9 කොටස
පරිච්ඡේදය 10 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්
ටීනා තීනූට බත් කවා අවසන් වුනාට පස්සේ ආදී ශානුකත් තීනූගේ කාමරයට ආවේ ආදී ගේ අතේ අයිස්ක්‍රීම් කප් එකක් ඇතිව
අනේ.... ගුඩ් ගර්ල් බයියන් ඔක්කොම කාලා එ නිසා අපි අයිස්ක්‍රීම් ගෙනවා ශානුක තීනූගේ හිස අතගාමින් කීවා හැමෝම ඒ කියපු දේට මහා හයියෙන් හිනා වෙන්න විය ඒ අතර තුර ආදී තීනූට අයිස්ක්‍රීම් එක දිගුකලා තීනූ ද අයිස්ක්‍රීම් එක අතට අරං කන්න විය
එක නෙවෙයි දැන් ඔයා ඇමරිකා ගියාට පස්සේ අපි තුන්දෙනා මොනවද කරන්නේ අපි තුන්දෙනා මෙහෙම වෙන වෙලා ඉදලා නැහැනේ ටීනා අසන්නට විය
ඉතින් සිම්පල්නේ අපිත් යමු එතකොට හරිනේ ශානුක අයිස්ක්‍රීම් කන ගමන්
තීනූ මේ යුනිවර්සිටි එකට අපිට කලින් ඇප්ලයි කරපු නිසයි එයාට කලින් එන්න ඇත්තේ සමහර විට අපිට ඇවිල්ලත් තියෙයි අපි බලමුකෝ අපිත් කොමහරි එනවා කියා ආදී කියා නිම කරනවත් එක්කම
තීනූගේ පියා කාමරයට ආවා ඔයාල හොදට කෑවා නේද
ඔව් අංකල් කාලා බඩ ටන් ගාල තියෙන්නේ බඩ උස්සන් යන්න තව කෙනෙක් ඕන වෙයි වගේ ශානුක බඩ අතගාමින් කීවා
තීනූගේ පියා ශානුකගේ බඩට තට්ටුවක් දමා අම්මෝ කොස් ගෙඩියක් වගේ කියා හිනා වෙන්න විය අනික් අයද එයට හිනා වෙන්න විය
තීනූ ඔයාට කවදද යන්න තියෙන්නේ තාත්තා තීනූ දෙස බලා ඇසුවා
තාත්තේ නෙක්ස් මන්ත් 27 වෙද්දී එහෙ ඉන්න ඕන මං හිතුවා සතියකර කලි එහෙ යන්න තීනූද පිලිතුරු දුන්නා
හ්ම්ම්ම්...... දුවේ අපිට නෙක්ස් මන්ත් අපෙ කොම්පැනි එකෙන් ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා ඒ වගේම පර්ටි එකත් එරන්ජ් කරලා තියෙන්නේ මේකට ඔක්කොම සහභාගි වෙනවා බිස්නස් අය ඒ වගේම අනික් අයත් ගොඩක් අය එනවා එදාට මගේ දුවට ඒකට සහභාගි වෙන්න අනික ආදීගේ ටීනාගේ ශානු පුතාගේ අම්මයි තාත්තලයි එනවා ඉතින් පුතේ ඔයා එනවද ගිය පාර ඔයාල එක්කෙනෙක් වත් අවේ නෑ මේ පාර ඔයලා හතර දෙනාම එන්න කියා තීනූගේ පියා අසන්න ව්ය
තාත්තේ මං පොඩ්ඩක් කල්පනා කරලා බලා කියන්නම් මොකද අනිවාර්යයෙන් ඕකට බානුකත් එයාලගේ අයත් එයි නේද තීනූ ටම පියාගෙන් අසන්න විය
හ්ම්ම්ම්..... එකනම් එහෙම තමයි දුවේ මං බල කරන්නේ නෑ ඔයාලත් අපේ බිස්නස් වලට හවුල් වුනොත් හොදයි වගේම මේකට ආවත් හොදයි ඔයාලාට ගොඩක් අයව අදුර ගන්න පුලුවන් ඒකයි මං කියන්නේ මං ඔයාලාට බල කරන්නේ නෑ ඔයාල හොදට තීරණයක් ගන්න කියා එසේ පවසා තීනූගේ පියා කාමරයෙන් පිට වෙන්න විය.
අංකල් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා අපි අපේ බිස්නස් පටන් ගන්න කලින් අපිට එයාලාගෙන ඉග්‍ර්න ගන්න ඕන ඒ නිසා අපි එයාලාට උදවු කලොත් හොදයි එකක් අපිට එයාලා එක්ක එකට වැඩ කරද්දී ඉගෙන ගන්න පුලුවන් අනිත් එක එයාලාට ඒක හයියක් වෙයි නේද් ආදී ශානු ආදී දෙස බලා ඔහුගෙන ඇසීය
හ්ම්ම්..... ශානු කියපු කතාව හරියටම හරි අපි අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න කලින් අපි දේවල් ඉගෙන ගන්න ඕන වගේම එක්ස්පිරියන්ස් ඕන ආදී ශානුකගේ කතාවට එකග විය
එහෙනම් අපි ඔක්කෝමලාම ඒකට යමු නේද තීනූ කියා ටීනා තීනූගෙන ඇසීය
හ්ම්ම්ම්.... මට ටිකක් ඒ ගැන කල්පනා කරන්න ඕන ටීනා මොකද මට ආයේ මේ තුවාලේ පාර ගන්න බෑ
හ්ම්ම්ම්ම්.... අපිට තේරෙනවා තීනූ ඔයා රිකවරි වෙන්න ඕන ඒත් ඔයාව වටින්නේ නැති කෙනෙක් නිසා ඔයා ඔයාගේ වටිනා දේවල් ඔයාගේ සතුට ඔයාගේ ටැලන්ට් එක ඔයා පස්සට දාන්න එපා අනික ඩොක්ටර් කිවුවා ඔයා හරියඅ එක්සර්සයි ටික කලාම ඔයා හොද වෙනවා ඒ වගේම ඉක්මනින් ඇවිදිනවා ඉතින් මං නම් කියන්නේ ඔයා ඉවෙන්ට් එකට මොකා ඇවිල්ලා හිටියත් ඔයාත් එන්න ඕන මොකද තීනූ ඔයා මෙතන වැරද්දකලේ නෑනේ ඔච්චර වැරදි කලත් එයාලා ලැජ්ජාවක් නැතුව එලියට බැහැලා ඉන්නවා නම් වැරදි කලේ නැති ඔයා කොහොම ඉන්න ඕනද මං නම් කියන්නේ ඔයා දැන් ටික ටික හිත් හදගන්න මං දන්නවා ඔයාට ඒක ලේසි නෑ කියලා ඒත් ඔයාගේ ඔයාගේ හොද අවස්තා අත අරින්න එපා තීනූ ඔයාට අපි හැමෝම ඉන්නවා ආදී තීනූ දෙස බලා කීවේ ඇයව දිරිමත් කිරිම සදහා
ඒකටනම් මාත් එකගයි ආදී ඔයා කියන කතාවේ 100%ක් මාත් ඔයා එක්ක එකගයි ටීනාද ශානුකද එම කතාවට එකග විය
හ්ම්ම්ම් මං බලන්නම් කෝ හෙට ඉදන් එක්සර්සයි ටික පටන් ගමු තීනූ ආදීගේ මූණ දෙස බලා කීවේ ආදී එම වගකීම ගත්ත නිසා
හරි අපිත් දැන් යමු රෑ වෙනවා තීනූටත් මහන්සි ඇති ඔයා නිදාගන්න අපි යන්නම් හෙට උදෙන්ම එන්නම් හරි පරිස්ස්මෙන් යන්න ඔයාලා
එසෙ කියමින් ආදීත් ටීනාත් ශානුකත් කාමරෙන් එලියට ආවේ යන්න ලෑස්ති වෙන්න පත්තරයක් බලමින් සිටි තීනූගේ තාත්තාට ද අපි ගිහින් එන්නම් අංකල් අපි උදෙනම එන්නම් කියා එලියට බැහැලා ගියා
ඔයා කොහොමද යන්නේ ටීනා ආදී ඇසීය හ්ම්ම්ම්....මං ගිහින් දාන්නම් ඔයා යන්න ආදී මං ටීනාව ඩ්‍රොප් කරන්නම් කියා තමන්ගේ වාහන වල නැග යන්න විය
ඒ යන අතරතුර ටීනාත් ශානුකත් කිසිම කතාවක් නොමැතිව යන්න විය ටීනා ශානුක දෙස බලද්දී ශානුක ඩ්‍රයිවින් කරන ගමන් කලපනාවක යන්න විය
ටීනා ඒ දෙස බලා මොකද ශානුක කල්පනා කරන්නේ ඔච්චරටම කියා ඇසීය එවිට ශානුක ටීනා දෙස බලා මං කල්පනා කලේ තීනූ ගැනයි ආදී ගැනයි.
ඇයි මොකක් හරි අවුලක් වෙලාද ශානුක ටීනා කුතුහලයෙන් ඇසිය
නෑ ...නෑ... එහෙම අවුලක් නෑ මං මේ කල්පනා කලේ ආදීගේ හිතේ තීනූ ගැන කැමැත්තක් තියෙනවා
ශානුක එසෙ කීවිට
හ්ම්ම්ම්... මටත් ඕකම හිතුනා ඔයාට ආදී කිවුවද ඒ ගැන ටීනා ශානුකගෙන් නැවත ප්‍රශ්න කරන්න විය.
නෑ....ආදී කිවුවේ නෑ ඒත් ආදීගේ හිතේ තීනූ ගැන කැමැත්ත තියෙන්නේ අද ඊයෙ ඉදන නෙවෙයි
ආදීට තෙරෙන කාලේ ඉදන් තීනූට කැමති හැබැයි කොල්ලා ඒක කාටවත් පෙන්නුවේ නෑ අනික තීනුටවත් නිකමටවත් ඉගියක් වත් දුන්නේ නෑ ටීනා අඩුම ගානේ අපි දෙන්නාටවත් කිවුවේ නෑ මට පුදුම බානුක එක්ක තීනූගේ එෆායර් එක තියෙද්දී ආදී මොන තරම් වේදනාවෙන් ඉන්න ඇතිද අඩුමගානේ ඒකවත් අපිට පෙන්නුවේ නෑ ටීනා මට ආදී ගැන හරි පුදුමයි. ශානුක ටීනට කියන්න විය
මටත් ඔය ටිකම හිතුනා ශානුක මං හිතන්නේ ආදී තීනූට තියෙන කැමැත්ත කිවුවේ නැතුව ඇත්තේ ඒයාට බය ඇති එක්කෝ තීනූ අකමැති වෙයි එහෙම වුනොත් යාලුකමත් නැතිවෙයි කියලා බය ඇති නැත්තම් බානුක එක්ක යාලු වුන නිසා වෙන්නත් ඇති ඒකයි ආදී ඒ ඔක්කොම එයාගේ හිතේම තියාගෙන එයා තනියම වේදනාව විදින්නේ
ඒක ඇත්ත ටීනා අපි නොදකින පැත්‍තක් තියෙනවා මොකද අවුරුදු ගානක් තියෙන යාලු කම ආදරයක් නිසා නැතිවුනොත් ඒකත් ආදීටමයි දුක හැබැයි මට හිතෙනවා මේ පාර නම් ආදී තීනූට කැමැත්ත කියයි වගේ හැබැයි දැන්ම නෙවෙයි තීනූ දැන් ඉන්න සිටුවේශන් එකත් එක්ක කැමත්ත කිවුවොත් තීනූ අකමැති වෙයි
ඔව් ආදී ගේ ඇස්වලින් පේනවා තීනූට තියෙන ආදරේ අපි දැක්කනේ එදා ඇක්සිඩන්ට් එකෙදී ආදී පිස්සෙක් වගේ ඇඩුවා බය වෙල හිටපු විදිහ ඒවගෙද තීනූව කවලා පොවලා රෑ දවල් නැතුව ඒයාගේ ලග ඉදන් බලා ගත්තා ශානුක ඩ්‍රයිවින් කරන ගමන් පාර දෙස බලමින් කීවා
හ්ම්ම්ම්ම්ම්......... මොනවා වෙයිද මං දා හැබැයි තීනූයි ආදී සෙට් වුනොත් මංනම් ආසයි ඒ දෙන්නා නියමෙට ගැලපෙනවා ශානුක
ඔව් ඒකනම් ඇත්ත ටීනා අපි ආදීටවත් තීනූටවත් කිසි දෙයක් කියන්නේ නැතුව ඉමු ආදීම අපිට කියනකන්
ඔව්.....ඔව් හැබැයි පතාගෙන ආව කෙනා කොහෙ හිටියත් කොහොම හිටියත් ඒ දෙන්නා එකතු වෙනවාමයි ඒකයි තීනූගේ ජිවිතෙන් බානුක අයින් වුනේ දැන් ආදීගේ අතේ තමයි මැච් එක තියෙන්නේ අපි බලමුකෝ ඉස්සරහට මොනාවා වෙයිද කියලා අපිට පුලුවන් ඕන උදව්වක් කරනවා ඒ දෙන්නාට
හ්ම්ම්ම්ම් ..... කතාවෙන් කතාවෙන් ගෙදරටත් ආවා හරි ශානුක මං දැන් යනවා ගුඩ්නයිට් බායි ටේක් කෙයාර් එසේ කියමින් ටීනා වහනයෙන් බැස ශානුකට අත වනන්න විය ශානුකද අත වනා අහනය හරවාගෙන යන්න විය.
ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා
ආදරෙයි හැමදමත්
ජෙසි ❤️🌻