6 කොටස

පරිච්ඡේදය 7 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්

ඩොක්ටර් එසේ කියා නික්ම ගියාට පසු නර්ස් ආදිට තීනූට දෙන්න ඕන කරන මෙඩිකල් ඇඩ්වයිස් හා එක්සර්සයි ටිකෙන් ටිකෙන් කරන විදිහ පෙන්වා දෙන්න විය 

ඒ අතර තුර ශානුකත් ටීනාත් තීනූගේ ඇදුම් පැක් කරන්න විය 


ආදී පුතේ මං ගෙදර යන්නම් ගිහින් එහේ අස් කරන්න දෙයක් තියෙනවා නම් කරුනා එක්ක ඒවා මං කරන්නම් දුව හොස්පිටල් එකෙ ඉදන් එනවා කිවුවම කරුනාටයි වීරෙටයි සතුටු හිතෙයි ඒ දෙන්නා මේ දවස් ටිකේ කෑමක් බීමක් වත් නෑ මූණ එල්ලන් ඉන්නේ තැන් තැන් වල කල්පනා කර මිස්ටර් සිලිවා එසේ කියා යන්න සැරසෙන්න විය 

එවිට ආදී අංකල් යන්න මං මෙහෙ ඔක්කොම බලා ගන්නම් ශානුක ටීනත් යනවද අංකල් එක්ක එසේ අසමින් බෑග් පැක් කරමින් සිටි ශානුක දෙස හා ටීනා දෙසත් බලනමින් ආදි ඇසීය


හ්ම්ම්ම්ම්.... අපිත් ගියොත් හොදයි එතකොට අංකල් අපිට කරුනා අම්මට උදවු වෙන්න පුලුවන්නේ අනික අංකල්ට දැන් ඔෆිස් එකට යන්නත් ඕන නේද ටීනා ඇසීය


ආ.......ඕවනේ මට මේක නිසා ඒකත් අමතක වෙලා තිබ්බේ අද බයර්ස්ලා වගයක් එනවා කිවුවා 

එහෙනම් මං ඔෆිස් එකට යන්නම් හරි අංකල් 

අපි තීනූගේ බෑග්ස් ටික අරං යන්නම් එතකොට ලේසි නේද ආදී ඔව ඒක ඇත්ත අංකල් යන්න අංකල් අපි මෙහෙ එවා බලා ගන්නම් මං තීනූ එක්ක ඉන්නම් හොස්පිටල් එකේ 


හරි බං එහෙනම් අපි යන්නම් තීනූගේ ගෙනියන්න තියෙන ඒවාත් ගෙනියනවා හෙට කෙල්ලව පරිස්සමින් එක්කන් එන්න මොකක් හරි දෙයක් ඕන වුනොත් කෝල් කරපන් අපි යනවා කියා ටීනත් ශානුත් පිටත් විය.


ශානුකවත් ටීනාවත් කාර් පාර්ක් එකට ගිහින් ඇරලවලා කැන්ටින් එකෙන් තීනූ කැමති කඩචොරුවකුත් අරං ඇවිත් හොස්පිට්ටල් එකේ කමරෙට එද්දී තීනූට තද නින්දේ සිටියා ආදි හෙමින් දොර වහලා තීනූ අසලට පැමිණ නිදා සිටි තීනූ දෙස ටික වේලවක් බලාගෙන සිට නලලට වැටී තිබු කෙස් රොද ඔහුගේ ඇගිලි වලින් අයින් කර නැවත ඇය දෙස බලමින් ඉක්මනට මගේ ලගට එන්න මං හැමදමත් ඔයාට ආදරෙයි කියා හෙමින් තමන්ටම මුමුණගත්තා 


ටික වෙලාවක් ගත වී නින්දට ගොස් සිටි තීනූ ඇස් අරින්නට විය ඇයට තිබහක් ඇවිත් ඇය වටපිට බලන්න විය එවිට ඇය දුටුවේ ඇයගේ ඇද අසල ඔලුව ඇදේ තියන් නිදා සිටි ආදීවයි ඔහුට හොදටම නින්ද ගොස් සිටියේ ඇය හෙමින් සීරුවේ ඔහුගේ ඔලුව අතගා පිස්සු කොල්ලා හොදටම මහන්සි ඇති පවු මං නිසා ගොඩක් දුක්විදිනවා පොඩි කාලේ වගේමයි මං ගැන හැමවෙලාවෙම හොයලා බලනවා මට පොඩි තුවාලයක් වුනොත් මාත් එක්ක එයත් අඩනවා කියා තීනූ තනියෙන් හිතන්න විය එවිට ආදීද නැගිටින්න විය තීනූ ඉක්මනින් ඇයගේ අත ඉවතට ගෙන ඔහු දෙස සිනාසෙමින් ගුඩ්මෝර්නින් කියා ඔහුට කීය ඔහුද සිනාසෙමින් ඔයා ගොඩක් වෙලාද ඇහැරිලා කියා ඇගමිලි කඩමින් ඇයගෙන් ඇසුවා 

තීනූද ඔවි මට වතුර තිබහක් ආවා මං ඇහරිලා ඔයාව හොයද්දී ඔයා හොදටම දොයි මට නැගිට්ට්වන්න ලෝබ හිතුනා 


අනේ පිස්සි දැන් වතුර බ්ව්වේ ලොහොමද ඇදෙන් බැස්සද මාව ඇහැරවලා වතුර ඉල්ල තිබ්බනේ කියා ආදී ටිකක් කලබලයෙන් පැවසුවා ඇදෙන් බිමට කකුල තිබ්බේ නැහැ නේද කියා ආදි කලබලයෙන් තීනූගෙන් ඇසුවා


නැහැ නැහැ බය වෙන්න එපා ආදී මං එහෙම කලේ නෑ මං වතුර බ්වුවේ නෑ ඔයා ඇහැරෙනකන් හිටියා


ආදී එක වරම පුටුවෙන් නැගිට ඇයට වතුර ලබා දුන්නේ පිස්සී තිබහෙන් ඉන්න පුලුවන්ද කිවුවානම් මං දෙනවනේ කියා 


නැහැ ආදී මට ඔයාට කරදර කරන්න ඕන වුනේ නෑ මං ඔයාලට දුන්න කරදර ඔක්කෝම ඇතී මං නිසා ඔයාලා හැමොම දුක්විදිනවා මගේ හිතුවක්කාර වැඩ නිසා කියා ඇය අඩන්න විය


ආදීද ඇයගේ ඇද අසලින් වාඩිවී තීනූ මට ඔයාව කරදරයක් නෙවෙයි තීනූ මගෙ පිස්සී ඔයා එක්ක මොනවා වුනත් ආදී ඉන්නවා ඔයාට කරදරයක් වුනා කියන්නෙ මටත් ඒවගෙමයි ඔයා සතුටින් හිටියම මාත් හැමදම සතුටින් මගේ දුක සතුට හැමදෙම ඔයා තීනූ ඒ නිසා ඔයා එක්ක මං හැමදම ඉන්නවා කියා අඩමින් සිටි තීනූව ඔහුගේ පපුවට තුරුල් කරන් සනසන්න විය තීනූටද ඔහුගේ ගැහෙන ඒ හදවතත් එහි උණුසුමත් සුව පහසුවක් ගෙන දෙන්න විය ඇයගේ හදවතද වේගයෙන් ගැහෙන්න විය මේකද කං හෙව්ව ආදරය කියා ඇය තනිවම සිතන්නට විය 


ඒ අතර ආදී ආආ තව පොඩ්ඩෙන් මට දෙයක් අමතක වෙනවා කියා ඔහු තීනූව ඈත් කරන්නට විය තීනූටද තව ටිකක් හිටියානම් කියා සිතුනද නමුත් එක කියන්න ගියේ නෑ ඇයද කදුලු පිසදමමි මොකක්ද ගෙනවේ කියා පුදුමයෙන් බලා සිටියා ආදී බෑග් එකෙන් පෙට්ටියක් වගේ දෙයක් ගෙන් තීනූගේ ඇද අසලින් වඩිවී ඇයගේ අතට දෙන්න විය


ඇය ඒය දැක්කගාන් මට ෆෝන් එකක් ගත්ත්ද අලුතෙන් කියා සතුටින් හිනා විය ආ මෙන්න ඔයාගේ සිම් එක පරණ ෆෝන් එක ගන්න දෙයක් නෑ ඒකයි මං ඔයාට ෆෝන් එකක් ගත්තේ ඔයා කොහොමත් අලුතෙන් රිලිස් වුන ෆෝන් එක බර්ත්දේ එක දවසට අරන් දෙන්න කියලා කිවුවනේ ඕන්න මගෙ තෑග්ග වේලාසනම දුන්නා ආයේ තෑගී නෑ හොදේ ආදි සීනාසෙමින් නොක්කාඩුවෙන් වගේ කීවේ තීනූ ෆෝන් එක අන්බොක්ස් කරන විදිහ දිහා බලමීන් ඇය පොඩි ලමයෙක් වගේ පැකින් එක කඩන දිහා ආදී බලාසිටියේ වශීවෙලා වගේ තීනූත් පෙට්ටියෙන් ෆෝන් එක එලියට අරගෙන ආදී නොසිතු මොහොතක ආදී ව ඇදගේ ආදීගෙ කම්මුල් මත හාදුවක් දී තැන්ක්‍යු ආදී කියන්න විය ආදී එහිදී අකුනක් වැදුනා මෙන් තීනූගේ රෝස පෙති වගේ තොල් දෙකෙන් කම්මුලට හාදුවක් දුන්න ආදී පුදුම වී තීනූ දෙස හැරි බලන්න වියා ආදී එයාගේ කම්මුල මත් අත තියන් පොඩි ලමයෙක් වගේ ෆෝන් එක හරව හරව සිනාසෙන තීනූ දෙස ඇස් දෙක ලොකු කරන් බලන් ඉදලා ඔහු ඇදෙන් නැගිටින්න වියා එවිට තීනූ ඔහුදෙස බලා කොහෙද යන්නේ 


මං මං මංංං කියා ආදී ගොතගසන්න වියා ඔහුට කොහේ යන්නද මොනව කරන්නද කියා උතුර දකුන මාරු වෙලා වගේ හිටියා ඔහු ඉන්පසු මං බාතරූම් එකට ගිහින් එන්නම් කියා බාතරූම් එකට යන්න විය


බාතරූම් එකට ගිය ආදී කන්නාඩියෙන් ඔහු දෙස මොහොතක් බල සිට තීනූ හාදුව දුන් කම්මුල ඔහුගේ අතින් අත ගා ඔහුද එම හාදුව මැවී මැවී පෙනෙන්න විය ඔහු සතුටි උඩ පැන පැන නටන්න වියා ඔහුට එය ප්‍රිතියෙන් සමරුවේ තීනූට ඇසෙවි කියා බයෙන් 


පසුව ඔහු බාතරූම් එකෙන් පිටතට පැමිණ කිසිදු වෙනසක් නොපෙනවා අපි දැන් රෑට කමු කියා තීනූ අසලට ගෙයා තීනූද ෆොන් එකට සිම් එක දාලා ඔන් වෙන්න තියලා හරි අපි කමු දැන්නම් මගේ බඩ පිරිලා වගේ මගේ අලුත් ෆෝන් එකට කියා ඇය සතුටින් ඇද උඩ වඩිවී සිටි ආකාරයට නටන්න විය 


මගෙත් බඩ පිරුනා කියා හෙමි ඔහුටම පවසා පිස්සී කියා ඇයගේ කොන්ඩේ අවුල් කරන්න විය හිනා වෙලා ඉන්න එකම ඇති මගේ සතුට ඔයා ඔයාගෙව් මූණේ මේ හිනාව හැමදාම තියෙන්න ඕන ආදී හීනවෙන තීනූගේ මූණ දෙස බලමින් සිතන්න විය පසුව ඔවුන් දෙදෙනා කතා කරමින් හිනාවෙමින් ටික වෙලාවක් ඉද කෑම කා ඉවර වියි පසුව ආදී තීනූගේ ඇද සකසා ඇයව හෙමින් සීරුවේ ඇදේ වාඩි කර විය තීනූ ෆෝන් එක අතට ගන්න හදද්දී ආදී පොඩි ලමයෙකු වගේ හා හා ෆෝන් එක පැත්තකින් තියලා නිදා ගන්න අපි හෙට උදෙන්ම යමු ඒ නිසා දැන් හොදට නිදා ගන්න කියා ආදී ෆෝන් එක තීනූගේ අතින් අරන් ආදී සක්කුවේ දාගත්තා


අනේ අනේ පොඩ්ඩක් ඉන්නම්කෝ මං තාම සිම් එක දැම්මා විතරනේ ඒක ඔන් කලාට තාම බැලුවේ නෑනේ කියා තීනූ දුකින් ඉන්න මූණක් හදාගෙන කියන්න විය 


එවිට ආදී කටකොනෙන් හිවෙමින් අනේ මෙයා පුදුම කියුට් කියලා සිතන්න විය ආදී හැම මොහොතෙම තීනූගේ හීනාව තීනූගේ ඉරියව් හැමදේමටම එයා ගොඩක් ආදරේ කලා 


මේ අතර තීනූ හරි හරිමං නිදියන්නම් කියා නිදාගන්න ගියා 


ඔයා නිදියන්න මං පොඩ්ඩක් නර්ස්ව මුනගැහිලා එන්නම් කියා දොර ඇරගෙන ආදී එලියට ගියේ නර්ස්ගෙන් report වගයක් ඉල්ලන්න ඕන නිසා ඔහු එලියට ඇවිත් දොර වසනවා එක්කම තීනූගේ ෆෝන් එකට කෝල් එකක් එනවා එවිටයි ඔහුට මතක් වුනේ තීනූගේ ෆෝන් මං ලග කියලා ඔහු සාක්කුවට අත දමා ෆෝන් එක අතට ගත්තේ කවුද කියා බලන්නයි ඔහු අතට අරන් බලද්දී ඒ බානුක ආදී එය පලමුවෙන් කට් කරලා දැම්මේ හිතේ ආවේගයෙන් ඔහු ඒ සැනින් කාමරයට ගොස් තීනූ ඔයාගේ ෆෝන් එක රින් වෙනවා කියා නිදගන්න සැරසි සිටි තීනූට ෆෝන් එක දික් කරන්න විය ඒ සමගම නැවතත් ෆොන් එක රින් වුනා තීනූ ඒ සමගම නම දැක ෆෝන් එක අතටගෙන කට් කර දමා ආදී දෙස බලා මං මේක ආන්ස්වර් කරන්නද එපාද කියා ආදීගෙන් ඇසීය ආදී තීනූ දෙස බලා ඔයා තාමත් එයාට ආදරේද ඔයාට තාමත් එයාව ඕනද කියා ඇසීය තීනූද ඇස්වල කදුලු පුරවගෙන ආදී මට ආයේ එයා කොහොම ආවාත් මට එපා මොකද එක පාරක් මාව එක දවසක් නෙවෙයි මාව අවුරුද්දක් රැවට්ටුවා මදිවට මට දැන්

හේතු කියන්න එනවා මට නැති වුනේ මට ආදරේ නැති බොරු කාරයෙක් ඒත් එයාට නැති වුනේ ඇත්තම අවංකව කරපු මගේ ආදරේ  බොරු කරයා මට දුක මං හොද යාලුවෙක් කියලා හිතන් හිටපු 

 රවින්දි මට මෙහෙම කරයි කියලා මං දන්නවා එයාගේ හැටි එයා කලිනුත් මේ වගේ අනිත් අයට වැඩ කරලා තියෙනවා ඒත් මං හිතුවේ එයා හැදිලා ඇති කියලා ඒත් මටම මෙහෙම කරයි කියලා හිතුවේ නෑ ආදී තීනූ එක හුස්මට දුකෙන් තරහවෙන් කියාගෙන කියාගෙන ගියා තීනූගේ කතාවට සවන් දුන් ආදී හරි හරි අපි දැන් මේවා කතා කරන්න එපා ඔයා ෆෝන් එක සයිලන්ස් දාලා නිදා ගන්න ඔයා අන්ස්වරි කරන්න එපා දැන් ඔයා පුලුවන්නම් හිත හදගන්න උත්සහ කරන්න තීනූ 


කියා ආදී ආදරෙන් තීනූගේ ඔලුව අතගෑවා එය තීනූට මහත් අත්වැසිල්ලක් විය 


හරි දැන් නිදාගන්න මං හෙට උදෙන් නර්ස් ගෙන් රිපොට්ස් ඉල්ලන්නම් කියා තීනූව ඇදට හෙතු කර පොරවන ශීට් එක හරි ගස්සා ආදීද නිදා ගන්න සැරසුනා 


ඇදට ගියත් ආදීට නින්දක් ලගා වුනේම නැහැ ඔහුගේ හිත එක එක දෙවල් ගැන පිරි ඉතිරි ගිහින් තිබුනා ඒ අතර හාදුව අමතක කරන්න බැරිව සෑහෙන්න එහාට මෙහාට පෙරලි පෙර්ලි සිටියා ඔහු අනිත් පැත්ත්ට හැරි නිදියන්න විය එවිට ඔහු ඇස් ඇරලා බැලුවම සුවපහසු පොඩි ලමයෙක් වගේ නිදන් ඉන්න තීනූගේ මූණ දෙස බලා සිටියේ මීට කලින් කවදවත් දැකලා නැති විදිහට ආදරයෙන් එසේ බලා සිටින විට ඔහුටද නින්ද යන්න විය 


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදමත් 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!