ශෑන් මකර සටන්කරු - Episode - 03 ✨❤️

පරිච්ඡේදය 3 | Tharupathi | 3 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු Episode - 03✨❤️


​"එසේ පවසන්න එපා. එයාට බනින්නත් එපා.

මා අතින්නෙ වැරැද්ද සිදුවූයේ." මා මෙසේ පවසමින්, මා ළඟ තිබූ, පියා ලබා දුන් එකම මතක සටහන වන වටිනා පැරණි කාසි කිහිපයක් ඇය අත තැබුවෙමි.


​"අනේ මට සමාවෙන්න.

මේ වෙලාවේ මගේ ළඟ තවත් කාසි නෑ.

මේ තියෙන්නේ මගේ පියාණන් අතුරුදහන් වීමට පෙර මා හට ලබා දුන් අවසාන කාසි කිහිපය."


​"මම දන්නවා, ඔයාලට මේ කාසිවලට වඩා පාඩුවක් සිදුවූ බව. මම ඒකට ඔයාලට කුමක්ද කරන්න ඕනි?"


​ඒ මොහොතේම මා හට ඇසුනා, කුඩා ළමුන් දෙදෙනෙකු භීතියෙන් කෑ ගසන හඬක්. මා ඉක්මනින් මේ පිළිබඳව මා ඉදිරි පිට සිටි ඔව්න්ට පැවසුවෙමි.


​"එපා. අපිට ඔයාගේ කාසි එපා." අර ගැහැනු ළමයා පැවසුවද, මේ වෙලාවේදීම, "ශූ... ශූ... ඔයාට ඇසුණාද? පොඩි ළමයි දෙදෙනෙකු කරදරයක!"


​"මොකක්ද? කෝ අපිට ඇහෙන්නෙ නෑනේ?" ආච්චි පැවසුවේ, මා සමග ඇති කෝපයද වචනවලට පෙරළමිනි.


​ඒ මොහොතේ මා ඉක්මනින්ම ශබ්දය පැමිණෙන දිශාවට දිව ගියේය.


​මට පිටුපසින්, මා මරණයෙන් ගලවාගත් පිරිසද දිව ආවේය.


​"අනේ! අපිව බේරගන්න! අනේ! මට බයයි!"

​විශාල ව්‍යාඝ්‍රයෙකු, කුඩා දරුවන් දෙදෙනෙකු දඩයම් කරන්නට සූදානම් වන ආකාරය මාගේ නෙත ගැටුණේය.


එය මාගේ මතකයට ගෙන ආවේ, පෙරදා ගම්මානයේ කුඩා දරුවන් මේ අන්දමටම කෑ ගසමින් ගම වටේම දුවමින් සැඟවුණු ආකාරයයි.


​"ඔයාලා බය වෙන්න එපා! මම ඔයාලව කොහොම හරි බේරගන්නවා!" මම ඔවුන් අසලට දිව ගියෙමි.


මා දිව එනු දුටු ව්‍යාඝ්‍රයා මට පෙර ක්‍රියාත්මක විය. ව්‍යාඝ්‍රයා දරුවන් දෙසට කෑ ගසමින් පැන්නේය.


​එය දුටු වහාම මා ඉතා වේගයෙන්, දරුවන් දෙදෙනා දෑත්වලින් අල්ලාගෙන ව්‍යාඝ්‍රයාගෙන් පසෙකට පැන ගත්තේය. ව්‍යාඝ්‍රයා දිව ආ වේගය නිසාම ළඟ තිබූ ගඟට වැටුණි.


ව්‍යාඝ්‍රයා පිහිනා ගැනීමට නොහැකිව, ගංගාවේ විශාල ජල ධාරාවලට පරාජය වෙමින්, දිය ඇල්ල දෙසට ගලා යාමට පටන් ගත්තේය.


​ක්ෂණිකව ක්‍රියාත්මක වූ මා, එතන තිබූ විශාල වැල් ශාකයක් මගින් ව්‍යාඝ්‍රයාව අල්ලා ගත්තේය.


නමුත් ගංගාවේ දිය පහරවල් බොහෝ සෙයින් සැරව තිබූ නිසා, මා හට ව්‍යාඝ්‍රයාව තනිවම ගොඩබිමට ඇද ගැනීම නොහැකි විය.


ව්‍යාඝ්‍රයාගේ ශරීරයේ පැටළුණු කොට කැබැල්ලක් නිසා, එක් වරම මාද ගංගාවට විසිවීමට ගියේය. ✨


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.

බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!