ශෑන් මකර සටන්කරු - Episode - 27 ✨❤️
පරිච්ඡේදය 27 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 27 ✨❤️
ඔහු තවමත් තරුණ පිරිමියෙකි.
ඔහුගේ දෑස් සහ
මුවෙහි හැඩය අකීරාගේ මුහුණට බොහෝ සෙයින් සමාන විය.
මම තුෂ්නිම්භූතව බලා සිටියෙමි.
"මගේ දුව තමයි අකීරා..." ඔහු මෘදු හඬින් පැවසුවේය.
"මොකක්? ඒක වෙන්න බැහැ! තාංචි ඔයාව විනාශ කළා නේද?" මම ඇසුවෙමි.
"ඔව්, ඒත් මට නැවත ජීවිතය ලබාගන්න ඕනෑ තරම් ක්‍රම තිබුණා වූෂෙන්."
"ඉතින් ඇයි ඔයා අකීරාට මේ ගැන කියන්නේ නැත්තේ? ඇය මේ ගැන දැනගත්තොත් ගොඩක් සතුටු වෙයි.
ඉන්න... මම ගිහින් ඇයව එක්කන් එන්නම්,"
මම උද්යෝගයෙන් හැරුණෙමි.
"එපා වූෂෙන්! මට තවම ඒකට ශක්තියක් නැහැ. ඔයත් මේක රහසක් විදිහට තියාගන්න ඕනේ."
"ඇයි ඔයා එහෙම කියන්නේ?"
"වූෂෙන්, මම මෙච්චර කාලයක් ඇය ළඟට ගියේ නැහැ. ඇය මාව දැක්කොත් ගොඩක් දුක් වෙයි. මට තව කාලය ඕනේ,"
ඔහුගේ දෑස්වල තිබුණේ වරදකාරී හැඟීමකි.
මම ඔහුගේ ඉල්ලීමට එකඟ වී රහස රැකීමට පොරොන්දු වුණෙමි.
මම ගුහාවෙන් පිටතට එන විට, රහසින් අප දෙස බලා සිටි ශ්වාන් වහා දිව ගොස් මාස්ටර් සහ අකීරා සමඟ එකතු විය.
"ඔයාලා පූජාවට ඕනෑ දේවල් සේරම හොයාගත්තද?"
මම සාමාන්‍ය පරිදි ඇසුවෙමි.
"ඔව් වූෂෙන්, බොහෝමයක් දේවල් හරි. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලා හොයාගෙන එන්න, මම පූජකතුමාව හමුවෙලා එන්නම්,"
මාස්ටර් ශී පැවසීය.
අප ඉතිරි ද්‍රව්‍ය සොයා වනාන්තරය පීරූ අතර, සියල්ල අවසන් කර රහස් මූලස්ථානයට එන විට හිරු බැස ගොස් අන්ධකාරය හාත්පස පැතිර තිබුණි.
"ඔයාලා ඉක්මනට නිදාගන්න, හෙට ගොඩක් වැඩ තියෙනවා.
හෙට අපේ ගමේ ලොකු පූජාවක් තියෙනවා,"
මාස්ටර් අපට උපදෙස් දුන්නේය.
සියල්ලන්ම නින්දට ගියද, මට නිදිමතක් නොවීය.
මම මුළු රාත්‍රියම කල්පනා කළේ මකරා විනාශ කර මගේ මියගිය මිතුරන් වෙනුවෙන් පලියගන්නා ආකාරයයි.
එසැනින් කවුරුන් හෝ අවදි වී මූලස්ථානයෙන් පිටතට යන අයුරු මම දුටුවෙමි.
මම ඒ පසුපස සෙමින් ගියෙමි. ඒ අකීරාය. ඇය ගංගාව දෙස බලා හුදෙකලාව සිටියාය.
"අකීරා... ඇයි ඔයා නැගිටලා?" මම ඇය අසලින් වාඩි වුණෙමි.
"මම මගේ දෙමව්පියන්ව හීනෙන් දුටුවා වූෂෙන්. ඔයා ඇයි මේ වෙලාවේ නැගිටලා?"
"මගේ යාළුවන්ව මතක් වුණා අකීරා. ඔවුන්ව දකින්න තිබුණා නම්..." මම සුසුමක් හෙළුවෙමි.
"ඔව් වූෂෙන්, මටත් හිතෙන්නේ ඒකමයි.
ඒත් මොනවා කරන්නද?
ඒක කවදාවත් වෙන්නේ නැහැනේ,"
අකීරා කඳුළු සලමින් පැවසුවාය.
ඇයගේ පියා අසලම සිටින බව දැන දැනත් එය සඟවාගෙන සිටීම මට මහත් බරක් විය.
"ඔයාට ඔවුන්ව හම්බවෙයි අකීරා. මට ඒක විශ්වාසයි."
"මාත් එහෙම හිතනවා වූෂෙන්. ඒක නෙමෙයි, ඔයාගේ යාළුවෝ නැතිවුණ විදිහ ඔයා මට තවම කිව්වේ නැහැනේ?"
මම එදා සිදු වූ සියලු දේ ඇයට පැවසීමි…..
"ඒ පූජකයා කියපු රක්ත මකරා ඇත්තක් අකීරා. මම තනිවම හරි ගිහින් ඒ මකරාව මරලා දානවා."
"ඇයි තනිවම? ඔයාගේ හොඳම යෙහෙළියත් එනවා ඔයා එක්ක ඒ මකරාව විනාශ කරන්න!"
අකීරා ස්ථිර හඬින් පැවසුවාය.
"ඒ වචනයම මට ඇති අකීරා. ඒත් ඔයා දෙමව්පියන් එක්ක සතුටින් ඉන්න ඕනේ කෙනෙක්. මාත් එක්ක ආවොත් ඔයාගේ ජීවිතය අනතුරේ වැටෙන්න පුළුවන්."
"එහෙම නැහැ වූෂෙන්, මම කොහොමත් එනවා.”
“මම හෙට මකරා එක්ක සටනට ගියොත් ඔයා එනවද මා එක්ක.”
“ඔව් වූශෙන් මම අනිවාරෙන් එනවා. හැබැයි දැන්නම් ගොඩක් රෑවෙලා.මම යනවා නිදා ගන්න වූශෙන්.
ඔයත් ගිහින් නිදාගන්න.”
අපි නැවත් මූලස්තානය තුළට ඇවිද ගියෙමු.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.