5 කොටස

පරිච්ඡේදය 6 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්

සියලු දෙනාම කෑම කා නිමවී ටිකක් වෙලා කතා කරමින් සිටියදී ශානුක ආදිත්‍ය දෙස බලා ඇස් වලි හා මූනෙන් ඔහුට කාතා කිරමට අවශ්‍ය බව ඔහුට පෙන්විය එවිට ආදිත්‍යත් ශානුකත් කාමරයෙන් එලියට පැමිනියා 

ශානුක පුටුවක වාඩි වී ආදිත්‍ය දෙස බලා ආදී අද...... බානුක ආවා තීනූව බලන්න 

මොකක් ඇයි දැන් උ කොයි වෙලාවෙද ආවේ මොනවද ඌට දැන් කියන්නේ තීනූට කියා ආදී කෙන්තියෙන් ශානුක දෙසට ඇවිද එමින් ඇසීය 

දන්නේ නෑ බං මට තරහා ගිහින් මං ඌට ගැහුවා ලේ එන්නම ඌව දැක්කම තීනූ ගොඩක් අවුල් වුනා බං කමරේ දෙවනත් වෙන්න කෑගහලා ලග තිබ්බ බඩුත් පොලවේ ගහලා මං උඔව වහනේට දාලා අයේ තීනූගේ කාමරෙට යද්දී ටීනා එලියේ ඉන්නවා එයා තමා කිවුවේ ඒ කියන අතරේ තීනූ බඩු පොලවේ ගහනවායි කෑගහනවයි ඇහිලා ගියේ බලන්න ඌව කමරෙන් එලියට අරං ඇවිත් මං ගැහුවා බං කියා ආදිත්‍යට වුන සියලුම දේ ශනුක පැවසීය 

එවිට ආදිත්‍ය් අතේ ඇගිලි මිට මොලවගෙන කෝපයෙන් සියලු දේ අහගෙන් සිටියා පසුව අපරාදේ මං හිටියානම් ඕකාට මාත් ගහන බං කරපු බලු වැඩේට 

දැන් ආයේ ආයේ තීනූ ලගට ඇවිත් මොනවා කියන්නද තියෙන්නේ කියා ශානුක දෙස බලා ඇසුවා එවිට ශානුක ආදිත්‍යගේ කරට අත දමා කෝපයෙන් දැවෙමින් සිටි ආදිත්‍ය දෙස බලා අපි මොනවා කරන්නත් තීනූ සනීප වෙලා එන්න ඕන අනික තීනූ අංකල් , අපි නිසා හිනා වෙලා කතා කරන් හිටියට හිත යටින් ගොඩක් දුකෙන් ඉන්නේ එයා ඒක අපිට පෙන්නනෙ නෑ ශානුක පැවසුවා

ඕවු බං ඒක ඇත්ත මට කෙල්ලගේ මූනෙන ඒක හොදට පේනවා එයා නිදාගෙන වගේ හිටියට සමහර වෙලාවල් වලට අඩනවා බං අං ඒක දැක්කා 

හුම්ම්ම්ම්........ මචං අපි කලබල නොවී තීනූ සනීප වෙනකන් ඉමු 

හ්ම්ම්ම්ම්ම්....... හරි බං ආදිත්‍යද ශානුකගේ කරට තට්ටු කරමින් කල්පනාවක වැටී දිගු සුසුමක් පිට කරන්න වියා එවිට ටීනා ඔවුන් දෙසට ඇවිදගෙන ආවේ මොනවද ඔයා දෙන්නා කල්පනා කරන්නේ කියා අසමින් ආදිත්‍ය නැගිටමි තීනූ තනියමද අපි යං එයා ලගට කියා පුටුවෙන් නැගිට යන්න යද්දී ටීනා ඔහුව නැවත් වාඩි කරන්න විය යන්න එපා ආදී... තීනූ අංකල් එක්ක කතාවක ඒකයි මං එලියට ආවේ හිතේ තද කරන් ඉන්නේ එයා එයාගේ දුක

හ්ම්ම්ම්.....එක නම් ඇත්තා අපි දැනුත් ඒක තමයි කතා කරන් හිටියේ ශානුක පැවසීය

අපි දැන් මේ කට මොනවද කරන්නේ ආයේ අයේ තීනූව බලන්න එන්න ගත්තොත් ශානුක එසේ පවසා කල්පනාවක සිටි ආදී දෙස බැලුවේ ආදි මොනාවා පවසයිද යන ප්‍රශ්නාර්ථ යෙන්

අපි බලමුකෝ අපි දන්නේ නෑනේ බං තීනූගේ තීරණය අපි එයා එක්ක තාම කතා කලේ නෑනේ මේ ගැන ආදී කීවේ කල්පනා කරමින් 

ඒක ඇත්ත අපි එයා එක්ක කතා කරලා ඒයාගේ තීරණේ අනුව තමයි වැඩ කරන්න ඕන 

හ්ම්ම්ම්......ඔව් 

රවින්දි නම් කවදවත් හැදෙන්නෙ නෑ හදන්නත් බෑ බානුක හොද පාඩමක් ඉගෙන ගන්න ඕන රවින්දිගෙන් අපි එයා ගැන දන්නවානේ අන්තිමට බනුකවත් අතහරිනවා....බානුක රවින්දි ගැන දන්නේ නෑනේ . ටීනා කීවේ බානුක ගැන අනුකම්පාවෙන් එවිට ශානුක හඩ අවදිකලේ තරමක් කෝපයෙන්

දැන හෝ නොදැන එයා කලේ තීනූට වැරැද්දක් මොකද බානුකට තීනූ ඉද්දී මොකටද රවින්දි එක්ක එකතුවෙලා තීනූව රැවට්ටුවේ ඒක නොදැන නෙවෙයිනේ කලේ එක්කෝ ඒක තීනූට කියලා අයින් වෙන්න තිබ්බේ දෙන්නම එකතුවෙලා කලේ තීනූව රවට්ටපු එක ‍රිටන් එක කොහොමත් ලැබෙනවා ....

ඒක නම් ඇත්ත තමයි ටීනාද එයට හඩ අවදිකර එකග විය 

කියන්න බෑ සමහර විට කාගේ හරි චාන්ස් එකක් වෙන්නත් පුලුවන් 

ශානුක එසේ කීවේ ශානුකගේ ෆොන් එකෙන් එන කෝල් එක ආන්සර කරන්න එහාට යන ගමන් 

ටීනාද ආදිත්‍ය මූණට මූන බලාගත්තේ පුදුමයෙන් 

කගෙද චාන්ස් එක කියා ටීනා ආදිත්‍යගේන් ඇසීය 

ආදිත්‍ය අනේ මංදා ඌ මොනවා කියනවද කියලා පිස්සුද කොහෙද බං කියා හිනා වෙලා අහක බලාගත්තේ මේකා මටද කිවුවේ මං මේ ගැන කාටවත් කිවුවේ නෑනේ මං විතරනේ දන්නේ තීනූට ආදරෙයි කියලා මූට තේරුනාවත්ද එහෙම නැතුව ඇති ඌ කොහොමත් පිස්සු කියනවනේ කියා හිතින් හිතන්න විය.


ඒ අතර තීනූත් ඇයගේ පියාත් කතා කර කර ඉන්න විය

එවිට තීනුගේ පියා තීනූගේ අත අල්ල ගනිමින් පුතේ හිතේ තියෙන දෙවල් හිර කරන් ඉන්න එපා මට කියන්න දෙයක් තියෙනවා නම් කියන්න මං ඒවා ඔක්කොම අහ්ගෙන් ඉන්නම් ඔයා ඔයාගෙ ප්‍රශ්න කිවුවොත් ඔයාට සැසීමක් දැනෙයි ඒ වගේම මොකක් හරි උත්තරක දෙන්න පුලුවන් එතකොටයි මගේ පුතේ කියා තීනූගේ හිස ආදරෙන් අත ගස්න්න විය එවිට තීනූ ඇයගේ පියාව බදාගෙන මහ හයියෙන් අඩන්නට විය. තීනිගේ පියාද ඔයාට ඇති තරම් අඩන්න ඔයා අඩලා ඉවර වෙනකන් මේ තාත්තා ඔයාට ඉන්නවා ඔයා අඩලා ඉවර වෙලා මට කියන්න ඔයාගේ දුක මං ඕන තරමක් අහන් ඉන්නම් මගේ දූවේ ඔයාට කවුරු නැතත් මං ඉන්නවා මගේ දූ ගාව මං විතරක් නෙවෙයි ආදි පුතා ශානුක පුතා ටීනා දුව ඒ වගෙම ආන්ටිලා අංකල්ලා කරුන අම්මා අපි ඔක්කොම ඔයාට ඉන්නවා ඔයා තනිවෙලා නැහැ මගේ දෝනි.. මට මේ මොනවත් තේරෙන්නේ නෑ තාත්තේ ඇයි බානුක මට මෙහෙම කලේ කියලා අනික තාත්ති මං කවදාවත් හිතුවෙ නෑ මාව රව්ට්ටයි කියලා එයාට මාව දාලා යන්න ඕන නම් යන්න තිබ්බා මට දුක එයා මාව අවුරුද්දක් රැවට්ටුව එකට තාත්තේ මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ තාත්තේ මං එයාව පුංචිම දෙයකින් වත් සැක කලේ නෑ තාත්තේ එහෙම තියෙද්දිත් ඇයි එයා මාව රැවට්ටුවේ කියලා හිතන්න බෑ තාත්තේ 

කියා තීනූ නැවත වරක් අඩන්න විය. 

දුවේ මං ප්‍රශ්නයක් අහන්නද 

තීනූගේ මූණ දෙස බලමින් තීනූගේ පියා ආදරෙන් ඇසීය.


අහන්න තාත්තේ මං ඕනම දෙයක් කියන්න මං ලෑස්ති තීනූද පැවසුවේ ඉතා ස්ථිර හඩින් 


දූ ඔයාට බානුකව ආයේ ඕනද ඕනනම් කියන්න මං එයාව ඔයාට ගෙනල්ලා දෙන්නම් හොදින් හරි නරකින් හරි ඔයා එයාට තාමත් ආදරෙයිද ?

අනේ එපා තාත්තේ මට ආයේ එයාව එපා එයා මං ලග බලේන් තියා ගන්න ඕන නෑ තාත්තේ මං එහෙම තියා ගත්තත් එයා මට ආදරෙ නෑ එකෙන් වෙන්නේ හිත් රිදෙනවා විතරයි තාත්තේ අනික එක පාරක් මාව දාලා ගිය කෙනෙක්ට ආයෙ මාව දාලා යන්න එතරම් වෙලාවක් යන්නේ නෑ තාත්තේ අනික මට නැතිවුනේ මට ආදරේ කරන්නේ නැති කෙනෙක්ව එයාට එහෙම නෙවෙයි ජිවිත කාලෙටම පන වගේ ආදරේ කරපු කෙනෙක් එයාට නැති වුනේ තාත්තේ අපි අයේ එකතු වුනත් මේ තුවාලේ මගේ මකන්න බෑ එකෙන් වෙන්නේ ජිවිත කාලේම මටත් එයා ගැන සැකෙන් ඉන්න වෙන්නේ එයාගේ සතුට රවින්දි ලගනම් එයා එහෙම හිටපු වාවේ තාත්තේ කියා තීනූ කදුලු පිසමින් වෙදනාවෙන් හා වෙහෙස බර පිරුනු දෙනෙත් සමග සිනාසෙන්න විය.  


හ්ම්ම්ම්ම්......... මගේ කෙල්ලට කවද හරි හරියනවා මගේ දූව අඩවපු අයට වඩා ලස්සන ආදරයක් මගේ දූට ලැබෙයි... කියා තීනූව බදාගෙන නලලට හැදුවක් තැබුවේ මිස්ටර් සිල්වා හිතු විදිහේ වෙනස් උත්තරයක් තීනු දුන් නිසා ඔහුගේ හිතට සමාදානයක් ඇති වන්නට විය.


තාම පොඩි බාබා වගේ තාත්ති එක්ක හුරතල් වෙන්නේ මෙච්චර දෙයක් වෙලා හුරතල් කරන්න නෙවෙයි හොද ගුටි දෙන්න ඕන කියාගෙනම ඩොක්ටද කාමරේට ඇතුල් වුනේ තාත්තා ඔලුව අත්ගාමින් තුරුල් කරන් ඉන්න තීනූව දැක ඩොක්ටර් විහිලු කරන්න විය. 

එවිට ආදි ,ශානු ,ටීනාද ඇතුලට ආවේ ඩොක්ටර් ගේ විහුලුවට උල් පන්ද්ම් දෙමින් ගහන්න නෙවෙයි ඕන මේකිව හම ගහන්නයි ඕන අපේ ලේ වතුර කලාට කියා ශානුක ඇයගේ ඔලුවට විහිලු වට ටොක්කක් අනින්න විය. 

අනේ මේ... රිදෙනවා අනේ..... කියා ශානුකගේ අත කොනිත්තන්න විය 

ඒ අතර් ඩොක්ටර් ඇයගේ රිපෝටස් බලා තීනූ දෙස බලා හෙට ඔයාට ඩිස්ජාර්ජ් වෙන්න පුලුවන් ලාස්ට් ටයිම් ගත්ත x රේ එකෙයි අද එකයි බලද්දි ඔයාගේ කකුල දැන් සීයට අනූනවක් හොදයි මං හිතුවට වඩා ඔයාට සතියෙන් ඇවිදින්න පුලුවන් වෙයි එසේ කියද්දී හැමොගේම සිත්වල ප්‍රිතියක් දැනෙන්න විය හැබැයි මුලදි එක පාරටම අඩිය තියන්න එපා ඒවට කරන්න ඕන එක්සර්සයිස් ඔක්කොම කරන විදිහ නර්ස් කියා දෙයි ඒවා හරියටම කරන්න ඕන විදිහ හරිනේ මිස්ටර් සිල්වා ඕන්න මට කරන්න පුලුවන් උපරිම කලා

ඩොක්ටර් එසේ පවසා තීනූගේ පියාට අතට අත දී පිටට තට්ටු කලා 

තැන්ක්‍යු ඩොක්ටර් තැන්ක්‍යු වෙරි මච් දුවව සුව කරලා දුන්නට 

තීනූගේ තත්තා ඩොක්ටර්ට පැසුවේ ඇස්වල කදුලු පුරවගෙන 

මගේ රජකාරියා ඒක ඒකට තැන්ක්‍යු එපා හරි එකසර්සයිස් ටික කරන විදිහ නර්ස් පෙන්නයි කවුරු හරි කෙනෙක් ලග ඉදන් ඒක කරවන්න වෙයි. 

ඒක මං කරන්නම් ඩොක්ටර් මට ඒක කරන විදිහ පෙන්නන්න කියා ආදි එක වරම කියන්නට විය එවිට ශානුත් ටීනාත් පුදුමයෙන් ඔහු දෙස බලන්න විය 

මූ යකෝ එයාගේ හස්බන් වගෙනෙ කියා ශානුක ටීනාට කොදුරන්න වියා ටීනා ශ්... කාට හරි ඇහෙයි කට වහන් ඉන්නාවා කියා... ඔහුට කොදුරා එතනින් ගියේ තීනූ නිදාගන්න සැරසෙන එකට උදවු කරමින්.


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදමත් 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!