ශෑන් මකර සටන්කරු - Episode - 04 ✨❤️
පරිච්ඡේදය 4 | Tharupathi | 2 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - 04 ❤️✨
එක් වරම එතැනට පැමිණි ආර්චී සහ ඔහු ඇතුළු පිරිස, කඹය ඉතාම වෑයමින් ගොඩබිම දෙසට අදිමින්, මාගේ මෙන්ම ව්‍යාඝ්‍රයාගේ ජීවිතයද බේරා ගැනීමට සමත් විය.
ව්‍යාඝ්‍රයාව කැලයටම එළවා දැමූ පසු, ඔවුන් මට මෙසේ පැවසූහ.
"ළමයා, ඔයාට බොහොම ස්තුතියි! ඔයා මේ ව්‍යාඝ්‍රයාගෙන් ගලවාගත්තේ මාගේ දරුවන් දෙදෙනායි. ඔබට බොහොම ස්තුතියි!"
"ස්තුති අවශ්‍ය නැහැ. ඔබතුමා මාව ගොඩට නොගත්තේ නම්, මාද මේ ව්‍යාඝ්‍රයා මෙන්ම දිය ඇල්ලෙන් වැටී මිය යාමට තිබුණා."
"ළමයා, ඔයාට දැන් යන්න තැනක් තිබෙනවාද?"
"ඔව් මම ආපහු මගේ ගමට යනවා"
“ගමට?
ඒගම විනාශවෙලානෙ ලමයා”
"එතකොට මම” මා හට පැවසීමට කිසිවක් සිතා ගැනීමට නොහැකිවිය.
"එහෙනම් ඔය ළමයා කැමති නම්, අපිත් එක්ක ජපානයට යන්න එන්න.
අපි මේ බෙහෙත් පැළෑටි වගයක් හොයාගන්න චීනෙට ආවේ. ළමයා කැමතිද අපිත් එක්ක එන්න?"
"ඇත්තටම මම කැමතියි. ඔබතුමන්ලාට කරදරයක් නැත්නම් පමණක් මා එන්නම්."
"අපිට මොන කරදරයක්ද? එහෙනම් ඔයා අපිත් එක්ක යමු."
"මට අහන්නත් බැරිවුණා, මොකක්ද ඔය ළමයගෙ නම?"
"මගේ නම වූශෙන්... වූශෙන් ලියන්."
"හඳුනාගැනීම සතුටක්."
"ඔබතුමාවත් මට හඳුන්වා දෙන්න පුළුවන්ද?"
"මගේ නම ෂී මින්. එතකොට මේ ඉන්නේ මිත්සුකී. මේ ආර්චි. මේ ඉන්නේ ඔකින්ෂු; එයා නම් වැඩි කතාබහක් නැති පිරිමි ළමයෙක්. එතකොට ඔයා මේ බේරගත්තේ මගේ පොඩි දඟකාරයයි, දඟකාරියයි. අන්ශයි, අන්ශියි. මෙයාලා නම් හරිම දඟකාරයෝ."
ඔහු එසේ පවසා මඳක් නැවතුණේය.
"හරි එහෙනම්, අපි දැන් යන්න පටන් ගමු. ජපානයට තව ගොඩක් දුර යන්න තියෙනවා."
"හරි ෂී මින් මහත්මයා, අපි යමු."
මම මගේ අලුත් මිතුරන් සමඟ ජපානය බලා යන ගමන ආරම්භ කළෙමි. ගමන අතරතුර ෂී මින් මහතා ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කළේය.
"අයියෝ... ඔයාලා හරි හිමීටනේ ඇවිදින්නේ. මං වගේ ඉක්මනට අඩිය තියලා එන්නකෝ."
"මාස්ටර් ෂී කිව්වට අපි එන්නේ අපිට පුළුවන් තරම් ඉක්මනටනේ..." ආර්චි පැවසුවේය.
ආර්චි ඔහුට 'මාස්ටර්' ලෙස ඇමතීම මගේ සිත තුළ ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කළේය. එබැවින් මම ඒ පිළිබඳව මිත්සුකීගෙන් විමසුවෙමි.
"මිත්සුකී, ඇයි ඔයාලා එයාට මාස්ටර් ෂී කියන්නේ?"
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.