද ඒ?"

​"ඔයා අර මකරාව විනාශ කරන්න හිතන් ඉන්න අදහස අතහැරලා දාන්න.

ඔයා ඒක කළොත් මගේ දුවගේ ජීවිතය අනතුරේ වැටෙනවා."


​මම මවිත වීමි. "ඔයාගේ දුව? කවුද ඔයාගේ දුව?"


​ඔහු කිසිවක් නොපවසා, මුහුණ වසාගෙන සිටි විශාල කබාය සෙමින් ඉවත් කළේය.


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.

බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!