ශෑන් මකර සටන්කරු - Episode - 28 ✨❤️
පරිච්ඡේදය 28 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - Episode - 28✨❤️
ඊළඟ දිනය උදා වූයේ අමුතුම අඳුරු ස්වභාවයක් පරිසරයට එක් කරමිනි.
මුළු ලෝකයම මහා ශෝකයකින් පසුවන්නාක් මෙන් ගස්වල කොළ පැහැති පත්‍ර කහ පැහැයට හැරී තිබුණි.
ගංගා දිගේ ගලා යන ඒ කහ පත්‍ර නිසා මුළු දිය දහරම රන්වන් පැහැයෙන් දිලිසුණි.
තද සුළඟක් වනාන්තරය පීරාගෙන හමා ගියේ ඉදිරියේදී සිදුවන්නට යන මහා විනාශයක පෙරනිමිති පවසන්නාක් මෙනි.
"අද හරිම අමුතු දවසක් නේද මාස්ටර්?" අකීරා මඳ බියකින් ඇසුවාය.
"ඔව් අකීරා, අද දවස හරිම වෙනස්. ඉක්මනට යමු, පූජාවට අවශ්‍ය දේවල් අරගෙන ගමට යමු," මාස්ටර් ශී පැවසීය.
ආර්චි උද්යෝගයෙන් ගම දෙසට දිව ගිය අතර, වූෂෙන්, ඔකින්ෂු සහ මිත්සුකී ද තරඟයට මෙන් ඔහු පසුපස දිව ගියහ.
තුවාල ලබා සිටි යුන්ෂි සෙමෙන් ඇවිද ආ අතර, අකීරා සහ ශ්වාන් ඇයට වාරු වෙමින් පසුපසින් පැමිණියහ.
ගම්මානයේදී පූජාව ආරම්භ විය.
පූජකතුමා ඉතා වේගයෙන් බලගතු මන්ත්‍ර ජප කිරීමට පටන් ගත්තේය.
"මාස්ටර්, දැන් මේ හැදෙන ආරක්ෂක වළල්ල හරහා අපිට එළියට යන්න එන්න බැරිද?" අකීරා විමසුවාය.
"පිස්සුද අකීරා, එහෙම බැහැ. මේ ආරක්ෂක වළල්ල සම්පූර්ණ වුණාම මාසයක් යනකම් කිසිම කෙනෙකුට ඇතුළට එන්නවත්, පිටතට යන්නවත් බැහැ."
එය ඇසූ වහාම මම තිගැස්සුණෙමි.
"අකීරා... එහෙම වුණොත් මට මකරාගෙන් පලිය ගන්න ලැබෙන්නේ නැහැ. මම දැන්ම මේ සීමාවෙන් එහාට යන්න ඕනේ. මම යනවා අකීරා!"
"ඉන්න වූෂෙන්, මාත් එනවා!" අකීරා ද මා සමඟ දිව ආවාය.
පූජකයා අපව නැවැත්වීමට මෙන් මන්ත්‍ර ජප කිරීම තවත් වේගවත් කළේය.
ආර්චි, මිත්සුකී සහ
යුන්ෂි අපට කතා කිරීමට උත්සාහ කළහ.මා ඔවුන්ට මකරා පරාජය කිරීමට යන බවත් මාසමග පැමිණෙන ලෙසත් පැවසුවද ඔවුන් මා සමඟ නොපැමිණි නිසා අපි ඉක්මනින් ඉදිරියට දිව ගියෙමු.
අප ආරක්ෂිත සීමාව පසු කළෙමු.
අප පසුපස දිව ආවේ ශ්වාන් පමණි. අප සීමාව පසු කළ සැණින් මහා බලගතු මායා ආවරණය ගම්මානය වටා නිර්මාණය විය.
"ශ්වාන්, ඇයි ඔයා ආවේ?" මම ඇසුවෙමි.
"මකරව මරන්න," ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේය.
අපි තිදෙනා මකරා හමුවන තුරු චීනය දෙසට ගමන් ඇරඹුවෙමු.
මම ඉදිරියෙන් ගමන් කරද්දී ශ්වාන් සෙමින් අකීරා අසලට වී රහසින් කතා කරන්නට විය.
"අකීරා, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. වූෂෙන් කියන්නේ ඔයා හිතන විදිහේ කෙනෙක් නෙමෙයි.
එයාට තියෙන්නේ ගල් හිතක්. එයා ඔයාව පාවිච්චි කරන්නේ ඇමක් විදිහට විතරයි,"
ශ්වාන් විසකුරු ලෙස පැවසීය.
"ඇයි ඔයා එහෙම කියන්නේ?" අකීරා දෙගිඩියාවෙන් ඇසුවාය.
"එහෙනම් ඇයි එයා ඔයා පණටත් වඩා ආදරය කරන ඔයාගේ දෙමාපියන්ව හම්බවෙලාත් ඔයාට නොකියා සැඟෙව්වේ? අර පූජකතුමා තමයි ඔයාගේ පියා! වූෂෙන් ඒක දැනගෙන හිටියා. ඒත් එයා ඔයාව එයාගෙන් ඈත් කළා."
අකීරාගේ සිත මහා වේදනාවකින් පිරී ගියේය. වූෂෙන් එදා රාත්‍රියේ "ඔයාට දෙමාපියන්ව හම්බවෙයි" යැයි පැවසූ වචන ඇයට සිහි විය.
'ඔහු මාව රැවට්ටුවා... මගේ හිත හොඳකමින් ප්‍රයෝජන ගත්තා!' ඇය සිතුවාය.
කෝපයත් දුකත්
පාලනය කරගත නොහැකි වූ අකීරා, වූෂෙන්ට නතර වන ලෙස කෑගැසුවාය.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.