ශෑන් මකර සටන්කරු - Episode - 07 ✨❤️

පරිච්ඡේදය 7 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 07 ✨❤️


පැය දහයක පමණ දීර්ඝ මුහුදු ගමනකින් පසුව අපි ජපානයට පැමිණියෙමු.


ජපානයට ගොඩබැසූ මොහොතේම මට දකින්නට ලැබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දර වූ "ශුන්චී" නගරයයි.


​"මේ තියෙන්නේ අපේ ලස්සන ශුන්චී ගම්මානය,"


බෝට්ටුවේ සිට ගොඩබිමට පා තබමින් ආර්චි පැවසුවේය.


සියල්ලන්ම ඉතා සන්තෝෂයෙන් ගම්මානය දෙසට ඇවිද ගියහ.


නමුත් ඒ සතුට වැඩි වේලාවක් තිබුණේ නැත.


​එක්වරම ගම්මානය දෙස සිට මිනිසෙකු කෑගසමින් දිව ආවේය.


"අනේ මාස්ටර් ශී... මාස්ටර් ශී ගමට ඇවිල්ලා! ඔබතුමාට විතරයි දැන් අපිට පිහිට වෙන්න පුළුවන්."


​ගම්මානයේ සිටි මහලු, තරුණ සහ කුඩා දරුවන් ඇතුළු සියලු දෙනාම පැමිණ මාස්ටර් ශී ඉදිරියේ වැඳ වැටී,


"අපිට උදව් කරන්න, ඔවුන්ව බේරා දෙන්න" යැයි ඉල්ලා සිටියහ.


මාස්ටර් ශී කිසිදු කලබලයකින් තොරව සන්සුන්ව මෙසේ පැවසුවේය.


"ඔයාලා හැමෝම මුලින්ම නැගිටින්න. කරුණාකරලා සන්සුන් වෙන්න."


​එවිට එතැන සිටි දහහත්වැනි වියේ පමණ පසුවන තරුණ ගැහැණු ළමයෙකු ඉදිරියට පැමිණ සිදු වූ සියල්ල විස්තර කළාය.


"ඔයාලා ගිහින් ටික දවසකට පස්සේ සමුරායිවරු ගමට පහර දුන්නා. ඔවුන් විශාල හමුදාවක් රැගෙන ඇවිත් අපේ කිහිප දෙනෙකුටම දරුණු ලෙස පහර දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් අපේ මහලු ගම්නායකතුමාවත් අල්ලාගෙන ගියා."


​එය ඇසූ මාස්ටර් ශී මහත් සේ කලබල විය. "මොකක්ද?

ගම්නායකතුමාව අල්ලාගෙන ගියාද? ඒ මහලු මනුස්සයාව අල්ලාගෙන යනකම් තරුණ නුඹලා නිකන් බලාගෙන හිටියද?"


​"නැහැ මාස්ටර් ශී, අපි ඔහුව බේරාගන්න සමුරායිවරු එක්ක සටන් කළා. ඒත් කඩුවක් අතකින්වත් අල්ලා නැති අපි, කඩුව තමන්ගේ ශරීරයේ කොටසක් කරගත්ත සමුරායි සේනාවක් එක්ක කොහොම සටන් කරන්නද?"


එතැන සිටි තුවාල ලැබූ තරුණයෙක් වේදනාවෙන් පැවසුවේය.


​"ඔව් මාස්ටර්, එයාලට බනින්න එපා," මින්සුකී ද පැවසුවාය.


​මාස්ටර් ශී දිගු සුසුමක් හෙළීය. "මට සමාවෙන්න. මගේ සිත ටිකක් නොසන්සුන් වුණා." ඔහු ගම්මුන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.


"මට මේක කියන්න, ඒ සමුරායි සේනාව තනියමද ආවේ? නැත්නම් අකීරාත් ඔවුන් එක්ක ආවාද?"


​"නැහැ මාස්ටර් ශී, අකීරා නම් හිටියේ නැහැ. හැබැයි ඒ වයසේම වගේ, මීට කලින් දැකලා නැති පොඩි කොල්ලෙක් නම් ආවා."


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!