ශෑන් මකර සටන්කරු -(අවසන් දිගහැරුම 🥹) Final Episode - 29 ✨❤️
පරිච්ඡේදය 29 | Tharupathi | 17 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු -(අවසන් දිගහැරුම 🥹) Final Episode - 29 ✨❤️
"වුෂේන්! තමුන් මෙච්චර පහත් කෙනෙක් කියලා මම හිතුවේ නැහැ!" අකීරා කෝපයෙන් කෑගැසුවාය.
"මොනවාද අකීරා මේ කියන්නේ?" මම මවිතයෙන් ඇසුවෙමි.
"මට ඇත්ත කියන්න! අර පූජකයා මගේ පියා කියලා ඔයා කලින්ම දැනගෙන හිටියා නේද?"
ඇය ඇසුවේ කඳුළු පිරුණු දෑසිනි.
ශ්වාන්ගේ කපටි සිනහව දුටු මට සිදුව ඇති දේ වැටහුණි.
"ඔව් අකීරා, මම දැනගෙන හිටියා.
ඒත් මම ඒක රහසක් කළේ ඔයාගේම ආරක්ෂාව වෙනුවෙන්..."
එක් වරම විශාල සුළං පහරක්.....!
මගේ වචන සම්පූර්ණ කිරීමට පෙර, අහස දෙදරුම් කවමින් රක්ත මකරා අප ඉදිරියට පතිත විය.
මකරාගේ පියාපත් පහරින් අකීරා සහ ශ්වාන් දෙපසට විසි වී ගියහ.
රක්ත මකරා ගිනි ජාලා විහිදුවමින් මා දෙසට පැමිණියේ
මාරාවේශයෙනි.
මම ඉතා අපහසුවෙන් එම ප්‍රහාරවලින් බේරුණෙමි.
අකීරා නැවතත් නැගිට තම අසිපතින් මකරාගේ පාදයට පහර දුන්නාය.
කෝපයට පත් මකරා එල්ල කළ මාරක පහරින් අකීරා මහා ඕක් ගසක් ද පසාරු කරගෙන ගොස් වැටුණාය.
එය දුටු මගේ සිත තුළ තිබූ කුන්ෆු බලය ප්‍රබල ලෙස අවදි විය.
මම අතිදැවැන්ත, කළු පැහැති මකරෙකු බවට පරිවර්තනය වූවෙමි. මගේ ගර්ජනයට ශුන්චි නගරයේ ආරක්ෂක වළලු පවා බිඳී ගියේය.
වනාන්තරයම විනාශ කරමින් සිදු වූ ඒ මහා මකර සටන අවසානයේ, මම රක්ත මකරාගේ බෙල්ලෙන් අල්ලා දෙකට ඉරාදමා මකරාව පරාජය කළෙමි.
මකරාගේ සිරුර මල්පෙති බවට පත් වී විසිරී ගිය අතර, ඒ තුළින් ඉතාම සුරූපී කාන්තාවක් මතු විය.
නැවත සාමාන්‍ය මිනිසෙකු වූ මම, සිහිසුන්ව සිටි අකීරා අසලට දිව ගියෙමි.
ඇගේ සිරුර බොහෝ තුවාල වී තිබුණි.
"ඇය දැන් අපි අතර නැහැ වූෂෙන්... ඇය ඔයාගේ පැරණි යාළුවෝ ළඟටම ගියා,"
මතුවූ කාන්තාව වේදනාවෙන් පැවසුවාය.
"එහෙම වෙන්න බැහැ!" අකීරාගේ සිරුර වැළඳගෙන මම හඬන්නට වීමි.
"මේ හැමදේම වුණේ මම නිසයි. මම මේ මකරා මරන්න ආවේ නැත්නම් ඇය අද ජීවතුන් අතර..."
"නැහැ වූෂෙන්, දෛවය අපිට වෙනස් කරන්න බැහැ.ඔයාට ඔයාගෙ හොදම යෙහෙලිය වගේම මගේ එකම දුව මට අද නැති වුනා."
“ඔයාගෙ දුව..අකීරා ඔයාගෙ දුවද?”මා විමතියෙන් ඇසීය.
“ඔව් වූශෙන් අපිට ආපහු ඇයව කෙදිනකවත් මේ ලෝකයේ දකින්න ලැබෙන්නේ නෑ”.අකීරාගේ මව කදුලු වලුන් බරවූ හඩකින් පැවසුවා.
"පුළුවන්! ඒකට එක ක්‍රමයක් තියෙනවා,"
මම අධිෂ්ඨානයෙන් පැවසුවෙමි.
මම අකීරාව දෑතින් ඔසවාගෙන ගංගාව අසලට ගියෙමි.
මා ලග තිබූ වටිනා එකම කඩුව අකීරාලග තබා මා පසුපසට පැමිණියා.
මම අහසට නැග ඒ බිහිසුණු 'ජීවිත හුවමාරුව' ආරම්භ කළෙමි. මගේ ශරීරය කුඩා අංශුවලට කැඩී වෙන් වන්නට විය.
දරාගත නොහැකි වේදනාවක් මා වෙලා ගත්තද, මම අකීරාගේ මුහුණ දෙස බලා සිනාසුණෙමි.
මේ මොහොතේම විශ්වයේ බලවත්ම ගුප්ත වෙලාව වන ගොම්මන් යාමය පැමින තිබුණි.
ඒ නිසා අකීරාට සහ මාහට අවසන් වචන කිහිපය කතා කිරීමට සොබාදහමද එක අවස්ථාවක් ලබාදී ඇති බව මාහට හැඟුණි.
"අකීරා... අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වෙන්න." ඒ මොහොතේම ගොම්මන් යාමය නිමා විය.
මගේ සම්පූර්ණ ජීවය අකීරා තුළට ඇතුළු වෙද්දී, ඇසිපිය ගසන නිමේෂයකින් මුළු ලෝකයටම 'වූෂෙන්' කවුදැයි අමතක විය.
අකීරාට සිහිය පැමිණි අතර ඇය තම මව දැක බොහොම සතුටට පත් වී ඒ සතුටින්ම ඇය ලඟ තිබූ රතුපැහැති කඩුවද රැගෙන බොහොම සතුටින් ගම්මානය බලා පිටත් විය.🥹
අකීරාගේ සිතේ හෝ ගම්වැසියන්ගේ සිතේ වූෂෙන් ගැන කිසිදු මතකයක් ඉතිරි නොවීය.
නැවත කිසි දිනක, කිසිවෙකුට වූෂෙන්ව සිහිපත් නොවනු ඇත. නමුත් අපගේ සිත් තුළ ඔහු සදාකාලික වීරයෙකු ලෙස අමරණීය වනු ඇත.❤️
නිමි……..!
Author : G.K.Tharupathi Lankesh
කතාව ගැන හිතුන ඇත්තම හැගීම කියාගෙන යන්න අමතක කරන්න එපා.🥹🥰❤️