ශෑන් මකර සටන්කරු - Episode - 09 ✨❤️
පරිච්ඡේදය 9 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්
ශෑන් මකර සටන්කරු - 09✨❤️
"බලන්නකෝ මිත්සුකී, ආර්චි එයා ළඟට දුවලා ගිය විදිහ."
"ඔව් වූෂෙන්, ආර්චි හැමදාම ඔහොම තමයි. ඔය යුන්ෂි නිසා තමයි එදා අපිට අකීරගෙන් ගුටි කන්නත් වුණේ," මිත්සුකී සිනාසෙමින් පැවසීය.
"ඒක නෙමෙයි මිත්සුකී, කවුද මේ හැමෝම කතා වෙන ගම්නායකතුමා කියන්නේ? ඇයි හැමෝම ඔහුට මේ තරම් ගරු කරන්නේ?" වූෂෙන් ඇසීය.
"මේකයි වූෂෙන්, ගම්වැසියන් ගම්නායකතුමාට ගරු කරන්නේ ඔහු තමයි ගමේ ඉන්න වයසින් වැඩිම සහ ප්‍රඥාවන්තම පුද්ගලයා.
ඔහුගේ වයස දැන් අවුරුදු 120ක් විතර වෙනවා. ගමේ සිද්ධ වෙන ඕනෑම වැදගත් වැඩකට උපදෙස් ගන්නේ ඔහුගෙන්."
"ඒ කියන්නේ මිත්සුකී, හැම ජපන් ගම්මානයකම මෙහෙම ගම්නායක කෙනෙක් ඉන්නවාද?" වූෂෙන් නැවතත් විමසීය
.
"ඔව් වූෂෙන්, හැම ගමකටම නායකයෙක් ඉන්නවා."
ඒ මොහොතේම ආර්චි එතැනට දිව ආවේය.
"මාස්ටර්, යුන්ෂි කැමති වුණා අපේ කණ්ඩායමට එකතු වෙන්න!"
"හොඳයි එහෙනම්, අපි දැන්ම අපේ රහස් මූලස්ථානයට යමු."
මා
ස්ටර් ශීගේ උපදෙස් පරිදි සැඟවී තිබූ නින්ජා මූලස්ථානය දෙසට ඔවුන් ගමන් කළහ.
"අපිට වැඩි කාලයක් නැහැ, අපි පුළුවන් තරම් ඉක්මනට ගම්නායකතුමාව බේරගන්න ඕනේ!”
"ඒ නිසා වූෂෙන්, යුන්ෂි... ඔයාලා දෙන්නා පුළුවන් තරම් ඉක්මනට නින්ජා මූලික සටන්ක්‍රම ටිකවත් ඉගෙන ගන්න ඕනේ.
නැත්නම් ඔයාලටත් සිද්ධ වෙන්නේ අකිරාගෙන් අර මිත්සුකීයි ආර්චියි වගේ හොඳටම ගුටි කන්නයි."
"මුලින්ම මම ඔයාලට කඩුව හසුරවන හැටි පුරුදු කරන්නම්. මොකද ආයුධයක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තම, සටනකදී අකීරව ප්‍රමාද කරන්න හරි ඔයාලට පුළුවන් වේවි. මිත්සුකී, ආර්චි, ඔකින්ෂු... ඔයාලත් කඩු ශිල්පය හොඳට පුරුදු වෙන්න ඕනේ."
පුහුණුවීම් අතරතුර වූෂෙන් සහ යුන්ෂි අතර කෙටි කතාබහක් ඇති විය.
"මම යුන්ෂි.ඔයාගෙ නම මොකද්ද?
මගේ නම වූෂෙන්," මා මිත්‍රශීලීව පැවසීය.
"වූෂෙන්... ඒක හරිම ලස්සන නමක්. ඔයා ජපන් ජාතිකයෙක්ද වූෂෙන්?" යුන්ෂි විමසුවාය.
"නෑ යුන්ෂි, මම ඉපදුණේ චීනයේ. මම ජපානයට ආවේ මාස්ටර් ශී එක්ක."
"මට හිතුණා ඔයා මේ රටේ කෙනෙක් නෙමෙයි කියලා," යුන්ෂි සිනාසෙමින් කීවාය.
"ඒ කොහොමද යුන්ෂි?" වූෂෙන් කුතුහලයෙන් ඇසීය.
"මොකද අපේ ගමේ අය මෙච්චර ලස්සන නෑනේ. ඔයා ජපානයේ කෙනෙක් නෙමෙයි කියලා පෙනුමෙන්ම පේනවා.”
‘ඇත්තටම මම අහන්නමයි හිටියේ යුන්ෂි. ඔයත් මම වගේම මේ රටේ කෙනෙක් නෙමෙයි නේද?”
"ඔව් වූෂෙන්, ඔයා කියන දේ හරියටම හරි. ඒත් ඔයා කොහොමද දැනගත්තේ මම මේ රටේ කෙනෙක් නෙමෙයි කියලා?" යුන්ෂි ඇසීය.
Author : G.K.Tharupathi Lankesh
ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.