1 කොටස
පරිච්ඡේදය 2 | jessi 2 වාර කියවා ඇත 0 අදහස්
ගුඩ්මෝර්නින් තීනු නැගිටින්න අපිට පරක්කු වෙලා තියෙන්නේ. අයියෝ......අ...නේ.... තව ටිකක් වෙලා අනේ..... නිදියන්න දෙන්න කෝ ටීනා
අනේ අනේ පිස්සුද අද අපි කට්ටියම එකතුවෙලා ඇවිදින්න යමු කියලානේ කතා වුනේ අනික ආදී, ශානුයි කැෆේ එකට එන්නම් කිවුවා
නැගිටින්නකෝ තීනු....අද බානු එනවා නේද එයාගෙ බිස්නස් ට්‍රිප් එක ඉවර වෙලා ?
නැහැ ටීනා එයා එන්නේ හෙට
ඉතින් ළමයෝ ඔයා කිවුවා නේද එයාව සප්‍රයිස් කරන්න ඕන කියලා
ටීනා එසේ කියද්දිම තීනු දඩබඩ ගාගෙන ඇදෙන් බැස්සේ ටීනාව බදාගෙන්ඇයට ඔච්චම් කරමින් අනේ මට අමතක වුනානේ තැනක්‍යු පැටියෝ
අනේ ඉන්න දෙන්නකෝ අනේ කට ගදේ බෑ ඉක්මනට ලෑස්ති වෙන්න කෝ අර ඩබලත් දැනටමත් ගිහින් ඇති
හරි හරි මං ටක් ගාල එන්නම් කියා තීනු බාත් රූම් එකට ගයා
තීනු ශාඛ්‍යා ද සිල්වා ඇය ද සිල්වා ෆැමලි ගෘප් හි අධිපති සරත් ද සිල්වා හා ශ්‍යාමලි වනිගසූරියගේ එකම දියණියයි ඇය ඉතා රූමත් කගෙත් සිත් වසග කරන රූපයක් වගේම ඇයගේ හිනාවද ඉතා ලස්සනයි ඔවුන් ඉතා ප්‍රබල ව්‍යාපාරිකයෝ ඒවගෙම ටීනා විජෙසුන්දර ,ආදිත්‍ය මහාවංශ, ශානුක ආරියවංශ ඔවුගේ දෙමාපියන්ද ව්‍යාපාර ලෝකයේ ඉතා ප්‍රබලයින් සහා ඔවුන් හොද මිතුරන්ද වේ එම මිතුරු කම නිසා තීනු,ටීනා,ආදිත්‍ය ශානුකද කුඩාකල සිට හොදම මිතුරන් වේ ඒ මිතුරු කම එකෙනාට එක්කේනා නැතිවම බැරි අවුරුදු 25ක මිතුරු කමක් ඒවගේම ඔවුන්ට කෙතරම් සැප පහසු කම් තිබුනත් ඔවුන් ඉතා නිහතමානි යහපත් ගුණදම් ඉතා සරලව ජිවිත්වේ එ හතර දෙනාගෙම එකම අරමුණක් තිබුනා ඇමරිකාවේ ඉහල පෙලෙ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්න ඔවුන් එයට ඉල්ලුම් පත්‍ර දමා අවුරුද්දක් බලා ඉන්නවා එයට ලැබෙන් ප්‍රතිචාර
ඉතින් තීනු බාතරූම් එකට ගිය පසු ටීනා පඩිපෙල දිගේ බැසගෙන ආවේ කෑම කාමරයට එහි කෑම මේසය අස්කරමින් හිටියේ කරුණාවති ටීනා බේබි පොඩි බේබි නැගිට්ටද ? ඔවු කරුණා අම්මේ බොහොම අමරුවෙන් නැගිට්ටෙවුවේ කරුණා අම්මා තොල් මතින් ඉතා සුන්දර සිනාවක් නගමින් ටීනා බේබිට බඩගිනිද මං පිට්ටු හැදුවා උදේට කන්න ටීනා බේබි ආසයිනේ කන්න යන්න කලින් බේබිලා කලා යන්න. ටීනා කෑම මේසය දෙස බලා කටට කෙල වුනමින් අම්මෝ කරුණ අම්මා හදන කෑම කන්න අපි කොච්චර ආසද ඉස්සර අපි පොඩිකාලේ ඔඩර් එක දාලා මෙහෙ ආවාම කරුණා අම්මා ඒවා ඔක්කොම රසට උයලා දෙනවා ටීනා කරුනාගේ මූණ මිරකමින් කිවේ කරුණා අම්මා කෙරෙහි ඇති ලෙන්ගතු කම දක්වමින් කරුණා අම්ම ඇය එහි සියලු ගෙදර වැඩ පල කලේ ඇයයි තීනුගේ මව ඇය අවුරුදු 5දී පිලිකාවකින් මිය ගියා එදා ඉදන් තීනුව ඉතා ආදරයෙන් බලා ගත්තේ ඇයගේ පියාත් කරුණාවතිත් ඇය මෙ හතර දෙනාට ඉතාම ආදරෙයි ඇයගේ පණ හා සමානයි ඔවුන් හතර දෙනාද කරුණා අම්මට ඉතාම ආදරෙයි
ඔය අතරේ තීනු ලස්සන පොඩි රෝසපාට ගවුමක් ඇදගෙන ඒකට ම හරියන්න කොන්ඩෙට බෝ එකක්ද දමා ඇය පඩ්පෙලින් බසිද්දි ඇය ඉතා රූමත් හා චාම් රෝස පාට ගවුමක් ඇදපු බෝනික්කෙක් වගේ දිස්වන්නට විය
ගුඩ්මෝනින් කරුණා අම්මේ කියා ඇයව බදා ගෙන මිරිකුවේය එවිට කරුණා අම්මා අනේ පොඩි බේබි තව ටිකකින් මේ පරිප්පු එක ඇගේ හැලෙනවා පොඩි ළමයෙක් වගේනේ
ඒ අතර සරත් ද සිල්වා තීනුගේ පියාද උදේ කෑම ගන්න මේසය දෙසට එද්දිම ටීනා ගොස් ගුඩ්මෝර්නින් අංකල් කියා ඔහුගේ අතේ එල්ලෙන්න විය එවිට තීනු කරුණා අම්මට හාද්දක් දී තාත්තා දෙසට දිව ගියේ ගුඩ්මෝර්නින් තාත්තේ කියා කෑගසමි සරත් ද තිනුට හා ටීනාට නළලට හාදු දී ගුඩ්මෝර්නින් මගේ සුරංගනාවියෝ දෙන්න කියා ඔහු ඔවුන්ව අතහැර කෑම මේසයේ පුටුව ඇදගෙන වාඩිවිය. ටීනාද තීනූද වාඩිවිය කරුණා අම්මා සෑම දේනාටම කෑන බෙදන අතර් තීනු තාත්තේ අද ඔෆිස් යනවද කියා ඔහු දෙස බලා ඇසිය
ඔව් දූ අද මට වැඩ ගොඩයි මං ඉතින් ඔයා එක්ක දවස් තුනක් හිටියනේ මං අද රෑ ඩුබායි යන්න ඕන එහෙ පොඩ්ඩක් ගිහින් විසිට් යන්නත් ඕන ටීනා එ වෙලවේ හඩ අවදි කලා අංකල් අද අපි හතර් දෙනා ඇවිදින්න යනවා දැන් අපෙ ඇමරිකා යුනිවර් සිටි එකෙන් ඇඩ්මිශන් එන්න පුලුවන්
ආ.. එහෙමද දුවේ එතකොට කොහෙද? සරත් කෑම කා තේ බොන ගමන් ටීනාගෙන් ඇසිය අද යන්නේ පොඩ්ඩක් ඇවිදින්න අද තීනුට බඩුවගයක් ගන්න ඕන
කිවුවා බානුව සප්‍රයිස් කරන්න
හ්ම්ම්ම් කවදාද දූ එයා එන්නේ ? තීනු දෙස බැරැරූම් බැල්මකි බලමින් ඇයගෙන් ඇසීය තාත්තේ හෙට එනවා කිවුවා තාත්තේ අද ඒ පාර්ටි එකට ඕන දේවල ගැන කතා කර ගන්නයි කට්ටියම අද හම්බවෙන්නේ තාත්තේ.. තීනු හදිසියෙන් කෑම කන ගමන් කීය හරි දූ ඔයාලා පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම් මං යනවා කරුණාවති දෙස බලමින් කරුණාවති මං ගිහින් එන්න දවස් තුනක් යයි මෙයාලව හොදින් බලාගන්න වීරේට කියලා ඔයලාව ඩොරොප් කර ගන්නවද ? අනේ තාත්ති මං ඩ්‍රයිවින් ලයිසන් ගත්ත්නේ මං ඩ්‍රයිව් කරන්නම්
හ්ම්ම්ම්ම්.......... හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න කරුණාවතීට කරදර කරන්න එහෙම නෑ.... හරි තාත්ති පරිස්සමෙන් ගිහින් එන්න
මේ ටීනා අපිට හොදටම පරක්කුයි මට ආදිත්‍ය කෝල් කරනවා අපි ඉක්මනට යමු කියා තීනූ කාර් එකේ යතුර අරන් එලියට බැස්සේ කරුණාවති අම්මේ අපි ගිහින් එන්නම් කියා කෑ ගසමින් කරුණාවතිද හරි පරිස්ස්මෙන් බේබි එලියට දුවන් ඇවිත් ඇය අත වනන ගමන් කියා ඇතුලට ගියේ වැඩ කරන්න
ටීනා මං කාර් එක පාර්ක් කරලා එන්නම් අර දෙන්නත් දැනුයි අවෙලු ඔයාලා මටත් එක්ක ඕඩර් එක දාන්න බබල් ටී එකක් මං එන්නම් ඉක්මනට
හරි තීනු කියා ඇය වහනෙන් බැස ගත්තා ටීනා ඇතුලට යද්දිම ආදිත්‍යත් ශානුකත් ඔවුන් එනකන් ශොප් එකෙ ඉදිරියේ බලන් ඉන්නවා ටීනා දැක ඔවුන් දෙසට දිව ගියේ ශානුකට අතක් වනමින්
අම්මෝ... මොකද බන් මෙච්චර වෙලා ගියේ කෝ තීනු ආදිත්‍ය වටපිට බලමි ඇයව සෙව්වා
එයා කාර් එක පාර්ක් කරලා එන්නම් කිවුවා එතකන් එයාටත් එක්ක ඕඩර් එක දාන්න කිවුවා අපි යමු ඔවුන් පඩිපෙලෙන් පහලට බැස මගක් යද්දි අර බන් බානු කියා ඇගිල්ල දික් කර අනික් දෙදෙනාට පෙන්නන්න විය ටීනාත් ආදිත්‍යත් ඔහු පෙන්නු දිශාවට හැරි බැලුවේ පුදුමෙන් ටීනා හඩ අවදිකරමින් එයා ඒ ඉන්නේ රවින්දි එක්ක නේද ඒත් එයා බිස්නස් ට්‍ර්ප් එකක් ගියානේ එන්නෙ හෙටයි කිවුවා අපි ගිහින් බලමුද? ආදිත්‍ය ටීනා හා ශානුක දෙසට හැරි එපා බලන්න එයාලා දෙන්නා ඉන්න විදිහ ඒ කියන්නේ දෙන්නා එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ මේක තීනූ දකින්න කලින් අපි එයාව එක්ක යමු නැත්තම් ප්‍රශ්නයක් වෙයි කියා ඔවු ඉක්මනි හැරුනේ ආපසු තීනු වත් එක්කන් යන්නයි ඇය බානු හා රවින්දි එකට සිටිනවා දැක්කොත් ප්‍රශ්නයක් වේයැයි බිය වූ නීසා නමුත් ඔවුන් හැරෙනාවා එක්කම තීනූ පඩිපෙල දිගේ සිනාසුනු මූණින් දුවගෙන එනවා දුටු ආදිත්‍ය ටිකක් ගැස්සි තීනූ ලගට දිව ගොස් මේ තීනූ අපි වෙන තැනකට යමුද මෙහේ ඉඩත් නෑ අනික සෑහෙන්න සෙනග අනේ කියා ටීනු අතින් ඇදන් යන්න සැරසුනා නමුති තීනූ අනේ... මං මේකේ බබල් ටී එකට මාරම ආසයි අනේ අපි බබල් ටී එකවත් අරන් යමු කියා ඇ නැවත ටීනුවත් ආදිත්‍ය වත් අතින් ඇදන් කැෆේ එක දෙසට හැරි යන්න හදනවා එක්කම ඇය ඔවුන්ව අතහැර ඇය එකපාරම පුදුම විය ශානු ඇයගේ කරට අත දමා අපි මෙහෙන් යමු බන් කීයා ඇය එක්ක නැවත් යන්න ගියත් ඇය පොඩ්ඩක් ඉන්න අර බානු නේද ඉන්නේ කියා ඔවුන් දෙස බලමි ඇසුවා එවිට ආදිත්‍ය අපි යමුකො මෙහෙන් කීවත් ඇය එය ගනන් නොගෙන ඇයගේ බෑග් එකෙන් ෆොන් එක පිටතට අරන් ඇය බානුට කෝල් කලා ඇය
හලෝ බාබා... මං දැන් මීටින් එකකට යනවා බාබා මං පස්සේ කෝල් කරන්නම් කියා ඔහු ෆෝන් එක තිබ්බා... ඇය කදුලු පුරවගෙන ඒ දෙස බලා සිටියේ පපුව ගැලවිලා යන දුකකින් අපි මෙතනින යමු අඩන්න එපා කියා ආදිත්‍ය ඇයව බාදාගෙන ඇයව සනසන්න විය ඇය ටික වෙලාවක් ඔහුගේ පපුව මත ඔලුව තියන් අඩන්න විය
පසුව ඇය ඔලුව ඔසවා නැවත හැරි බානු සහා රවින්දි දෙසට ගියේ කදුලු පිසදමමින් හිතට ධෙර්ය ගෙන බානු පිට අත තිබ්බා තිනූව දැක්ක බානුත් රවින්දිත් ඔවුන් අල්ලාගෙන සිට අත හැර දමා දෙදෙනා ගැස්සි නැගිට්ටා
බානු තීනු දෙස බලා බබා කියා යමක් කියන්න ගියත් ඇය ඔහුට කතා කරන්න නොදී ඔහු දෙස බලා ඇයි මට බොරු කලේ කියා ඇසීය
බානු බිම බලා ගෙන මට සමාවෙන්න මට මේ ගැන කියන්න ඔයාට මං පැහැදිලි කරන්නම්.....
අනේ...තීනූ මේ ඇත්තටම අපි දෙන්න මේ ගැන කියන්න හිටියේ රවින්දි ඇයගේ කටහඩ අවදිකලා
තීනූ ඇය දෙස කෝපයෙන් බලා රවින්දි ඇත්තටම ඔයාට ලැජ්ජා නැද්ද ඔයා කවදාද හැදෙන්නේ මට ඔයාගේන් දේවල දැනගන්න ඕන නෑ බානුක ඇත්තටම ලබන මාසේ අපි එන්ගේජ් වෙන්න හිටියේ ඔයා මේ ගැන මට එන්ගෙජ් වුනාට පස්සේද කියන්නේ හිටියේ... නැත්තම් වෙඩින් එකෙන් පස්සේද තීනූ ඉතා තද කෝපයේ බානුදෙස බලා අසන්නට විය. එවිට බානු රවිදිගේ අත තදින් අල්ලාගනිමින් මට ඔයාව මැරි කරන්න බෑ මං දැනටමත් මගේ තීරණය අරං ඉවරයි තීනූ මං ඇත්තටම ඔයාට ආදරේ කලා කියා පමණයි කීවේ එවිට තීනූ වැරෙන් බානුකගේ කම්මුලට පාරක් ගසා මට ඇත්තටම ආදරේ කලා නම් මේ වගේ වැඩ කරන්නේ නෑ ඔය කටෙන් කවදාවත් මට ආදරේ කලා කියලා කියන්න හිතන්නවත් එපා
ශිට්.... මං තමුන් වගේ කෙනෙක්ට ආදරේ කලා.... මට ලැජ්ජයි. ඇය රවින්දි දෙස බලා තීනූ කෝපයේන් බැල්මක් හෙලා ඇය එනනින් දුවයන්නට වියා එවිට ආදිත්‍ය බානුක දෙස බලා උඔට මේ ගැන කවදා හරි විදවන්න වෙයි කියා ඇගිල්ල දික් කර කියා අවසානයේ තීනූ දුවගිය මග ඔස්සේ ඔහුද දුවන්නට විය
එවිට ටීනූ රවින්දි දෙස බලා ඔයාට කොහොමත් පුරුදු අනුන්ගේ මිනිස්සු තියන් ඉදලානේ කියා බානුක දෙස බලා ආදිත්‍ය කිවුවා වගේ ඔයාට තව ටික දවසකින් විදවන්න වෙයි කියා ඇයත් කියා එතනින් යන්නට වියා
ඒ අතර තීනූ දුවගෙන ගොස් ලිෆ්ට් එකට නැග පහලට වාහාන නවතා ඇති තට්ටුවේ අංකය ඔබා ඇය ලිෆ්ට් එකේ බිම වාඩිවී අඩන්නට විය ඇය තම පපුව අල්ලා ගනිමින් කෑ ගසා ඇඩුවේ මෙතෙක් තද කරන් සිටිය දුක වේදනාව පිට කරමින් පසුව ලිෆ්ට් එකේ දොර ඇරුනට පසු ඇය වහනය නවතා තිබුනු තැනට ගොස් වහනයට නැග වහනය පන ගන්වා ඇය වේගයෙන් ධාවන කරේ ඇය කොහෙයන්නද කුමක් කරන්නෙද කියා සිහියකින් නොවේ
ඇය පසුපස හබා ආ ආදිත්‍ය දුටුවේ වේගයෙන් ධාවන වන ඇගේ වාහනයයි ඔහු ඉක්මනින් ශානුකට දුරකනයෙන් කෝල් එකක් අරං ශානු මං තීනූගේ පස්සෙන් යනවා එයා වහනේ හයියෙන් පැදන් යනවා කියලා ඔහු දුරකතන තබා ඔහුගේ වහනය නැග්ගේ තීනූගේ පසුපසින් යන අරමුණින්
ශානුද ඉක්මනින් ටීනාට විස්තරය කියා ඒ දෙන්නාද වහනය තිබෙන තැනට ලිෆ්ට් එකෙන් බැස දුව ඇවිත් වාහනයට නැග ඒ දෙදෙනා පසුපස යන්නට තීරණය කලේ කලබලෙන් ඒ අතර ටීනාගේ දුරකථනයට කෝල් එකක් ආවේ ආදිත්‍යගෙන්
ඇය ශානුක දෙස බලා ආදිත්‍ය කතා කරනවා කියා ඇය එය අන්ස්වර් කලේ කලබලේන්
හෙලෝ ආදිත්‍ය තීනූව හම්බවුනාද කියා ඇසුවේ එහා පැත්තේ සිටින ආදිත්‍යගෙන් කොයි වගේ ප්‍රතිචාරයක් දෙයිදෝ යනුවෙන් වගේම ඇයගේ හදවතේ වේගයද වැඩ්විය
එහා පැත්තෙන් දීපූ පිලිතුරට ඇය පුදුමවී බය වීඇයගේ ඇස්වල කදුලුද පිරුනේය ඇය එයට කට හඩ හැඩුමට බර කට හඩකින් හරි අපි ඉක්මනට එනවා කියා පිලිතුරු දුන්නා
තීනූට මොනවා වෙලාද?ඇයි ටීනා බය වුනේ අපි නැවත සදුදා දවසේ කතාව බලමු........
ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻