4 කොටස
පරිච්ඡේදය 5 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්
ආදිත්‍ය ගෙදර මිදුලේ වාහනය නවත්වා ඔහු ගෙට ගියේ අම්මා.....කියා කතා කරමින්
සාලයේ ඇවිත් වාඩි වුයේ ඉතා තේහෙට්ටු ගතියකින්
එවිට පත්තරයක් බලන් සිටි ආදිත්‍ය ගේ තාත්තා ඔහු දෙස බලා හොදටම මහන්සි නේද පුතේ කියා ලෙන්ගතු කමෙන් ඇසුවා එවිට ආදිත්‍ය උත්තර දෙමින් ඔවු තාත්තේ ටිකක් විතර මහන්සි එවිට ආදිත්‍ය ගේ මව ඔහුට බීම විදුරුවක් දික්කර ඔහු අසලින්ම වාඩිවිය
දැන් කොහොමද පුතේ දුවට ඔහුගේ මව ඇසුවා දැන්නම් හොදයි අම්මේ ඒත් ඩොක්ටර් අදත් චෙක් කලා දැන්නම් හොද තත්වයේ ඉන්නවා කිවුවා ඒත් මාසයක් යනකන් ඇවිදින්න තමයි එවාට ට්‍රීට් මන්ට් කරාම හරියයි කිවුවා
හ්ම්ම්.... ඒ කෙල්ලට වුන දෙයක් පවු නේද කෙල්ල
කියා තාත්තා දෙස බැලුවා
තාත්තා බලා සිටි පත්තරය මේසය උඩින් තියා හ්ම්ම ඒකනම් ඇත්ත තමයි එයාට හොද වුනාට කෙල්ලගේ හිතේ තුවාලේ හොද වෙන්න නම් කාලයක් යයි
ඒක නම් ඇත්ත තමයි තාත්තා අපි තාම ඒ ගැන තීනූ එක්ක කතා කලේ නෑ මොකද දැන් ඒ ගැන කතා කරන්න වේලාව නෙවෙයි තාත්තේ
ඒක නම් ඇත්ත පුතේ අම්මද ඒකට එකග විය
මට හිතා ගන්න බැරි බානුක ඇයි මේ කෙල්ලට එහෙම දෙයක් කලේ කියලා අම්ම ආදිත්‍ය ගෙන් ඇසුවා
හ්ම්ම්......තත්තා දිගු සුසුමක් යවා
ඒකට වාසනාව නෑ ඇත්තට තීනූ වගේ ගෑනු ලමයෙක් ජිවිතෙට ලැබෙනවා කිවුවම කොච්චර වාසනාවක්ද අනික තීනූ කොච්චර හොද ලමයෙක්ද
ඒක තමයි අපේ මහත්තයා මාත් කල්පනා කලේ
මිස්ටර් ලියනගේ හරිම අප්සටි එකේ ඉන්නේ එයාට මිස්ටර් සිල්වාට මූණ දෙන්න බැරිව ඉන්නේ ඊයේ මීටින් එකේදී හරිම කලකිරිලා හිටියේ එයාගේ කතාවෙන්ම තේරුනා තාත්තා එසේ කියද්දී ආදිත්‍ය
බානුකගේ වැඩ වලට අංකල් ආන්ටි මොනවා කරන්නද ආදිත්‍ය ද පැවසුවා
පුතා ආයේ හොස්පිටල් යනවද ආදිත්‍යගෙ මව ඇසුවා
ඔව් අම්මේ ශානුකයි ටීනයි දැන් ඉන්නවා එයාලා තමයි කිවුවේ අද රෙස්ට් කරන්න කියලා ඒත් මං ටිකක් වොශ් එකක් දාගෙන ටික වෙලාවක් රෙස්ට් කරලා මං යනවා අම්මේ
කමක් නෑ පුතේ මං ඇහුවේ තීනූ ආසයිනේ මං හදන රයිස් කන්න මං ටිකක් හැදුවා පුතා යන වෙලාවට කියන්න කෝ මං බෙදලා දෙන්නම් හරි අම්මේ
පුතේ ඔයා වොශ් එකක් දාලා කලා ටිකක් රෙස්ට කරන්න තාත්තා එසේ කිවේ තෙහෙට්ටු වී ඉන්න ආදිත්‍ය ව දැක
හරි තාත්තේ කියා ඔහු පුටුවෙන් නැගිට ඉහල මාලයේ ඔහුගේ කාමරයට ගියා එවිට ආදිත්‍ය ගේ මවද පුටුවෙන් නැගිට කුස්සියට ගියා
ඒ අතර ශානුක ආදිත්‍ය ව වාහනයට දමා ඔහු නැවත තීනූගේ කාමරයට ගියේ තීනුට අයිස්ක්‍රීම් එකක්ද රැගෙන ඔහු දොර ලග සිටගෙන ඉන්න ටීනාව දැක කලබලයෙන් ඇය දෙසට ගොස් මොකො බං එලියේ ඉන්නේ ඇයි කෝ තීනූ කියා ඇයගෙන් පුදුමයෙන් වගේ ඇසීය එවිට ටීනා හඩ අවදිකරනවාත් සමග වීදුරු බිදෙන හඩක් ඇසී ටීනාත් ශානුකත් කාමරය්ට දුව ගොස් බලද්දි බානුක ඇද අසල සිටගෙන ඉන්නවා වගේම එ අසල වීදුරුවක් බිදිගොස් තීනූද යන්න මං කිවුවානේ මට දැන් කිසිම දෙයක් ඔයාගෙන් අහන්න ඕන නෑ ශානුක මෙයාට යන්න කියන්න කියා ඇය වටා තිබෙන දේවල් පොලවේ ගසන්නට විය එවිට ටීනා දුව ගොස් තීනූව සන්සුන් කරන්න විය ඒ අතර ශානුක බානුකගේ කම්සයෙන් ඇදගෙන අපි තමුසෙට කිවුවා මෙහෙ එන්න එපා කියලා තේරුනේ නැද්ද
ශානුක මං කියන අහන්න මං ආවේ තීනූගෙන සමාව ගන්න බානුක පවසද්දි අනේ බානුක දැන් එකීට ඉන්න දීපිය දැන් තමුසෙට ඕන එකීව මරාගන්නද උඔ එකීව රැවට්ටුවා මදිවට දැන් එකිව මරන්නද ඕන උඔයි රවින්දි එකතුවෙලා තීනූව රවට්ටලා තව සමාව ගන්න එනවද ශානුක ඔහුව බිත්තියට තද කරමින් කෝපයෙන් කෑගසන්නට විය උඔට තීනූගේ ආදරේ දැනෙන කොට උඔ ගොඩක් පරක්කුවෙලා තියෙයි බලපන් ආයේ...... උඔ මේ පැත්තේ පලාතේ එන්න එපා ආයේ තීනූ ලගට එන්නවත් හිතන්න එපා එවිට බානුක ඔහුව තල්ලු ඒක මායි තීනූයි බේර ගන්නම් කිවා එවිට ශානුක ඔහුගේ මූණට පාරක් එල්ල කලා එවිට ඔහු විසි වී ගොස් වැටුනි බානුක හෙමින් පුටුවක් එක අතකින් අල්ලගෙන් අනික් අතින් තොල ලගින් ගලන ලේ අල්ලගෙන නැගිටින්න විය එවිට ඩොක්ටර්ත් නර්ස් ලා දුවගෙන එතනට පැමින මොකක්ද මේ කරන්නේ මේක ගෙදර නෙවෙයි රන්ඩු වෙනවානම් එලියට ගිහින් රන්ඩු වෙන්න ඔයාලා වැදගත් පවුල් වල ලමයි නෙද් මෙහෙම පබ්ලික් ප්ලෙස් වල රන්ඩු වෙන්නේ
ඩොක්ටර් හොදටම දොස් පැවරුවා එවිට සොරි ඩොක්ටර් කියා බානුක එයාගේ තුවාල වෙලා ලේ එන තොල් අල්ලමින් කිවේය එවිට නර්ස් කෙනෙක් එන්න අපි ඕකට බෙහෙත් දාගමු කියා බානුකව එක්කන් ගියා ඩොක්ටර් එතනින් පිටව ගිය පසු ශානුක තීනූගේ කාමරෙට ගියේ තීනු කොහොමද කියා බලන්නයි එවිට ඔහු දුටුවේ තීනූට නින්ද ගොස් ඇති බව ඒ අසල සිටි ටීනා මං කැන්ටින් එකට ගියා තීනූට බොන්න දෙයක් ගෙන්න එත්කොටයි බානුක ඇවිල්ලා තියෙන්නේ මං එලියට වෙලා හිටියේ ඔයා එනකන් කියා ශානුකට කාරනාව පැහැදිලි කරන්න විය එවිට ශානුක් ඇසල තිබු පුටුවේ වාඩි වුනේ හිතේ තිබුනු කෝපයත් එක්ක ඒ කෝපය නිසා ඔහු කිසිවක් කිය්න්න ගියේ නැත
ආදී පුතේ ඔයා යන්නද යන්නේ
ආදී ලෑස්තිවී එලියට බහිනවා දුටු ඔහුගේ තාත්තා ආදිත්‍ය ගෙන් ඇසුවා ඔව් තාත්තේ මං යනවා මට ටිකක් නින්දත් ගියා
හ්ම්ම්ම්....... පුතේ ආදිත්‍යගෙ පියා යමක් පැවසීමට ඇති බව ආදිත්‍යට තේරුම් ගත හැකි වී
ඇයි තාත්තේ මොකක් හරි ප්‍රශ්නයක් ද කියා ආදිත්‍ය බැරැරුම් සහිත ඔහුගේ පියාගේ මූන දෙස බලමින් ඇසුවේ ටිකක් සැකයකින්
නෑ පුතේ ප්‍රශ්නයක් නෑ
පුතේ මේකයි මට ඔයාගේ හැගීම් තෙරුම් ගන්න පුලුවන්
ඔයාගේ හිතේ තීනූ ගැන ආදරයක් තියෙනවා කියලා මං දන්නවා පුතේ සමහර විට ඔයාට මේ ලැබුනේ ඔයාගේ චාන්ස් එක වෙන්න ඇති ඔයා ආයේ පරක්කු වුනොත් ඔයාට ඔයාගේ ආදරෙ ගිලිහෙන්න පුලුවන්
තත්තේ කියා ආදිත්‍ය ගොත් ගසන්න විය මං හැමදේම දන්නවා පුතා ඔයාට ගැලපෙන්නේ තීනූ දුව තමයි පුතේ ඔයා එයාට ගොඩක් ආදරෙයි කියන්න දන්නවා
ඒත් තාත්තේ මං දැන් මගේ කැමැත්ත කිවුවොත් එයා මාව වරදවා වටහා ගනිවි කියලා බයයි තාත්තේ එහෙම වුනාම අවුරුදු 25ක් තියෙන අපේ යාලු කමත් නැතිවෙයි කියා බයයි ආදිත්‍ය ඔහුගේ පියාට මේ සෑමදේම කිවුවේ එයාගේ හිතට යම් සැනසීමක් දැනුනු නිසා
පුතේ ඒ හැමදේටම වෙලාවක් එයි පුතේ එතකන් ඉවසන්න කියා ආදිගේ පිටට තට්ටුව දා හරි පුතේ ඔයා යන්න කියා ඔහු එත්නින් ඉවතට ගියා ආදිගේ අම්මාද පුතේ මේ කෑම ටිකත් අරන් යන්න ඔයාලා තුන්දෙනාටම තියෙනවා කියා අම්ම කෑම බෑග් එක ඔහුගේ අත තිබ්බා ඔහු අම්මාව සිප තැන්ක්‍යු අම්මේ කියා වහනට නැග්ගේ හිතේ සතුටින්
ඔහුගෙ පියා කී දෙය නැවත් නැවත් සිහි විය
හ්ම්ම්ම්ම්....... මට ඉක්මන් වෙන්නත් බෑ පරක්කු වෙන්නත් බෑ සිතමින් රිය පදවන්න විය
ඒ අතර තුර හොස්පිටල් එකේ ඉන්න තීනු ගේ තාත්තා පැමිනියා
ඒ එන අතරේ ඔහුට ඩොක්‍ටර් වත් මුණ ගහුනා හලෝ මිස්ටර් සිලවා දුවව බලන්න ආවාද ඔව් ඩොක්ටර් ඩොක්ටර් දැන් දුවට කොහොමද
කියා ඇසීය එවිට ඩොක්ටර් බය වෙන්න එපා මිස්ටර් සිල්වා එයාට දැන් හොදටම හොදයි මං හිතුවට වඩා ඉක්මනින් රිකවරි වෙනවා
ඉතා අඩු කාලේකින් එයා ඇවිදින්න පටන් ගනී
දැට්ස් ගුඩ් ඩොක්ටර් තීනූගේ පියා ඉතාමත් ප්‍රිතියෙන් කීවා
ආ.....මිස්ටර් සිල්වා අද මිස්ටර් මහාවංශගේ පුතායි මිස්ටර් ලියනගේ පුතායි අද හොස්පිටල් එකේ ෆයිට් කලා ඇත්ත්ටම මං මේක කිවුවේ ෆැමලි එකේ ප්‍රශ්න හොස්පිටල් එකේ විසද ගන්න හොද නෑනේ
ඔමයි ගෝඩ් ඩොක්ටර් අයම් වෙරි සොරි ඩොක්ටර් මං එයාලා වෙනුවෙන් මං සමාවගන්නම් තීනූගේ පියා එ අසා පුදුම ඩොක්ටර්ගෙන් සමුගෙන ගියේ ඉක්මනින් තීනූගේ කාමරය දෙසට එවිට ඔලුවේ ප්ලාස්ටර් එකක් අලවන් ඉන්නවා දුටු ශානුක දෙසට හැරි ආ..යු මෑඩ් ශානුක මට දැන් එද්දි ඩොක්ටර් කිවුවා ඇයි මේවගේ බිහෙවියර් කලේ තීනූගේ පියා ටිකක් කෝපයෙන් ශානුකටත් ටීනාටත් බනින්න විය
අයම් සොරි අංකල් ශානුක බිම බලාගෙන කීවා
ඔයාලා වැදගත් විදිහට හැදුන ලමයි
තාත්තේ ඒක ශානුකගේවත් ටීනාගෙවත් වැරැද්දක් නෙවෙයි මං බානුක ආපු වෙලාවේ මගේ හැසිරීම නිසයි ශානුක එයාට එහෙම කරන්න ඇත්තේ මමයි මෙයාලට කෑගහලා කිවුවේ එයාව එලියට දාන්න කියලා මගෙ වැරැද්ද තාත්තේ
තීනූ එසේ කියමින් අඩන්නට විය තීනූගේ පියා ඇය අසලට ගොස් ඇයව බදාගෙන සනසන්නට විය
හ්ම්ම්ම්... හරි දුවේ ඔක්කොම හරි ඔයාලා දන්නවනේ ඔයාලට අපි කොච්චර ආදරේද කියලා ඔයාලා තුන් දෙනාට මොනවහරි වුනාම හරි කවුරු හරි මොනව හරි දෙයක් කිවුවම තරහා යනවා ඒකයි මං දැන් මෙහෙම බැන්නේ ආයේ මෙවගේ දේවල් කරන්න එපා එන ප්‍රශ්න අතපය වලින් විසදන්න එපා එත්කොට ප්‍රශ්න විසදෙන්නේ නෑ ප්‍රශ්න වැඩිවෙනවා තේරුනාද ප්‍රශ්නේ කොච්චර ලොකු වුනත් ඔලුවෙන් කල්පනා කරලා විසදන්න ඕන ඒක තමයි නුවන තියෙන අය කරන්නේ
තෙරුනා නේද ........ තීනූගේ පියා ශානුක දෙස බලා ඇසුවා
ඔව් අංකල් සොරි මං එවිදිහට බිහෙවු කලාට
ඉට්ස් ඔකේ පුතා දැන් වුන දේ වුනානේ කියා ශානුකගේ පිටට තට්ටු කර සිනාසී හරී දැන් කන්න කරුනා කෑම හදලා එව්වා ඔයාලටත් එක්කම තාම ආදිත්‍ය පුතා නෑනේ කියා කියනවා එක්කම ආදීත්‍ය කාමරයේ දොර ඇරගෙන ආවේ ඉතාමත් සතුටින් ඔහු තීනූ දෙස බලා ආයේ මං ඔයාව මිස් කර ගන්නේ නෑ කියා තමන්ගේ හිතින්ම කියා ගෙන ඔහු ඇතුලට ආවා
ආ...... මේ කියද්දිම ආදි පුතාත් ආවේ තීනූගේ පියා කාමරය තුලට එන ඔහු දෙස බලා කීවා
අංකල් දැන්ද ආවේ ඔවු පුතා ආ එන්න ඔයත් කන්න හරි අංකල් කියා අපේ අම්මත් කෑම හදලා දුන්නා තීනූ හැලප කන්න ආසයිනේ අම්ම අද ඒවා හැදුවා තීනූ දෙස බලා ඔහු කීවා එවිට තීනූට කෑම කන්න ලෑස්තී වී ඇයගේ අතේ තීබෙන බූල්බෑන්ඩ් එක අමාරුවෙන් දමන ආකාරය දුටුවා ආදි ඇය ලගට ගොස් ඇයගේ අතේ තිබු බූල් බෑන් එක ගෙන කොන්ඩෙට දමද්දී තීනූට ඉතා නුහුරු අමුතු ගතියක් හිතට දැනෙන්න විය එවිට ශානුක ටීනට ඇගිල්ලෙන් ඇන ඇයට ඔවුන් දෙස මුහුනෙන් පෙන්වා ඔවුන් දෙදෙනා අමුතුවට හිනවන්න විය ඊට පසු ආදිත්‍ය බූල් බෑන්ඩ් එක දමා නිමවී අත් සෝදාගෙන තීනුගේ කෑම එක ගෙන කවන්නට විය බූල් බෑන්ඩ් එක දැම්මා තද නෑනේ තීනූ ඔහුගේ මූන දෙස බලා ඔලුව වනන්නට විය ඇය ආදිත්‍යගෙ ඇස් වලින් මොකක්දෝ නොකියන හැගීමක් දැනෙන්නට විය නමුත් එය ඔහුට නොපෙන්වා ඇය අනික් අය සමග කෑම කන්නට විය
ඇස සීනාසි සිටියද ඇයගේ මහත් දුකක් තීබූනා ඒ බානුකත් රවිදිත් ඔවුන් දෙදෙනා මෙතුවක් කල් ඇයට බොරු කල දුක හිත ඇතුලේ තියන් සිටියා ඇය නිතරම කල්පනා කරමින් ඇයගේ දුක හිත ඇතුලේ තියාගෙන සිටියේ අනික් අය ඇයගේ දුක දකිනවට ඇය කැමති නැති නිසා
ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා
ආදරෙයි හැමදමත්
ජෙසි ❤️🌻