2 කොටස

පරිච්ඡේදය 3 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්

ආදිත්‍ය වාහනය වේගයෙන් තීනුගේ වාහනය ලුහුබැන්දත් එයාට තීනුව මග හැරුනා ඒ තරම් වේගයෙන් තීනු වාහනය පදවන්න විය.ආදිත්‍ය ටික දුරක් ගිය විට ඔහු මිනිස්සු ගොඩක් පාරේ සිටගෙන යමක් දිහා බලාගෙන ඉන්නවා 

ඔහු වාහම වාහනය නවත්වා වාහනයෙන් කලබලයෙන් බැස ගියේ හිතේ දෙගිඩියාවෙන් තීනූ ගැන් සිතමි ඔහු මිනිසුන් අතරි බාගයක් දුර යද්දි දුටුව දෙයින් ඔහු තවත් බය වුනා ඔහු දුටුවේ වාහනයක් පෙරලි රෝද උඩ තියෙන අයුරුයි ඔහු තවත් කලබලයින් මිනිස්සු අතරින් මිනිස්සුන්ව තල්ලු කරමින් ඒ දෙසට ගිය ඔහු තීනූ කියා කෑගසා වාහනය දෙසට දිවුවේ ඒ තීනුගේ වාහනය බැවින් ඔහු ඉක්මනින් ගොස් තීනූ වාඩිවු ඩ්‍රයිවින් සීට් එක ලගට ගොස් ඔහු තීනූ....තීනූ කියා කෑගසා එම දොර ඇර තීනූව එලියට ගන්න උත්සහා දරමින් තීනූ එත්කොටත් සිහිය නැතුව මූණ පුරා ලේ පෙරෙමින් සිටියා ඔහුගේ කටහඩ ඇසුනු දෙදෙනෙක් ඇවිත් ඔහුට උපකාර කලා තීනූ ව එලියට ගන්න ආදිත්‍ය කෙසෙහෝ දොර ඇර තීනූව ඔහුගේ දෑත් දෙක ගද්දිත් තීනූගේ දෑත් අරං තීනූ... තීනූ ....ඔයාට මාව ඇහෙනවද කියා ඇසුවේ හදවතේ මහත් දුකකින් හා ඇස්වල කදුලු පුරවගෙන ඔහු ඇයව ඔසවාගෙන දුවන් ගියේ ඔහුගේ වාහනය දෙසට ඔහුගෙ පසුපසි ආ කොල්ලේක් පැමිණ දොර ඇර ආදිත්‍ට උපාකාර කලා ආදිත්‍ය ඇයව වාහනයේන් තබා ඔහු වේගයෙන් හොස්පිටල් එකට පැදෙවුවේ හිතේ මහත් දුකකින් ඔහු නිතරම තීනූ දෙස බලා තීනූ ඔයාට මොකුත් වෙන්නේ නෑ මං ඉන්නවා ලෙස නිතරම කියා වාහනය වේගෙයේන් පැදගෙම ගියේ හිතේ දුකත් ඇස්වල කදුලුත් වැක්කෙරමින් 

ඔහු හොස්පිටල් එක ඉදිරිපිට වේගයෙන් බ්‍රේක් පහරක් ගසා නවතා ලේ වලින් නෑවී සිරි තීනූ ව ඔසවාගෙන් හොස්පිට්ටල් එක ඇතුලට දිවුවා ඒ දැක්ක නර්ස් දොස්තරලා ඔහු දෙසට දුවගෙන ඇවිත් ට්‍රොලියේ තබාගෙන ගෙන ගියා එ පස්සෙන් ආදිත්‍ය ද දිවගෙන ගියේ කදුලු බේරෙන දෑස් පිසදමමින් ICU එකට ගෙනියන්න ඩොක්ටර් එතන හිටපු නර්ස්ලට කීවා ඒ ඒක්කම නර්ස් ආදිත්‍ය ව නතර කර ඔයාට මෙතනින් එහාට එන්න එපා කියා නර්ස් පවසා තීනූව ඇතුලට අරන් දොර වසා ගත්තා 

ආදිත්‍ය තීනූව වෑසි යන දොර අස්සෙන් බලාගෙන සිටියේ දෑත් දෙක ඔලුවේ තබාගෙන හදවත් වේදනාවකින් ඔහු දොර වැසුනු පසු දොර ලග බිත්තියේ ඔලුව තියගත්තේ මහ හයියෙන් අඩමින් 

ටික වෙලාවක් අඩා ඔහු ෆෝන් එක අරන් ටීනට කෝල් එකක් ගත්තේ විස්‍තරය කීමටයී

හෙලෝ ආදිත්‍ය තීනූව හම්බවුනාද 

ටීනා.... තී....තීනූ ඇක්සිඩන්ට් වුනා දැන් ඉන්නේ හොස්පිටල් එකේ කියා ඔහු අඩන්නට විය

ටීනාද ෆෝන් එකෙන් හැගුම්බරව අපි ඉක්මනට එනවා කියා ෆෝන් එක තිබ්බා

ශානුක තීනූ... ඇක්සිඩන්ට් වෙලා මොකක් තීනූට අමරුද කෝ දැන් ආදිත්‍ය. ආදිත්‍යත් හොස්පිටල් එකේ අපි ඉක්මනට යමු ගිහින් බලමු කියා ශානුකද වේගයෙන් වාහනය පදවන්නට වියි

මිස්ටර් ආදිත්‍ය ඩොක්ටර්ගේ කටහඩට තිගැස්සි බලා ආදිත්‍ය ඩොක්ටර් තීනූට කොහොමද එයා සනීපෙන් නේද කියා ඇසුවා

ඩොක්ටර් ඔහු දෙස බලා මිස්‍ටර් ආදිත්‍ය එයාට ඔපරේෂන් එකක් කරන්න වෙයි එයාගේ ඔලුව්ටයි කකුලයි ඩැමෙජ් වෙලා අපි දැන්ම එක කරන්න ඕන එක කලාම මෙයා ගොඩක් දුරට ගොඩ ගන්න පුලුවන් ඒ වගේම ගොඩක් ලේ ගිහින්

අනේ.... ඩොක්ටර් කෝමහරි තීනූව බේරලා දෙන්න ප්ලීස් ඩොක්ටර් 

අයිවිල් ඩු මයි බෙස්ට් පුතා ඩෝන්ට් වොරි කියා ඩොක්ටර් ආදිත්‍ය ගේ පිටට තට්ටුකර ආපසු හැරි ගියා 


ඒ වෙලාවෙම ටීනුත් ශානුකත් දිවගෙන ආවේ කලබලේන් එවිට ඇදුම පුරා ලේ තවරගෙන සිටින ආදිත්‍ය ව දැක ඔවුන් තවත් කලබල විය ආදිත්‍ය කෝ තීනූ එයාට කොහොමද ඩොක්ටර් මොකද කීවේ ඔවුන් දෙදෙනා මරුවෙන් මරුවට ප්‍රශ්න කරන්නට වියි ආදිත්‍ය එතන තිබු පුටුවේ වාඩිවී ශානුකටත් ටීනාටත් ඩොක්ටර් කිවුව දේ කියා ඔවුනව බදාගෙන අඩන්නට විය ටීනත් ශානුකත් දෑස්වල කදුලු පුරවගෙන හඩමින් එකිනෙකාව සනසන්නට වියා අඩන්න එපා තීනූට මොකුත් වෙන්නේ නෑ බං එයාට හැමදේම හොදින් වෙයි කියා ශානුක අඩමින් පැවසීය. ඔවුන් තිදෙනාම අඩමින් සිටිද්දී තීනූගේ පියාත් ඔවුන් දෙසට කලබලෙන් හා බියෙන් දුවගෙන එද්දි ටීනුත් ශානුකත් ආදිත්‍යත් එකට අඩනවා දුටුවිට ඔවුන් තවත් බය වියා මොකද වුනේ මගේ ලමය්ට කෝ තීනූ කෝ මගේ දුව එයාට මොකද වුනේ ලමයිනේ... අංකල් තීනූව දැන් ඔපරේෂන් තියෙටර් එකට අරං ගියා අංකල් ගොඩක් අමරු නෑ බය වෙන්න එපා අංකල් කියා ආදිත්‍ය තීනූගේ පියා දෙස බලන් සිටියා.. මොකද පුතේ වුනේ ටීනා එක්ක නේද ගියේ ඇයි එයා තනියම ගියේ එයා වේගෙයෙන් යන ලමයෙක් නෙවෙයි ඇයි ලමයිනේ මොකද ඇත්තට මොකද වුනේ එවිට ශානුක යමක් කියන්න හදනවා එක්කම ටීනා ,ශානු,ආදිත්‍ය ගේ දෙමාපියන්ද එතනට පැමිණ අයියේ මොකද වුනේ කෝ අපේ දූ කියා ආදිත්‍යගේ මව තීනූගේ පියාගේ කලබලයෙන් හා බියෙන් ඇසීය.

අංකල් අපි විස්‍තරේ පස්සේ කියන්නම් ඒක දිග කතාවක් කියා ටීනා කීයා එක්කම බානුත් රවින්දිත් එතනට එනවා දුටු ශානු 

ආ......ඔය එන්නේ ප්‍රශ්නේ ඇති කරපු කෙනා සියල්ලෝම පුදුමයෙන් වගේ එකිනෙකාගේ මූනූ බලගත්තේ ප්‍රශ්නාර්ථයක් එක් කරමින් ඒ කිසිවක් ගනන් නොගෙන බානූ ආදිත්‍ය දෙස බලා කොහොමද බං තීනූට කියා ඇසීය එවිට ආදිත්‍ය තරහවෙන් ඔහුදෙ හැරි ඇයි දැන් අහන්නේ ඇයි දැන් ආවේ එයා ගැන අපි බලාගන්නම් ඔයාට දැන් බලාගන්න අය ඉන්නවනේ හැබැයි බානූ තීනූට මොනවහරි වුනොත් උඹලා දෙන්නව තියන්නේ නෑ එවිට රවින්දි ආදිත්‍ය අපිට තීනූව බලන්න ඕන කියා කියද්දි ටීනා තව මොනවා බලන්නද දැන් එයාට කරපු දේ මදීද කරුනාකර මෙතන් යන්න හොස්පිටල් එකක් කියලවත් බලන්නේ නනෑ ශානුකද කෝපයෙන් ඔවුනට කෑගැසුවේය. එවිට බානුක ආදිත්‍ය දෙස බලා අපි දෙන්න ඒක බේර ගන්නම් මට එයාගෙන් සමවාගන්න ඕන කියලා ඉවරවෙනවා එක්කම ආදිත්‍ය බානුගේ කමිසයේන් අල්ලා ආයේ තීනූ ලගට එන්නවත් හිතන්න එපා උඔ නිසයි මේ ඔක්කොම කරුනාකරලා දැන් යන්න මෙතන් හොස්පිටල් එක නිසා මං ඉවසනවා කියා ඉතා තියුනු බැල්මකින් ඔහුදෙස් බලා කමිසය අත හැර ඔවුනට යන්න දුන්නේය ඔවුන් දෙදෙනාද යන්න ගියේය ආදිත්‍ය අනික් සියලුම දෙනා දෙසට හැරිය ඔවුන් ඉතා පුදුම වී තීනූගේ පියා පුතේ මොකක්ද ප්‍රශ්නේ අංකල් ඩොක්ටර් ආවා කියා ඩොක්ටර්ව පෙන්නුවා තීනූගේ පියා ඩොක්ටර් දෙසට ගොස් ඩොක්ටර් මගේ දුව බය වෙන්න එපා සිල්වා දුව හොදින් එයාගේ ඔපරේෂන් එක ස්ක්සස් වුනා එයාව දැන් අපි හොස්පිටල් එකේ රූම් එක්ට දානවා සිහිය එන්න පරක්කු වෙයි ඒ එනකන් එයා ඉස්සරහා කලබල ඇති කරන්න එපා හොදද එයාට මාසයක් දෙකක් යනකන් ඇවිදින්න අමාරුවෙයි ඒවට ත්‍රීට්මන්ස් ගන්න වෙනවා කියා සිල්වාට කියා ඔහු යන්නට විය

තීනූගේ පියා දිග හුස්මක් ගන්නට විය එවිට ටීනාගේ පියා පැමිණ රිලැක්ස් වෙන්න සිල්වා ඔක්කොම හරි යයි අපි පස්සේ හෙමින් ලමයින්ගෙන් අහලා බලමු මොකද වුනේ කියලා 

අංකල් ඔයලා යන්න ශානුක ටීනා අංකල්ව ගෙදර එක්කන් යන්න මං ඉන්නම් දැන් එයාව රූම් එකට දායි දැන් බය වෙන්න දෙයක් නෑ එයාට සිහිය අවාම මං කෝල් කරන්නම් එතකොට එන්න ශානු අංකල්ව පරිස්සමෙන් එක්කන් යන්න පස්සෙ 

ආදිත්‍ය ඔවුන්ට පවසා තත්තේ ආන්ටි අංකල් ඔයාලත් යන්න මං තීනූව බලස් ගන්නම්

හරි පුතේ සිල්වා අපි යමු ආදිත්‍ය ඉන්නවානේ කියා තීනුගේ පියා එක්කන් යන්න වියා ඔහුද මේ වුනෙ මොකක්ද කියා අදහා ගන්න බැරිව කුඩා ලමයෙක් මෙන් වරින් වර අඩන්න විය 

ආදිත්‍ය ඔයා ෂුවර් ද මං අංකල්ව දාලා ටීනායි මායි එන්නම් හරි බං අංකල්ව කලබල කරන්නේ නැතුව ගෙදර ගිහින් විසතරේ කියන්න හරි එද්දි මට ඇදුම් ටිකක් ගේන්න අපෙ ගෙදරින් හරි බං අපි යනවා මොනවහරි දෙයක් නම් කෝල් කරන්න අපි දෙන්න කොහොමත් එනවා 

ටීනාද ආදිත්‍ය ගේ පිටට තට්ටු කරමින් ගියේ ශානුක එක්ක යන්නයි

ශානුකත් තීනූගේ ගෙදර ලග වාහනය නවත්වනවා එක්කම කරුනා අම්මත් වීරේත් ඒ ශබ්දය ආසා ඉදිරි පස දොර විවෘත කරමින් වාහනය දෙසට කලබලයෙන් දුවගෙන එද්දිත් තීනුගේ පියා වහනයේ දොර ඇරගෙන බිමට බැස්සා ඒ එක්කම ලොකු මහත්තයා පුංච් බේබිට කොහොමද මමයි වැරද්දකලේ මම බේබ්ව අරන් යන්න තිබ්බා එහෙනම් බේබ්ට මෙහෙම වෙන්නේ නෑනේ කියා අඩමින් වීරේ කිවේ ඔහුගේ වැරැද්දක් ලෙස හෘදයසාක්ෂියට එකගව තීනූගේ පියා දිග සුසුමක් යවමින් කලබල වෙන්න එපා දුවමනේ අද ඩ්‍රයිව් කරන්න ඕන කිවුවේ එකනේ මං එයාට කිවුවේ වාහනේ අරං යන්න කියලා ඔයාගේ වරදක් නෑ වීරේ අඩන්න එපා බය වෙන්න එපා දැන් දුවගේ ඔපරේෂන් එක සාර්තක වුනා කියා කියාගෙන ඇතුලට ගියා කරුනා අඩන්න එපා දූව ඉක්මනින් සනීප වෙයි කරුනා අඩමින් ඉන්නවා දුටු තීනූගේ පියා පැවසීය එ අතර ශානුකත් ටීනුත් වහනයෙන් බැස ගේ ඇතුලට පැමිනියේ තීනූගේ පියාට මෙම සිදුවු සිද්දිය කේසේ පැහැදිලි කරන්නද කියා සිතමින් ටීනා තීනූගේ පියා වාඩිවි සිටින් සෙටි පුටුවේ වාඩිවෙන ගමන් අපි මේ ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම තීනූගෙ වරදක් නෑ අංකල් තීනූගේ පියා ඔවුන් දෙස බලමින් මං දන්නවා පුතේ ඔයාලා හතර දෙනා පොඩි කලේ ඉදන් අපේ ලග හැදුනා මට ඔයාලව විශ්වාසයි මං දන්නවා ඔයාලා අනිත් සල්ලි තියෙන අයගේ දරුවෝ වගේ නෙවෙයි ඔයාල ඔයාලගේ කොලිටියට ඉන්න අය හරි මට ඔයාලයි බානුයි අතර වුන කතාව අපි ඔක්කොම අහගෙන හිටියා මං හිතන කතාවද කියලා මට කියන්න ශානු පුතේ මොකක්ද ඇත්තටම අද වුනේ 

අංකල්....... මේ බානුක..... කමක් නෑ පුතේ කියන්න ඔක්කොම විසතරේ 

ශානුක මුල සිට සිදුවූ දේ එක හුසමට පැවසුවා ටීනුද අතරින් පතරි ශානුකද මග හැරුන දේවල් කියා සිටියා මේ සියලුම දේ තීනූගේ පියා අසා සිටියේ දැඩි කෝපයෙන් හා දුකෙන් බානුක විසින් ඇයගේ දුවව රවට්ටපු නිසා 

ඔහු සියල්ල අසා පුටුවෙන නැගිට්ටේ මං ඔකාව තියන්නේ නෑ මං අහිංක කෙල්ලගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න ගියාට කියා කෑගැසුවා එවිට කරුනාද වීරේද මෙම කලබලය අසා දුව එන්නට විය වීරේ ගන්න වාහනය යං කියා යන්නට සැරසුනේ ඔහුගේ කෝපයෙන් කෑගසමින් ශානුක අංකල් දැන් අපි තීනූ ගැන බලමු එයා ඉක්මනට හොද වෙන්න එකයි අපි බලන්න ඕනේ පස්සේ අපිම බලා ගන්නම් ඔය බානුක ගැන ඔහු දෑත් මිටි මොලවාගෙන කෝපයෙන් කීයා 

ඒනිසා අංකල් දැනට මොකුත කරන්න එපා දැන් අපි හැමෝම තීනූට සිහිය එනකන් ඉමු පස්සේ මේ ගැන බලගමු වීරේ අංකල් ඔයා වහනේ ගන්න එපා කියා නැවත තීනූගේ පියාව පුටුවේ වාඩිකරවිය.. 

ටීනා කරුනා අම්මා දෙසට හැරි කරුනා අම්මේ අපි තීනූගේ ඇදුම් ටිකක් අස්කර ගමු දැන් අපි යනවා ශානු ඔයා ආදිත්‍ය ගේ ගෙදර ගිහින් එයාට ඇදුමක් අරං එන්න එයා ලේ ගෑවුන ඇදුමත් එක්ක තවම ඉන්නේ ඔයා එවා අරගෙන මාව පික් කරන්න අපි දෙන්න යමු එවිට තීනූගේ පියා කදුලු පුරවගෙන මාත් එන්නම් ඔයාල එක්ක පොඩි දරුවෙක් මෙන් ඇසීය අංකල් රෙස්ට් කරන්න අපි තීනූට සිහිය ආවාම අංකල් එන්න වීරේ අංකල් මහත්තයාව එක්කන් එන්න ශානුක පැවසුවේ ඔහු පිටත් වෙන්න සැරසෙනවා එක්කම ටීනාද අංකල් ටිකක් රෙස්ට් කරන්න කියා ඇයද තීනූගේ කාමරයට ගියේ ඇයට අදින්න ඇදුම් සකස් කරන්න වීරේ අ මහත්තයාව කමරේට එක්කන් යන්න ගිහුන් ටිකක් නිදාගන්න මං බේබිගේ ගෙනියන්න ඇදුම් හදලා බේබ්ලාව පිටත් කරන්නම් තමන්ගේ ඇස්වලි එන කදුලු සිරකරගනිමින් කරුනා පැවසුවේ තීනූගේ පියා ඔලුවට අත තියාගෙන බිම බලාගෙන කල්පනා කරසිටි බැවින් ඔහු ඇය දෙසවත් නොබලා හ්ම්ම්ම්ම්. ලෙස ඔලුව වන වීරේ සමග කාමරයට යන්නට විය කරුනාද පඩිපෙල දිගේ උඩට ගියේ හදවතේ වේදනාවෙන් මෙතෙක් හිර කරන් සිටිය කදුලු සලමින් ඇය කාමරයට යන විට ටීනා තීනූගේ කාමරයේ තීනූ ගේ මේසය උඩ තිබුනු ඔවුන් හතර දෙනාගේ පිංතූරය අතට ගෙන කරුනා අම්මා දෙසට හැරි පැවසුවේ කරුනා අම්මට මතකද මෙතන ශානුකගේ බර්ත්දේ එක දවසේ අපි හතර දෙනා රන්ඩු වුනා ඔයා තෑග්ගක් දීලා අපි හතර දෙනාට පාට වෙනස් නිසා එ පාට වලට රන්ඩුවුනා ඔයාලා දුවගෙ ඇවිත් අපිව බේරගත්තා එතකොට ඔයා අපි හතර් දෙනා පනිශ්මන්ට් කලා අපි හතර් දෙනාව කමරේ තියලා එකිනෙකාට සමාව දෙනකන් පොතේ සමාවෙන්න කිය්ලා ලියන්න කිවුවා අපි එක ලියන්නත් කලින් අපි හතර දෙනාම බදාගෙන සමාව ගත්තා වගේම පොරොන්දු වුනා අපි හතර මොන ප්‍රශ්නේ ආවත් එක ඉන්නවා කියලා ඒ හිනදා තීනූට මොකුත් වෙන්නේනෑ එයා අපිට පොරොන්දු වුනා කියා කදුලු සලමින් අඩන්න වුයේ මෙතෙක් හිරකරගෙන සිටි සියලුම දුක් කදුලු පිට කරමින් එවිට කරුනා අම්මා ඇය බදාගත්තේ ටීනාව ඇයට තේරුම් ගන්න පුලුවන් වු නිසා ටීනාගේ ඇඩුමද වැඩි වුයේ එ සෙනෙහෙ වන්ත වැදගැනීම ඇයට සැනසීමක්ගෙන දුන් නිසායි....... අමතක වු වහනයේ යතුර ගන්න හා ටීනාත් උදේසිට එකම ඇදුමෙන් සිටි නිසා ඇයටත් එක්කම ඇදුම් ගෙනෙන්න ඕනද කියා අසන්නට ආ 

ශානුකද තීනූගේ කාමරයේ දොර අසල එම කතාව ආසා සිටියේ ඔහුද කදුලු පුරවන් 

ඔහු ඔහුටම කීවේ තීනූ අපි ඔයා වෙනුවෙන් ඉන්නව කියා නැවත් ඔහු හැරියන්නට විය........


තීනූට මොනවා වෙයිද ඇය ඇත්ත්ටම සුව වෙයිද නැත්ත්ම් ජිවිතේට හානියක්වෙයිද 

මේ කුතුහලයත් එක්කම අපි නැවත් හමු වෙමු 


හැමදමත් ආදරෙයි


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!