7 වන කොටස

පරිච්ඡේදය 8 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්

ආදී ආදී නැගිටින්න කියා තමන්ට කතා කරන හඩක් ඇසෙන්නට විය ආදී හෙමින් සීරුවේ ඇස් අරින විට ශානුකත් ටීනාත් සිනාසෙමින් ඔහුගේ ඇද අසල සිටගෙන සිටියා 


උදේ වෙලා බං යන්නේ නැද්ද තාම නිදි 

නැගිටපන් කියා ශානුක ආදීව ඇහැරවන්න විය ආදී ඇද උඩ වාඩි වෙලා ඇයි බං උඔලා අද ආවේ 


ආ...... ආ.... ඇයි එන්න හොද නැද්ද ශානුක ටීනා දෙස බලා උස් හඩින් ඇසුවා.


නෑ නෑ උඔලා අද එන්නේ නෑ කියලා කිවුව නිසයි බං ඇහුවේ කියා ආදී ඇදෙන් බසින්න සැරසෙන්න විය


අපි ආවේ කරුනා අම්මා කිවුවා එයා වැඩ ටික කර ගන්නම් කියලා අනික තීනූව ඩ්‍රෙස් කරන්න ඕන ඔයාට ඒවා කරන්න බැහැනේ

ටීනා ද ආදිට උත්තර දෙන්න විය


ආ.... ඒකත් ඇත්ත උඔලා ආපු එකත් හොදයි හරි මං ටක් ගලා ලෑස්ති වෙන්නම් ඊට පස්සේ තීනූව ලෑස්ති කරන්න කියා ආදී ඉක්මනින් බාත්රූම් එකට ගොස් ඉක්මනින් වොශ් එකක් දා ඉක්මනින් ලෑස්ති වන්නට විය 

ආදී එනකන් ටීනාත් ශානුකත් ගෙනියන එවා ලෑස්ති කර ගන්න විය 


ඔවුන් ඉක්මනින් ලෑස්ති වී පිටත් වෙන්නට විය 

ආදි හෙමින් සීරුවේ පරිස්සමෙන් තීනූව අත් වලින් හෙමින් උස්සලා වීල් චෙයාර් එකේ තියලා ඔහුම ඒක තල්ලු කරන් මගට ගොස් ශානු මේක ගනින් මං පාර්ක් එකට ගිහින් කාර් එක අරන් එන්නම් කියා ශානුක්ටත් ටීනාටත් තීනූව බාර දී ආදී කාර් පාර්ක් එකට යන මග ඔහුගේ ෆෝන් එක රින් වෙන්න විය එහි නම්බරේ එක්කම තීබූ නම බානුක 

ආදී ෆෝන් එක අන්ස්වර් කර කනේ තියාන් සිටියදී බානුක හෙලෝ ආදී 

ඔව් ආදී තමයි දැන් මොනවද ඕන උඔට ආදී ප්ලීස් ටිකක් මට තීනූ එක්ක පොඩ්ඩක් කතා කරන්න දෙන්න මට එක පාරක් බං වෙච්චදේ කියන්න මේකයි උඔවත් තෙරුම් ගනින් මං ඇත්තටම තීනූට ආදරේ කලා බං


එවිට ආදීට හොදටම තරහා ගොස් උඔ තව තව බොරු කියන්න එපා උඔඅ ඇත්තටම තීනූට ආදරේ කලා නම් උඔ ඔහොම කැත වැඩක් කරන්නේ නෑ උඔ ඒකිව රැවට්ටුවා ආදී තරහෙන් කෑගෑසුවා 


ආදී මං රවින්දි ගැන තීනූට කීප වතාවක් කියන්න හිටියේ මට ඒකට චාන්ස් එකක් ආවේ නෑ 


ආ........ උඔට අවුරුද්දක් යනකන් චාන්ස් එකක් ආවේ නෑ අනේ මේ පලයං යන්න උඔයි රවින්දි දෙන්නනම තීනූව රැවැට්ටුවා උඔ කොහොමත් තීනූට ආදරේ කලේ නෑ බං 


මචං ආදී මට එකම එක පාරක් තීනූව හම්බවෙන්න හරි ෆෝන් එකෙන් කතා කරන්න දෙන්න මං එයාගෙන් සමාවගන්න ඒයා ගොඩක් දුකෙන් ඇත්තේ


දැන් ඇති උඔ කරපුවා දැන් තීනූ හිත හදගන්න හදන්නේ අනික තීනූ අනූනවයෙන් ජිව්තේ බේරුණේ දැන් උඔ රවින්දි එක්ක වැඩක් බලාගෙන් ඉදපන් උඔ නිසා තීනූගේ ආසවන් ඔක්කෝම කැප කලා ඒවගේම උඔගේ ඔක්කොම දේවල් තීනූ කලා ඇමරිකාවේ යුනිවර්සිටි එකට යන්න උඔටත් ඇප්ලයි කලා මොකද එයා එහෙ ඉගෙන් ගද්දී උඔ තීනූ ලග ඉන්න ඕන නිසා එයා මොනවාකලත් ඔයාව ලෙට් ඩ්වුන් වෙන්න තිබ්බේ නෑ ඒ තරමට උඔට ආදරේ කලා තීනූ දැන් උඔ තීනූට පාඩුවේ ඉන්න දීපන් මං එයා ගැන බලා ගන්නම් එයගේ දුක් සතුට ගැන මං බලාගන්නම් පාඩුවේ තීනූට ඉන්න දීපන් කියා ඔහු ෆෝන් එක කට් කර වහයට නැග්ගේ තරහාවෙන් ඔහූ වහනය පන ගන්වා ඉක්මන් කරලා ගියේ අනිත් අය එයා එනකන් බලන් ඉන්න නිසා 


ඔහු වාහනය හොස්පිට්ටල් එකේ කොරිඩෝවේ නවතා එයින් පිටතට බැස තීනූව වීල් චෙයාර් එකෙන් වඩාගෙන ඔහු වහනයේ ඉදිරි පස අසුනේ වාඩි කරවිය


එවිට ශානුකත් ටීනාත් අනිකුත් බඩු මලු සේරම වහනයේ පිටිපස්සට දමා 


හරි එහෙනම් ආදී පරිස්සමෙන් තීනූව එක්කන් යන්න අපි දෙන්නා ගෙදරට එන්නම් ඔයාලා යන්න කියා ඔවුන් ආදීටත් තීනූටත් සමුදී පිටත් විය ටික දුරක් යනකන් තීනූත් ආදීත් නිහඬව ගියේ තීනූ ඇස්වල කදුලු පුරවන් කල්පනා කරනවා දැක්ක නිසා ආදීත් ගෙදරට යන පාරට නොහරවා අනික් පාරට වාහනය පදවන්න විය. එවිට තීනූ ඔලුව උස්සා ඇස්වල වැටෙන කදුලු පිස අපි කොහෙද යන්නේ ආදීකියා හඩ අවදී කලා ඔයා ආසම තැනක ඔයා එතනට ගිහින් ඔයාට ඕන තරමක් අඩලා හිත නිදහස් කරන් එන්න කීය වුනත් මං ඉන්නම් මොකද ඔයාගේ දුක තද කරන් ඉදලා මේ ප්‍රශ්නේ විසදන්න බෑ එසේ කියමින් වාහන බීච් එකේ කාර් පාර්ක් එකේ නවත්වා එතනින් තීනූව හෙමින් වඩාගෙන් ඇය එතන අසල තීබූ ගලක් උඩ වාඩි කරවිය ඉන්පසු ආදී තීනූට කිවේ මෙතන කවුරුත් නෑ මාත් වාහනයට යන්නම් ඔයා ඕනම තරමක් අඩලා මතක ඔක්කෝම ඕන නම් අමතක කරලා ඔයා ඊළඟට ගන්න ඕන ඕනෑම තීරණයක් අරං එන්න මෙතතින් ඔයා ඔයාගේ ලස්සන ජීවිතය ඉස්සර වගේ ගත කරන්න තීනූ මට බෑ ඔයා මෙහෙම ඉන්නවා බලන්න මට ඕන ඔයාගේ මූණේ හිනාව දකින්න කියා ආදී තීනූව වැලදගෙන ඔලුව අතගෑවා එවිට තීනූ මහ හයියෙන් අඩන්නවිය තව තව ආදීගේ පපුවට තුරුල්වී මහ හයියෙන් අඩන්න විය 

ඔයාට ඕනම තරමක් අඩන්න තීනූ ඕනම් තරමක් අඩන්න ඔයා එක මං හැමදාම ඉන්නවා කියා තීනූව වැලදගෙනම සිටියේ ඇයට සහනයක් ලැබෙ තැයි සිතමින් තීනූ මහ හයියෙන් ඉකිගසා අඩන්න විය ඔවුන් එසේ ටික වෙලාවක් හිද ආදී නැගිට ගියේ තීනූට අයිස් ක්‍රීම් එකක් ගෙනත් දෙන්නම් කියා 


තීනූද පොඩි ලමයෙක් වාගේ ඔලුව වනන්නට විය පසුව ආදී එතනින් ගිය පසු තීනූ ලොකු සුසුමක් යවා මුහුදේ රැළි දෙස බලා සිටියේ මහ බරක් හිතෙන් අයින් වුනා වගේ දැනුන නිසා ඇය මුහුද දෙස බලා හිනා වෙන්න විය. කොයි තරම් සහනයක්ද ඇත්ත්ටම ආදීට මාව ගොඩක් තේරෙනවා මගේ හැගීම් හැමදේම හ්ම්ම්ම්... මං බානුකට ආදරේ කලා අවංකව මං එයා නිසා ගොඩක් දෙවල් මගේ ආස දේවල් එයා නිසා මං එයාගේ සතුට වෙනුවෙන් අහැරියා මට බානුකට ආදරේ කලාට මගේ හිත හරිම බරකින් තිබ්බේ මං දන්නවා තාත්තා කැමති වුනේ නෑ මේකට මගේ හොදම යාලුවො තුන් දෙනා එයාලත් කැමති වුනේ නෑ ඒත් මගේ කැමැත්ත නිසා පාඩුවේ හිටියා ඒක මට ලොකු බරක් තිබ්බා ඒත් ඒ හැමදේම ඉවසගෙන මං බානුකට ආදරේ කලා... ඒත් එයා මට ආදරේ කලේ නෑ කොහොමද මං මෙච්චර කල් රැවට්ටුවේ මාව රැවට්ටු කෙනා ආයේත් මගේ ලගට ගන්න මට ඕන නෑ එයාට එයාගේ සතුට රවින්දි ලග නම් එයා එක්ක හිටපුවවේ මං මගේ ඉදිරි ගමන් ගැන කල්පනා කරන්න ඕන මොකද මට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මං මහන්සි වෙන්න ඕන නෑ ඒයාල නිසා මගේ සතුට මං විනාශ කර ගන්න ඕන නෑ මං ආයේ කලින් තීනූ වෙන්න ඕන මට ආදරේ කරන අය වෙනුවෙන් මං ජිවත් වෙන්න ඕන මට ආදරේ නැති අය නිසා මට ආදරේ කරන අය නැති කර ගන්න මට ඕන නෑ 

මට මේක මගේ මතක පොතටවත් දන්නේ නෑ මගේ මතක පොතේ තාත්තී, ටීනා, ආදී,ශානු, කරුණාඅම්මා,වීරේ අංකල් අනිත් හැමදෙනාගෙම ආදරේ විතරයි මගේ සතුටු පොතේ තියෙන්න ඕන කවුරුත් නිසා එයාලගේ හා මගේ සතුට විනාශ කරන්න දෙන්නේ නෑ මං මං එයාලටහරිම ආදරෙයි.

මං මේ අමිහිරි මතකය ටිකෙන් ටික අමතක කරනවා. කියා මුහුද දෙස බලා කල්පනා කරන්න විය.ඇයි නැවක් එනවා කිවුවද ඔච්ච කල්පනා කරන්නේ කියා ආදී ඇසුවේ අයිස් ක්‍රීම් එක දික් කරමින් ඇය ගැස්සී ගිය අතර ඇය ආදී දෙස බලා දීප්තිමත්ව ඔහුදෙස බලා හිනා වෙන්න විය. අම්මෝ කාලෙකින් ඒ හිනාව දැක්කේ කියමින් තීනූ අසලින් වාඩිවෙන්න විය

තීනූ..... ආදී අයිස්ක්‍රීම් එක රසවිදිමින් සිටි තීනූ දෙස බලා ඇයට කතා කරන්න විය. තීනූත් මුහුණ ඔසවා ආදී දෙස බැලීය 


හ්ම්ම්.... මං දෙයක් අහන්නද ආදී තීනූගෙන ඇසුවේ ටිකක් බියෙන් වගේ 


මොකක්ද ආදී අහන්න.... ඔයා...ඔයා.. බානුකව අමතක කරනවද ඔයාගෙන් එයා සමාව අරගෙන ආයේ ඔයා එක්ක එකතුවෙන්න ඕන කිවුවොත් ඔයා එයාට ආදරේ කරනවද? 


නෑ ආදී කවදවත් නෑ මං එයාට ආදරේ කලේ අවංකව ඒත් එයා මට අවංක වුනේ නෑ අනික එයාගේ සතුට තියෙන්නෙ රවින්දි ලගනම් මං ඇයි එයාට ඒ සතුට දෙන්නේ නැත්තේ ඒ කියන්නෙ මං සෙල්ෆිශ් නේද මං එයාව බලෙන් තියාගන්න හැදුවොත් ඒක නිකන්ම නිකන් ප්‍රශ්න ගොඩක් විතරයි. අනික ආදී එහෙම ජිවිතටක් වැඩක් නෑ එයා ආයේ මගෙන් ඇහුවත් ඒකට උත්තරේ කවදවත් නෑ කියන එක මට එයා ගැන තියෙන විශ්වාසය කැඩුනාට පස්සේ අයේ වැඩක් නෑ ආදී අනික මං කොහොමද ආයේ විශ්වාස කරන්නේ මාව එක පාරක් රැවට්ටුව කෙනාට ආයේ පාරක් රවට්ට්න්න දෙපාරක් හිතන්නේ නෑ එක මං දැන දැනත් ආයේ කොහොමද මං එයා එක්ක ආයේ එකතු වෙන්නේ එතන එයා කොච්චර හොදට හිටියත් මට එයාව ආයේ ඕන නෑ ආදී මං දන්නවා සමහර විට මට මෙහෙම වෙන්න ඇත්තේ කවුරු හරි කෙනෙක් මට ආදරේ කරනවා ඇති එයාට මාව අයිති වෙන්න ඕන නිසයි මට මෙහෙම වෙන්න ඇත්තේ 

එවිට අදී තිගැස්සී ගියත් එය ඇයට නොපෙන්වා එහෙම ආදරයක් ඔයා ලැබුනොත් ඔයා එයාට ආදරේ කරනවද තීනූ 

අනිවාර්යයෙන් මට ආදරේ නැති මිනිහෙක් නිසා මට ආදරේ කරන කෙනෙක් නැති කර ගන්න ඕන නෑ 


මං දෙපාරක් හිතන්නේ නෑ එයා මට ආදරේයි කියලා දැනුනු දා ඉදන් මං ආදරේ කරනවා ආදී 


ආදීට ආව සතුටට කෑගහලා තීනූ මං ඔයාට ගොඩක් ආදරේ කියලා කියන්න හිතුවත් ආදී එය යටපත් කරමින් හිත යටින් සතුටු විය. නමුත් ආදී තීනූට ගොඩක් ආදරේ වුනත් ඔහු එක දෙයකට බය විය ඇයට ආදරේ ප්‍රකාශ කර එය ප්‍රතික්ෂේප වූවොත් කුඩා කල සිට තියෙන යාලු කම නැතිවෙයි කියන බය ඔහු තුල විය ඔහුට තීනූ ආදරේ නොකරත් තීනූගේ යාලුකමවත් ඇති නිසාම ඔහු එය තීනූගෙන් මෙම ආවස්තාවේදීත් සගවගෙන සිටියේ


හ්ම්ම්... ආදී ඔයා ආදරේ කරන්නෙ නැද්ද අනේ කෙල්ලෙක් වත් නැද්ද ඔලෙවල් කාලේ නම් කෙල්ලෙක් ගැන කියගෙන හිටියා එයාව අපිට පෙන්නුවෙත් නෑ මොකක්ද අනේ කෙල්ලේක්ට ආදරේ කරන්නෙම නැද්ද තීනූ ආදීගෙන් ඇසුවේ විහිලුවට වගේ 


ඒත් ආදී තීනූගේ දෙනෙත් දිහා එක එල්ලෙම බලා ඉන්නාව මං පන වගේ ආදරේ කරන කෙනෙක් පන වගේ ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා ඒත එයා දන්නේ නෑ මං එයාට ගොඩක් ආදරෙයි කියලා කවද හරි එයා මගේ වුනොත් මං තරම් ලකී කෙනෙක් නෑ මං මගේ පන දීලා හරි මං එයාව බල ගන්නවා... එකම් එක දෙක මගෙන් කවුද කියලා අහන්න එපා ප්ලීස් තීනූ 

තීනූද ඔලුව වැනුවේ හෙතුවක් ඇති එයාට එහෙම කියන්න කියලා හිතුන නිසා හරි අපි දැන් යමු ගෙදර අයත් බලන් ඉන්නවා ඇති කියා දැන් ඔයාගේ හිතට නිදහස් නේද 

තීනූ හිනාවෙලා ඔව් ආදී තැන්ක්‍යු ඔයා මාව මෙතනට ගෙනල්ලා මාව නිදහස් කලාට ඔයාට මං කියලවත් නැති දේවල් ඔයා මාව ගොඩක් තෙරුම් අරං ඉන්නේ මට ඇත්තටම සතුටුයි ඔයා වගේ යලුවෙක් හම්බවුන ගැන 

හරි හරි බටර් ගෑවා ඇති අපි දැන් යමු ආදී නැගිටන ගමන් කීවේ හිනාවෙමින් 


ආ.... බටර් ගාන්න වැඩේමයි මට තීනූ මුණ බෙරි කරන් කීවා 


ආදී එකපාරම තීනූව වඩා ගන්න බිමට නැමෙද්දී තීනූත් එකපාරම මූණ ඉස්සුවා එ සැනෙන් ආදීගෙත් තීනූගෙත් මූණට මූණ ලං වෙලා දෙන්නා එකිනෙකා දෙස එක දිගට ටික වේලාවක් බලාසිටියා ඒ ඇස් දෙක එකිනෙකට ගැටෙද්දී දෙදෙනාගෙම හදවත වේගයෙන් ගැහෙන්න විය ඒ සද්දේ එකෙනෙකාට ඇහෙයි කියලා දෙදෙනා බයත් වුනා ඒ වෙලාවේ ආදී තීනූට නළලට හාද්දක් දෙන්න ආසාවක් ආවත් එය යටපත් කරගෙන අහක බලාගත්තේ දෙදෙනාටම ටිකක් ලැජ්ජාවක්ද ඇති විය අපී යමු කට්ටිය බලාගෙන ඉන්නවා ඇති කියා ආදී ගැහෙන හදවතින් ම තීනූව වඩාගෙන වහානය සීට් එකේ වාඩි කර දොර වසා වහනේ පිටිපස්සට ගොස් පපුව අල්ලගෙන දීගු සුසුමක් හැරලා ආදී රිලැක්ස් පපුවත් එක්ක මොකක්දෝ වුනා කොල්ලෝ රිලැක්ස් වියන් මගේ හාර්ට් බීට් එකත් එකපාරම වැඩිත් වුනා සද්දේ තීනූටත් ඇහුනද දන්නේ නෑ නැවත් දිගු හුස්මක් අරං එක පිටකරලා හරි දැන් මොකුත් නොවුන ගානට ඉදපන් කොල්ලෝ කියා ආදී තමන්ටම කියාගෙන වහානයට ගොස් එය පන ගන්වන්න විය. ඔවුන් එකෙනෙකා දෙස බැලුවේවත් නෑ ඔවුන්ට ලැජ්ජාවක් දැනුන නිසා 

ඒ වෙලාවේ තීනුගෙද හදවත් වේගයෙන් ගැහෙමින් තිබුනේ ඇයට ඒ බැල්ම ආදරය පිරි ආදීගේ බැල්ම ඇයට එය මතක් වී ඇයගේ හදවතද ගැහෙන්න විය එය ආදීටඇහෙයි කියා බයේ ඇය පිස්සුද මොඩියේ ඒ මගේ යාලුවා පිස්සු හිතන්න නම් එපා එක වැරදීමකින් වුනේ අනික ආදීට එයාගේ හිතේ මං ගැන එහෙම අදහසක් නෑ එයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා තීනූ පිස්සු හිතන්න එපා මොඩියේ කියා ඇයටම හිතින් හිතා ගත්තා 


ඒ අතර වාහනය ගෙදර දොරකඩ් ලග නතර කරද්දිම තාත්තා ,ටීනා ,ශානුක,කරුණාඅම්මා වීරේ අංකල් හැමෝම එලියට දුවගෙන ආවේ ශානුක මොකද බං මෙච්චර වෙලා ගියේ අපි ඒත් බැලුවා මොකක් හරි කරදරයක් ද කියලා 

නෑ බං අපි පොඩි ගමනක් ගියා ඒකයි පරක්කු වුනේ 


කොහෙ ගියත් කෝල් එකක් දෙන්න එපැයි කෝල්ස් කීයක් ගත්තද බයේ හිටියේ 

ශනුක කියවගෙන කියවගෙන යන්නට විය ඒ අතර ආදී තීනූව වීල් චෙයාර් එකේ තියලා තීනූ ඔයා කෙලින්ම රෑම් එකට ගිහින් රෙස්ට් කරනවද නැත්තම් මං සාලෙන් ඉන්දවන්නද ආදී තීනූගෙන් ඇසුවා 

ඒ අතර කරුණා අම්මා කදුලු පිරුනු ඇස්වලින් මගේ බේබිට මහන්සිද මං බේබි ආසම කෑමක් හැදුවා බේබ් නැතුව මුලු ගෙදරම පාලුයි වගේ දැන්නම් ආයේත් ඒ පාලු ගතිය යයි 


තීනූ නෑ ආදී මට රෑම් එකට යන එක හොදයි ටිකක් මහන්සි මට ටිකක් නිදගන්න ඕන් කියා කිවා එවිට තීනූගේ කාමරය ඉහල මහලෙ සිට පහල මාහලයට මාරු කර තිබුනේ තීනූගේ පහසුවට පසුව තීනූව කාමරයට වීල් චෙයාර් එකෙන් තල්ලු කරගෙන් ගොස් ඇද ලගින් තීනූව වඩාගෙන ඇද මත තබා පොරවන සීට් එකෙන් වසා ඔයා රෙස්ට් කරන්න කියා ඔලුව අතගා ඔහු කමරෙන් එලියට එන්න විය එය දුටු ශානුකත් ටීනත් හිනාවෙමින් කමරයෙන් එලියට එන්නට විය. 


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදාම


ජෙසි ❤️🌻






2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!