ශෑන් මකර සටන්කරු - Episode - 06 ✨❤️

පරිච්ඡේදය 6 | Tharupathi | 12 වාර කියවා ඇත 2 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 06 ❤️✨


"මොකද දන්නවද? දවසක් ගමට ඇවිත් ගම්මුන්ට කරදර කරපු සමුරායිවරු දෙන්නෙකුට ආපහු ගමට එන්න හිතෙන්නෙවත් නැති වෙන්න ආර්චි පහර දුන්නා.

ඒ තරමට එයා දක්ෂයි," මින්සුකී ආඩම්බරයෙන් පැවසුවාය.


​"හැබැයි අපේ මුළු කණ්ඩායමම බය එක සමුරායි කෙනෙක් ඉන්නවා. එයා කෙල්ලෙක්.

ඇය ඉතාමත් රූමත්.

ඇයගේ කොණ්ඩෙට තමයි මම නම් ගොඩක්ම කැමති.


එයාට මාර දිග කොණ්ඩයක් තියෙන්නේ. එයා සටන් කරන්න එන්නෙත් කොණ්ඩය ලස්සනට ගොතාගෙන.

ඒ වගේම ඇය සටන් කලාවටත් බොහොම දක්ෂයි."


​"දවසක් ඇය අපේ මුළු කණ්ඩායමම ලෙහෙසියෙන්ම පරාජය කළා. මට නම් එයාව පේන්න බැහැ,"

මින්සුකී තරහින් මෙන් කීවාය.


​"ඇයි ඒ? ඇය ගමේ මිනිස්සුන්ටත් හිරිහැර කරනවාද?" මම පුදුමයෙන් ඇසුවෙමි.

​"නැහැ, ඇය කවදාවත් ගම්වැසියෙක්ට අතක්වත් උස්සලා නැහැ."


​"එහෙනම් ඇය ඔයාලට පහර දුන්නේ ඇයි?"


​"ඒකට වගකියන්න ඕනේ අන්න අර මෝඩ ආර්චි. එයා නිසා තමයි අපිට එදා ගුටිකන්න වුණේ.

මුලින්ම එයාගේ නම කියන්නම්කෝ. එයාගේ නම 'අකීරා'. අර ආර්චි එදා අකීරාට 'මෝඩ සමුරායි කෙල්ල' කියලා බැන්නා. ඒක නිසා තමයි ආර්චිගේ සහයට ගිය අපිටත් ඇයගෙන් පහර කන්න වුණේ."


​එවිට මම තවත් ප්‍රශ්නයක් ඇසුවෙමි. "එතකොට අර වැඩිය කතාබහක් නැති පිරිමි ළමයා කවුද?"


​"ආ... එයාගේ නම 'ඔකින්ෂු'. එයා නම් හොඳටම දන්නේ ටයිකොන්ඩෝ සටන් කලාව. එයා ඒකට ගොඩක් දක්ෂයි.


එයා පොඩි කාලේ ඉඳලා තියෙන්නේ කොරියාවේ.

යා ජපානයට ආවේ ඉගෙනීම් කටයුතු වලට. හැබැයි සමුරායිවරු එයා ඉගෙන ගත්ත පාසලත්, එයාගේ හොඳම යාළුවන්වත් විනාශ කළා.


ඒ නිසයි එයා අපිත් එක්ක එකතු වුණේ, තමන්ගේ යාළුවන්ව මරපු පලිය ගන්න."


​"ඔකින්ෂු නින්ජා සටන් වලට නම් එතරම් දක්ෂතා නොපෙන්නුවත්, ඔහුගේ ටයිකොන්ඩෝ දැනුම සහ එහි තියෙන අපූරු සටන් උපක්‍රම නිසා සමුරායිවරුන්ව ලෙහෙසියෙන්ම පරාජය කරන්න ඔහුට පුළුවන්."


​"දැන් අපි ගැන කතා කළා ඇති. දැන් ඔයා ගැන මට කියන්න වූෂෙන්," මින්සුකී මා දෙසට හැරුණාය.


​"මං ගැන මොනවා කියන්නද මින්සුකී? හැබැයි මාත් කැමතියි ඔයාලගේ නින්ජා සටන් කලාව ඉගෙන ගන්න.


ඒක ගොඩක් අමාරු වැඩක් වෙයිද?" මම ඇසුවෙමි.


​"ඔව් ඔව්, නින්ජා කෙනෙක් වෙන එක ගොඩක් අමාරු වැඩක්," මින්සුකී සිනාසෙමින් පැවසුවාය. "හැබැයි ඉතින් හැම සටන් කලාවක්ම ඉගෙන ගන්න එක මුලදී අමාරුයි.

ඒ වුණාට වූෂෙන්, ඔයාටත් දවසක දක්ෂ නින්ජා කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා."


​අපේ කතාබහත් සමඟම ගමනේ අවසානයට අපි ළඟා වී සිටියෙමු.


චීනයේ සිට ජපානය දක්වා යාත්‍රා කරන බෝට්ටුව අසලටම අප පැමිණ තිබුණි. එම යාත්‍රාවට ගොඩ වූ අපි සියලු දෙනා ජපානය බලා යාමට පිටත් වුණෙමු.


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.


බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (2)
පිවිසෙන්න අදහස් දැක්වීමට.
thushan97
thushan97

nice

T
Tharupathi

@thushan97 Thankyouu ❤️✨