ශෑන් මකර සටන්කරු - Episode - 05 ✨❤️

පරිච්ඡේදය 5 | Tharupathi | 2 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 05 ✨❤️


​අපි ඔයාට නොකීවාට අපි හැමෝම නින්ජා සටන්කරුවන්.


අපේ ගුරුතුමා තමයි "මාස්ටර් ශී". එයා තමයි ජපානයේ ඉන්න දක්ෂතම නින්ජා සටන්කරුවා.


මේ ළඟදී දවසක මාස්ටර් ශීගේ මෑණියන් මියගියා.

ඇය ජීවත් වුණේ චීන අධිරාජ්‍යයේ නිසා තමයි අපි හැමෝම චීනයට ආවේ.


​මාස්ටර් සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට ලේසියෙන් කැමති වෙන්නේ නැහැ.

ඒ වුණාට අද අපි හැමෝම පුදුම කරමින් මාස්ටර් ඔයාව ගෙදර එක්කගෙන යනවා.


වූෂෙන්, ඔයා නම් ඇත්තටම හරිම වාසනාවන්තයි.

මට මාස්ටර්ගේ හිත දිනාගන්න අවුරුදු හතක්ම ගියා.


​"අවුරුදු හතක්? ඒ කියන්නේ ඔයා අවුරුදු හතක් තිස්සේ සටන් පුහුණු වුණ සම්පූර්ණ නින්ජා කෙනෙක්ද?" මම පුදුමයෙන් ඇසුවෙමි.

"නැහැ, ඇත්තටම මම ජීවත් වුණේ මාස්ටර් හිටපු ගම්මානයේමයි. මට අවුරුදු දහයේදී මගේ දෙමව්පියන්ව සමුරායිවරුන් අතින් මියගියා. එදා ඉඳන් මම හිතාගත්තා මගේ දෙමව්පියන්ව මරපු ඒ සමුරායිවරුන්ට නම් යහතින් ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසයි මම නින්ජා කෙනෙක් වෙන්න හිතාගෙන මාස්ටර් ළඟට ගියේ."


හැබැයි මාස්ටර් ඒකට මුලින් අකමැති වුණා. "ඔයා තාම පොඩි ළමයෙක්, නින්ජා කෙනෙක් වෙන්න තව කල් තියෙනවා" කියලා මාස්ටර් මට කිව්වා.


ඒත් මම අත්හැරියේ නැහැ.

මාස්ටර් පුහුණුවීම් කරන දෙස බලාගෙන ඉඳලා අවුරුදු දහයේ ඉඳන්ම මම සටන් කලාව හැදෑරුවා.

දවසක් මම හොරෙන් බලන් ඉන්නවා මාස්ටර්ට අහුවුණා.

එදා ඉඳන් තමයි මාස්ටර් මාව එයාගේ පළවෙනි ගෝලයා විදිහට බාරගත්තේ.


ඒ සිද්ධියෙන් පස්සේ තමයි, පොඩි ළමයින්ට නින්ජා කෙනෙක් වෙන්න බැහැ කියන මෝඩ අදහස මාස්ටර් අතහැරගත්තේ. ඊටපස්සේ ගමේ අසරණ වෙලා හිටපු තවත් ළමයි හතර දෙනෙක්ව මාස්ටර් අපේ නින්ජා පාසලට ඇතුළත් කරගත්තා.


"අන්න අර ඉන්නේ ඒ හතරදෙනා තමයි. දැන් ඔයා තමයි අපේ පස්වෙනියා," ඇය සතුටින් පැවසුවාය.


​"ඇයි නින්ජාලා සමුරායිලා එක්ක ඔච්චර තරහ?" මම ඇසුවෙමි.


​"ඒක නම් මාත් හරියටම දන්නේ නැහැ වූෂෙන්." මින්සුකී ගම්මානයේ සිදු වූ සියලුම තොරතුරු මා සමඟ පැවසුවාය.

​"මට ඔයාගේ අර යාළුවෝ ටික ගැනත් කියන්නකෝ," මම ඉල්ලා සිටියෙමි.


​"හා මම කියන්නම්. අර ඉස්සරහින්ම යන්නේ ආර්චි.

එයා තමයි අපේ කණ්ඩායමේ ඉන්න අමාරුකාරයා.

එයා දවසක් ගමේ කොල්ලෝ දෙන්නෙකුට තනියම ගැහුවා.

ඒ දෙන්නා බෙහෙත් කරලා සනීප වුණේ ළඟදී. එදා ඉඳන් ගමේ ගැහැණු ළමයි හැමෝම ආර්චිට මාර කැමතියි.

මොනවා වුණත්, එයා තමයි මාස්ටර්ගේ හොඳම ගෝලයා වගේම අපේ කණ්ඩායමේ නායකයා."✨


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.


බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!