3 කොටස
පරිච්ඡේදය 4 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්
තීනූගේ ඔපරේෂන් එක ඉවරවී තීනූව හොස්පිටල් රූම් එකේ ඇය සිහිසුන්ව ඇදේ වැතිරි සිටිනවා දුටු ආදිත්‍ය ඇය දෙස කදුලු පිරුනු දෑසින් ඇය වැතිරි සිටින ඇද ලග පටුවක වාඩි වී ඇයගේ එක් අතක් ඔහුගේ දෑත් දෙක මධ්‍යයේ තබා ගනිමින් ඇයගේ මූහුන බලා සිටියේ ඇයට කොයි මොහොතේ හෝ සිහිය පැමණෙයි කියා බලාපොරොත්තුවෙන් ආදිත්‍ය ඇයගෙන් මොහොතක් වත් වෙන් වුනේ නෑ ඇය ලගම සිටියා
ඔහු ඇයගේ දෑත් ඔහුගේ කම්මුල මත තබා හිසපිරිමැද්දේ හිතේ ඉතිරෙන් ආදරෙන් කවදවත් ඇති නොවු ආදරයක් ඔහුගේ හිතේ පිරි ඉතිරි යන්නට විය ඔහු ඇයගේ මූණ දෙස බලමින් පුංචි සුරංගනාවියක් නිදාගෙන ඉන්නවා වගේ කියා ඔහු තනිව ඔහුටම කියා ගත්තා
පසුව ඔහුට ඇසුනේ කාමරේ දොර ඇරෙන ශබ්දයක් ඔහු ඒ දෙසට හැරි බැලුවේ කුතුහලයෙන් දොරෙන් ඇතුල් වුයේ ශානුකත් ටීනාත් ය ඔවුගේ දෑත් වල තිබු බෑග් බිමින් තියා ආදිත්‍ය ලග ඇවිත් ශානුක කරට අත දමා ආදිත්‍ය කොහොමද බං තීනූට තාම නැගිට්ටේ නැද්ද කියා ඇසුවේ ආදිත්‍ය ගේ වෙහෙසකර මූහූණ දෙස බලමින්
ආදිත්‍ය ඔලුව දෙපැත්තට වනා තාම නෑ ඩොක්ටර් කිවුවා සිහිය එන්න පරක්කු වෙයි කියලා
හ්ම්ම්... එහෙමද අපි ඉවසන් ඉමු
ශානුක පැවසුවේ ආදිත්‍ය ගේ කර දෙපැත්තෙන් අත තබාගෙන එවිට ටීනූ ආදිත්‍ය දෙසට ඔහුගේ ඇදුම් බෑග් එක දුන්නේ දැන් ඔයත් වොශ් එකක් දාගන්න ඔයා උදේ ඉදන් ලේ පිරුනු ඇදුමෙන් ඉන්නේ ඔයා චෙන්ජ් කර ගන්න අපි කෑමත් ගෙනවා ඔයා ඒකත් කන්න අපි ලග ඉන්නම් නැත්තම් ගෙදර ගිහින් රෙස්ට් එකක් ගන්න කියා කීවේ ඔහුගේ වෙහෙසකර මුහුන දෙස ටීන බලමින්
නෑ මට ගෙදර යන්න ඕන නෑ ටීනා මට මෙයාව දාලා යන්න බෑ මං මෙහෙන් වොශ් එකක් දාගෙන ඇදුම් මාරු කරන්නම් මෙතනම කන්නන් හරි බං උඔටත් මහන්සි නේ ඒකයි කිවුවේ ගෙදර යන්න කියලා හරි උඔ වොශ් එකක් දාලා කන්න අපි එතකන් ඉන්නම් කියා ශානුක ඔහුව පුටුවෙ නැගිට්ටුවෙ ඔහුට ඔහු තවමත් කලබලයෙන් හා දුකෙන් පසුවෙන බවත් ඔහුට මේ වෙලාවේ තීනූව තනි කරන්න බැරි බව තේරුම් ගෙනය හරි මං යන්නම් වොශ් එකක් දාගෙන එන්නම් කියා ඔහු වොශ් රූම් එකට ගියා එවිට ශානුකද දිගු සුසුමක් යවා තීනූගේ මූණ දෙස බලා ඔලුව අත ගා ඉක්මනින් ආයේත් අපි ඉස්සර හිටි වගෙ ඉමු තීනූ කියා හිතින් හිතා ඇයගේ ඔලුව අත ගෑවා ටීනූද තීනූ ලගට ඇවිත් සිහිසුන්ව සිටින තීනූ දෙස බලා අපේ සුරංගනාවී කියා මූන අතගෑවා සිහිය ආවම බය මොනවා වෙයිද කියලා බානු කරපු වැඩේ නිසා අද අපේ කෙල්ලට මෙහෙම වුනා මං ඕකව අත අරින්නේනෑ කියා ටීනූද හිතින් හිතලා ඇයත් කාමරේ දිග කුශන් කරන ලද පුටුවේ වාඩිවිය ආදිත්‍ය වොශ් එකක් දමා ඔහු කෑම කලා ආවම ශානුක ආදිත්‍ය ට වාඩි වෙන්න් ඉඩදී ඔහු නැගිට ගියේ ටීනූ වාඩිවී සිටි පුටුවට
පසුව ඔවුන් තිදෙනා නොඉවසිල්ලෙන් තීනූට සිහිය එන තෙක ඔවුන් කමරේ එහෙට් මෙහෙට මරුවෙන් මාරුවට තීනූ අසල වඩිවී සිටින අතර ආදිත්‍ය තීනූගේ ඇද අසල ඇයගේ අතක් අල්ලාගෙන ඇද මත ඔලුව තියාගෙන නින්ද යන්නට විය ටිකකින් ශානුකත් ටීනුට දෑස් පියවෙන්නට විය.
ටික වේලාවකින් තීනූ හෙමින් දෑස් අරින්නට උත්සහා දරන්නට විය. මුලදී හැමදේම බොදවී පෙනුනත් නැවත දෑස් වසා යලි අරින්නට විය ඇය දෑස් අරිද්දි මං මේ කොහේද ඉන්නේ කියා කුතුහලයෙන් වටපිට බලන්න විය එවිට ඇය දුටුවේ ඇදමත ඔලුව තියන් නින්දේ පසු වෙන ආදිත්‍ය ඇයට හිතට සැනසීමක් ආවේ ඇයගේ දෑත අල්ලාගෙන නින්දේ පසුවෙන ආදිත්‍යයි ඇය හෙමින් අමාරුවෙන් අනිත් අතෙන් ඔහුගේ ඔලුව අත ගෑවේ පවු කොල්ලා යනුවෙන් සිතමින් ඔලුව අතගද්දි
ආදිත්‍යයට යමෙක් ඔවුහුගේ ඔලුව පිරිමදිනවා දැනෙන්නට විය ඔහුද හෙමින් දෑස් ඇර බලද්දි තීනූ ඔහුගේ ඔලුව පිරිමදිමින් සිටිනවා දුටුවා ඔහු ඉක්මනින් ඔලුව උස්සා තීනූ ඔයා ඇහැරුනාද කියා පුටුවෙනුත් නැගිටින ගමන් මහා ශබ්දයෙන් ඇසුවා එවිට ටීනාත් ශානුකත් ගැස්සි නින්දෙන් නැගිට තීනූ ඔයා ඇහැරුනාද ඔයාට දැන් කොහොමද කියා ඉතා සතුටින් ඔවුන් ඇසුවා තීනූ කට කොනින සිනාසෙමි මං හොදින් ශානුක කියා නැගිටින්නට විය එවිට ඇයට වේදනාවක් දැනෙන්නට වියා
හා...හා.... දැන්ම ඔයාට නැගිටින්න බෑ ඔයා රෙස්ට් කරන්න ඕන ශානු ඩොක්ටර්ට ඒන්න කියන්න කියා ආදිත්‍ය නැවත තීනූව ඇදේ හාන්සි කරවිය ටීනා ඇයට වතුර ඕනද කියා අසා ඇයට වතුර ටිකක් දෙන අතරේ ශානුක ඩොක්ටර්ත් එක්ක කාමරයට ආවා ආ...... දූවේ දැන් කොහොමද කියා අසා ඇයව ටිකක් චෙක් කරන්නට විය පසුව ටික වෙලාවක් ඔහු තීනූව හොදින් චෙක් කර ශානුක දෙසටත් ආදිත්‍ය දෙසටත් හැරි බය වෙන්න එපා ඔක්කොම නොර්මල් කියලා දවස් තුන හතරක් ඉදලා ගෙදර යන්න පුලුවන් එතකන් ට්‍රීන්ට්ස් මන්ට් ටිකක් කරගන්න ඕන කියා ඩොක්ටර් පැවසුවා ඒ ආසා තිදේනාම ඒ වෙලාවෙ ඔවුන් දිගු සුසුමක් යවා අම්මෝ ඇති යන්තම් කියා තීනූ දෙස බලමින් හිනාවුනා තීනූද ඔවූන්ට හීනා වුනා
ඩොක්ටර් කාමරයෙන් ගියාට පසු ශානුක ආ... අංකල්ට කෝල් එකක් දාන්න ඕන ඔයා නැගිට්ටා කියන්න කියා ඔහු නැගිට යන්නට විය ටීනත් ඔහුගේ පස්සේන ගියේ ඇයගේ දුරකථනයට කෝල් එකක් ආවා නිසා ඇයද කාමරයෙන් එලියට ගියේ ආදිත්‍ය ඔයාට තේ එකක් මං කැන්ටින් එකෙන් අරං එන්නම් කියා ආදිත්‍ය හා... එක නම් හොදයි කියා ඇයට පිලිතුරු දුන්නා තිදෙනාගෙම හිත්වලට යම් සැනසිල්ලක් ගෙන දුන්නේ තීනූගේ තත්වය හොද අතට හැරුනු නිසාවෙන්
ආදිත්‍ය මට සමාවෙන්න ආදිත්‍ය ඔයාලා මං නිසා ගොඩක් මහන්සි වෙනවා මට තාම දුකයි ආදිත්‍ය බානුට මං කොච්චර නම් ආදරේ කලාද ඇයි ආදිත්‍ය මගේ ඒ ආදරේ එයාට දැනුනේ නැත්තේ මං මොනවද කරන්නේ ආදිත්‍ය මට තේරෙන්නේ නෑ මං මොනවා කරන්නද කියලා කියා ඇය හිතේ තිබුන වේදනාව මහ හඩින් පිට කරමින් එවිට ආදිත්‍ය ඇයව ඔහුගේ තුරුලට රැගෙන ඇයව සනසන්න විය
තීනූ ඔයාට අඩන්න ඕන නම් ඕනම තරමක් අඩන්න ඔයාට මං ඉන්නවා කියා කීවේ හිතේ උපන් මහත් සෙනෙහසින් ඇය ආදිත්‍යගෙන් දැනුනු නුහුරු උනුසුමත් සමග ඇය මහ හඩින් අඩන්න විය ඇය අඩා නිමවන තෙක් ආදිත්‍ය ඇයව බදාගෙන සිටියා ඔහුද ඇයගේ හිස පිරිමදිමින් සිටියේ ඇයගේ උණුසුමද ඔහුට නුහුරු බවක් හා හදවත වේගයෙන් ශබ්ද කරන්න විය ඔහු බයෙ සිතුවේ තීනූට එක ඇසේවිද කියා පසුව ඇය අඩා ඉවර වු පසු ආදිත්‍ය ඔයා දැන් හොදට රෙස්ට් කරන්න දැන් කරුනා අම්ම එවී කෑම අරං එතකන් ඔයා නිද ගන්න කියා ඇයව ඇදේ හන්සිකර ඔලුව අතගෑවා තීනූට ඒ විගසි තීබූ මහන්සියට නින්ද ය්න්න විය.
පසුදා උදෑසන ඇය ඇස් ඇර බලන විට නර්ස් කෙනෙක් ඇයගේ සේලයින් බෝතලය මාරු කරනවා දුටුවා ඇය වටපිට බලන්නට විය නමුත් ආදිත්‍ය හෝ ටීනාවත් ශානුකවත් සිටියේ නෑ
ආ...... ගුඩ්මෝර්නින් ඔයා හොයන්නේ ඔයා ආදරෙ කරන කෙනාද කියා ඇය සිනාවක් පෑවා ඔයා නම් මාරම ලකී ඔයාගේ බෝයි ඔයා හොස්පිටල් එකට ඔයාව අරං එද්දි ඔයාව උස්සගෙන ආවේ එයා ඔයාට සිහිය එනකන් පොඩ්ඩක්වත් එහාට වුනේ නෑ ඇත්තමයි එයා නම් ඔයාව ආදරෙන් බලා ගන්නවා ඊයේ රෑ එලිවනකන් ඔයා ලගම හිටියා ඇත්ත්ටම මං නම් කවදාවත් මේ වගේ ආදරේ කරන කෙනෙක් දැක්කේ නෑ
තීනූ පුදුම වී බලා සිටියා වගේම ඇයගේ හිතේ බානුක වත් ආවද ඒත් ඊයේ ආදිත්‍ය නේ මං ලග හිටියේ කෝ දැන් එයා කොහෙ ගිහිනද බානුක ආපු නිසා එයා යන්න ගියාවත්ද? ඇය නර්ස් දිහා බල සිනාවක් පාලා
සිතුවිල අතර අරමං වෙලා සිටිද්දී එවිට කාමරයේ දොර ඇරන් ආ ආදිත්‍ය දැක නර්ස් ඔය එන්නේ කියද්දිම කියා ඇය ආදිත්‍ය දෙස සීනාවකින් බලා තීනූදෙස හැරි බැලුවා ඕ....... මේ මගේ යාලුවා කියා තීනූ පැවසුවිට යාලුකම් තමයි කවද හරි ආදරේට පෙරලෙන්නේ කියා ඇය සීනාසී කාමරෙන් යන්නට විය
ආදිත්‍ය පුදුමෙන් වගේ තීනූ දෙස බලා.මොකක්ද ඒ කතාව මට ඇහුනේ නෑ කියා තීනූගේ ඇද ලගට පැමිනියා
තීනූද ලැජ්ජාවෙන් මොකුත් නෑ
ආදිත්‍ය මට බඩගිනි කියනවා එක්කම යමෙක් දොර ඇරන් පැමිනියේ ඒ වෙලාවෙයි තීනූ තාත්තේ ... කියා සිල්වාව බදාගත්තේ තමන් කරපු දේ වැරැද්දක් බව හැගුනු නිසා ඇය අඩන්නට විය මට සමාවෙන්න තාත්තේ ඒ වෙලාවේ මට මොනවා කරන්නද කියලා දන්නේ නෑ ඒකයි මං ඔහේ වේගයෙන් ගියේ ඒත් මං ඇක්සිඩන්ට් වෙයි කියලා හිතුවේ නෑ තාත්තේ මං මැරෙන්න ඕන කියලා කොයිවෙලාවෙත් හිතුවේ නෑ මට ඔයාලා නැතුව ඉන්න බෑ තාත්තේ මගේ හිතට තාම දුකයි තාත්තේ කියා තීනූ එක දිගට ක්‍යවමින් සිල්වාව බදාගෙන හැඩීය එවිට සිල්වාද ඇයගේ ඔලුව අතගාමින් හරි දැන් ඔක්කොම ඉවරයි මගේ දූ දැන් ඔයා හොද වෙලා ආවාම අපි ඒ ගැන කතා කරමු ඔයා දුක් වෙන්න එපා මං ඉන්නවානේ මගේ දූට අඩන්න එපා කියා නලලට හාදුවක් දුන්නේ ඇයගේ හිතේ දුක තුරන් වෙන්න
ඒ මොහොතේ තීනූ ශානුකත් ටීනාත් කරුණා අම්මත් කමාරේ ඉන්නවා දැක්කේ
අපෝ...... මං මේ බැලුවා හොටු පෙර පෙර අඩන්නේ කවුද කියලා බලද්දී අලී බබේක් නේ අඩලා තියේන්නේ මූනේ හැටී පොඩි කාලේ ඇදේ චූ කර ගතතා වගේ අඩනවා
ශානුක ඇයට විහුලු කරන්න වියා එවිට හැමෝම හිනා වුනා තීනූට ලැජ්ජාවක් දැනිලා අනේ මේ ශානුක මං ඇඩුවේ නෑ හරිද
ආ.....එහෙනම් මමද දැන් හොටු පෙර පෙර ඇඩුවේ
මට ඇදෙන් බහින්න පුලුවන් වුනානම් මං තමුසෙට හොද වැඩක් කරනවා ... ආ එහෙමද කියා ශානුකත් තීනූත් විහිලුවට රන්ඩු වෙන්නට විය
හරි හරි බෙබිලා රන්ඩු වෙන්නේ නැතිව දැන් කෑම කමු හැමෝටම බඩගිනි ඇතිනේ කෑම වල සුවද දැනී තීනූගේ බඩගින්න තව තව වැඩිවෙන්නට විය
ආදිත්‍ය කරුනා අම්මේ මට දෙන්න මං කවන්නම් කියා තීනූට කෑම කවන්න ලගට ආ කරුනාව දැක්ක ආදිත්‍ය ඇයගෙන් පිගානය ඉල්ලා තීනූට කවන්නට විය ඔහු තීනූට ඉතා පරිස්සමෙන් හා විමසිල්ලෙන් ඇයගේ කට වටා ගෑවුනු කෑම පිසමින් ඔහු තීනූට කෑම වන විදිහ දැක තනිව හිනාවී මං වතුර එකක් ගේන්නම් කියා ඈ එතනින් යන්නට වියා අනික් අය හිනා සෙමින් හා කතා කරමි සතුටි කෑම කන්නට විය හැමෝම තීනූ සනීපව ඉන්නවා දැකීම ඔවුනෙ ගේ සිත්වල යම් තරමක් සැනසීමක් දැනෙන්නට විය නමුත් ඔවුන්ගේ හිතේ කොනක තීනූට ඉදිරියට බානු ගැන මොන වගේ තීරණායක් ගනීද කියලා පොඩි සැකයක් හා ඇය වූ දේ ගැන බානු ගැන තරහක් මෙන්ම තීනූ ගැන දුකක්ද තිබේ නමුත් තීනූගේ සුව වීම ඔවුන් ගේ පලමු දේ නිසා ඔවුන් තීනූ සුව වන තෙක් සියල්ල යටපත් කර දමාගේන සිටී ඒ වගේම තීනූ සීනාසී අනිකය සමග සිටියත් ඇය හිතේ මහ දුකක් තියන් ඉන්න බවද ඔවුන් නොදන්නවා නොවේ මේ වෙලාවේ තීනූ ගැන සිතා ඔවුන් එ සියල්ල ඉවසන් ඉන්නවා ඇර වෙන විකල්පයක් නැතී නිසා
සියල්ලෝම කා බී අවසන් වූ පසු සිල්වා ඩොක්ටර් හමුවීමට ගියේ තීනූගේ සුව දුක් ගැන වැඩි විස්‍තරයක් ලබා ගැනීමට
ආදිත්‍ය ඔයා අද ගෙදර ගිහින් රෙස්ට් එකක් ගන්න මං ඉන්නම් තීනූත් එක්ක කියා ටීනා කීවේ ශානුක ඊයේ ඉදන් මහන්සි වී හරිහැටි නින්දක් නොමැති බව හා තෙහෙට්ටු වි ඇති ඇස් දෙස බලමින්
නෑ.... ටීනා මට මහන්සි නෑ මට ඉන්න පුලුවන්
එවිට තීනූ ඔව් ආදිත්‍ය ඔයා ගිහින් රෙස්ට කරන්න ඔයා ඊයේ ඉදන් නිදාගත්තේ නැහැනේ ටීනා ඉන්නවනේ ශානූ ඔයත් ඉන්නවද
ෆෝන් එක දෙස එබී බලා යමක් කොටමි සිටි ශානුක දෙස බලා තීනූ ඇසුවා
ආ......ඔව් මාත් ඉන්නනම්
ඒත් බං ආදිත්‍ය යමක් කියන්න කට ඇරියා හරි හරි බය වෙන්න එපා අපි දෙන්නා ඉන්නම් ඔයා යන්න මොනවහරි ඕන වුනොත් ඔයාට කෝල් එකක් දෙන්නම් ශානුක ආදිත්‍ය ගේ කරට අත දමාගෙන පැවසුවා
එවිය ආදිත්‍ය හරි මං එහෙනම් යන්නම් මං හවසට එන්නම් ඒ ආවාම මං ඉන්නම් රෑට
තීනූ පරිස්සමෙන් ඉන්න කියා ඇයගේ ඔලුව පිරුමැද්දේ කවදාවත් නැතිව ඇයව තනී කර යන්නට හිත නොදුන් නිසා
එවිට ශානුක ආදිත්‍ය ව ඇදගෙන ගියේ හරි හරි බං උඔට අපිව ශුවර් නැද්ද බං? කියා ආදිත්‍ය ව දොර ලගට ගෙන ගියා ඒ අතර ටීනා තීනූ අපි ෆන් එකේ ඉමු නේද අනේ කියා ටීනාත් තීනූගේ ඇද උඩ වාඩි වෙන ගමන් ඇසුවේ කලපනාවක සිටි තීනූ දෙස බලමින්
ආදිත්‍ය දොර වසා යන්නට පෙර තීනූ දෙස හැරි බලා සිටියේ හිත යටින් මොකක්දෝ අමුතු හැගීමකින් එම හැගීම යටපත් කරගෙන තිබු හැගීම නැවත් ඇවිසුනාද කොහෙද
ඔහු දොර වසා ශානුකත් සමග වාහනය නවතා තිබු දෙසට යන්නට විය
එහෙනම් යාලුවනේ ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි බලමු
ඉතින් හැමදාම වගේ හැමදාමත් ආදරෙයි ආදර කතාව එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා අමතක කරන්න එපා කතාව ලස්සනයි නම් මට වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා
හැමදමත් ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻