ශෑන් මකර සටන්කරු - Episode - 08 ✨❤️

පරිච්ඡේදය 8 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 08 ✨❤️


"ඒ කවුද ඒ? එයා ඒ තරම්ම අමාරුකාරයෙක්ද?" එක්වරම ආචි කුතුහලයෙන් ඇසුවේය.


​"ඔව් ආචි, පෙනෙන විදිහට නම් ඔහු අකීරටත් වඩා බොහොම ශක්තිමත්, ඒ වගේම වේගවත් කෙනෙක්. ඔහු මුළු ගමේම ඉන්න තරුණ පිරිස එක්ක තනිවම සටන් කරලා ඔවුන්ව පරාජය කළා."


​"අපි ඒක බලාගමුකෝ!" ආචි උස් හඬින් පැවසුවේය.


"මාස්ටර් ශී, මම දැන්ම ගිහිල්ලා ඔය අලුත් සමුරායි කොල්ලවයි, අනිත් සමුරායිවරුන්වයි පරාජය කරලා, අපේ ගම්වැසියන්වයි ගම්නායකතුමාවයි බේරගෙන එන්නද? මට ඕනේ මාස්ටර්ගේ අවසරය විතරයි."


​"අවශ්‍ය නැහැ ආචි, කලබල වෙන්න එපා. මේ තත්ත්වය කලින්ට වඩා බොහොම බරපතළයි. අපිට මේ වෙනුවෙන් හොඳ සැලසුමක් තියෙන්න ඕනේ,"


මාස්ටර් ශී ඉතා සන්සුන්ව පැවසීය.


​"ඒ වගේම අපිට තවත් බලය අවශ්‍යයි..."


​"ඒ කියන්නේ මාස්ටර්? මොන වගේ බලයක් ගැනද ඔබතුමා මේ කියන්නේ?" ආචි මවිතයෙන් ඇසුවේය.


"අපි අපේ නින්ජා කණ්ඩායම තවත් ශක්තිමත් කරගන්න ඕනේ. ඒ නිසා තවත් පිරිසක් අපිට එකතු කරගන්න වෙනවා. අපි කලින් සටන් කළේ අකීරා එක්ක විතරයි, ඒත් දැන් අපිට ඇයටත් වඩා බලවත් සතුරෙක් ඉන්නවා. ඒ නිසා අපි හැම වෙලාවකම අවධානයෙන් ඉන්න ඕනේ,"


මාස්ටර් ශී පැවසීය.


​එවිටම ආචි උද්යෝගයෙන් කෑගැසුවේය.


"එහෙනම් අපි මගේ හොඳම යෙහෙළියවත් අපේ කණ්ඩායමට එකතු කරගමු!"


ආචි එසේ පවසමින් ඇඟිල්ල දිගු කර පෙන්වූයේ, මුලින් කතාව පැහැදිලි කළ ආකර්ෂණීය ගැහැනු ළමයාවයි.


​"ඔව් මාස්ටර්, මටත් හිතෙනවා ඇයව එකතු කරගන්න එක හොඳයි කියලා,"


මිත්සුකී ද ආචිගේ අදහසට එකඟ විය.


​"ඔව් ළමයිනේ, මමත් හිතනවා ඒක හොඳ අදහසක් කියලා. හැබැයි අපි ඇයගෙනුත් මේ ගැන අහන්න ඕනේ,"

මාස්ටර් පැවසීය.


​"හරි, ඒ වැඩේ මම කරන්නම්!"

එසේ පවසමින් ආචි ඇය දෙසට දිව ගියේය.


"යුන්ෂි, ඔයා කැමතිද අපේ නින්ජා කණ්ඩායමට එකතු වෙන්න? මාස්ටර්ත් කැමතියි ඔයා එනවාට."


​"මාස්ටර්මද ඔයාට කිව්වේ මගෙන් අහන්න කියලා?" යුන්ෂි සිනාසෙමින් ඇසුවාය.


​"ඔව් ඔව් යුන්ෂි, ඔයා එනවා නේද? කියන්නකෝ..."


​"හරි ආචි, මම කැමැත්තෙන්ම ඔයාලගේ කණ්ඩායමට එකතු වෙන්නම්. මම කලක ඉඳන්ම ආසාවෙන් හිටියේ නින්ජා කෙනෙක් වෙන්න," යුන්ෂි පැවසුවාය.


​"ඒ වුණාට යුන්ෂි, මම කලිනුත් ඔයාට කිව්වානේ එන්න කියලා. ඒ දවස්වල ඔයා අකමැති වුණානේ?"

ආර්චි මවිතයෙන් ඇසීය.


​"ඒ කලින්නේ... දැන් තත්ත්වය වෙනස්," යුන්ෂි මිමිණුවාය. "එයා නම් හරියට චීන සටන්කරුවෙක් වගේ," ඇය වූෂෙන් දෙස බලමින් රහසින් පැවසුවාය.


​"මොකක්ද යුන්ෂි කිව්වේ?" ආචි ඇසීය.


​"නෑ නෑ ආචි, මම කිව්වේ ගම්නායකතුමාව බේරගන්න මම අනිවාර්යයෙන්ම එනවා කියලා."


​ඈත සිට මේ දෙස බලා සිටි වූෂෙන් මිත්සුකීට මෙසේ පැවසීය...


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!