8 වන කොටස

පරිච්ඡේදය 9 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්

මේ මට ඔයාලා දෙන්න එක්ක කතා කරන්න ඕන කියා ඔහු ඔවුන් දෙදෙනාව පසුකරන් එලියට ගියා ඔවුන් දෙදෙනාත් මුහුනට මුහුන බලා ගෙන ඔහු පසු පස යන්න ගියේ කුතුහලයෙන් 


ඇයි මොකක් හරි අවුලක්ද ආදී කියා ටී ඇසුවේ ඉඅවසිල්ලක් නැතුව 


හ්ම්ම්ම් ඔවු .... අද මට බානුක කතා කලා 


ඇයි දැන් එයා ඔයාට කතා කලේ තව මොනවද වෙන්න ඕන ශානුක කලබලයෙන් අසන්නට විය


එයාට තීනූගෙන් සමාවගන්න ඕනලු එයා ඇත්ත්ටම තීනූට ආදරේ කලාලු කියලා තව තව විකාර කිවුවා 


ඔයා මොනවද ආදී කිවුවේ ටීනා කුතුහලයෙන් යුතුව ඇසුවා 


මං මොනවා කියන්නද මං හොදටම බැන්නා ඇත්තටම ආදරේ කලානම් එයා තීනූව රවට්ටන්නේ නෑනේ එයාට එහෙම අයින් වෙන්න වුවමනාවක් තිබ්බානම් එයාට තීනූට ඇත්ත කියන්න තිබ්බා ආදී කීවා


හ්ම්ම්ම් දැන් තීනූගේ තීරණේ මොකක්ද එයාට බානුකව ආයේ ඕනලුද ශානුක ආදීගේ කරට අත දාගන්න ගමන් ඇසුවා


නෑ බං එයා අද මාත් එක්ක මේ ගැන කතා කලා එයා කියන්නේ එයාට ආයේ බනුකව එපාලු එයාගේ සතුට රවින්දි ලගනම් තියෙන්නේ එයා එතන සතුටෙන් ඉන්නවා නම් එයාට බානුකව එපාලු බානුක ආයේ ඇවිල්ලා තීනූගෙන් ආදරේ ඉල්ලුවත් එයා කියන්නේ රවට්ටපු කෙනෙක් ආයේ ඒ කෙනාවම රවට්ටන්න දෙපාරක හිතන්නේ නෑ කියලා


හ්ම්ම්ම් තීනූ ගත්ත තීරණය හොදයි ඒත් කෙල්ල පවු එයාට දුක ඇති ඒත් ඒක අමතක කරවන්න ඕන ටීනා ශානුක දෙස බලා කීවා


හ්ම්ම්ම් ඔව් අපිට ඇමරිකාවේ යුනිවර්සිටි එකට යන්න සෙට් වුනා නම් ඔක්කොම් හරි තීනූට මේ පරණ මතක ටික අමතක කරන්න නේද ආදී කියා ශානුක ආදී දෙස ප්‍රශ්නාර්ථයක් ලෙස ඇසීය


හ්ම්ම්ම්ම් ඒත් බානුකටත් ඒක ඇප්ලයි කලා මතකනේ පොරත් අනිවාර්යයෙන් එහෙට එයි ඒත් මං හිත්තන්නේ නෑ තීනූ හිත වෙනස් කරයි කියලා ආදී පැවසුවා


ඔව් මටත් හිතෙනවා සාමාන්‍යයෙන් තීනූ ගත්ත පියවරක් ආපස්සට තියන කෙල්ලෙක් නෙවෙයි 

අපි දැන් එයාව හොද කරන්න බලමු පුලුවන් තරම් මේ වතාවරණයෙන් අයින් වෙන්න උදවි කරමු ටීනා එසේ කියනවාත් සමග


බෙබිලා මෙහෙද මං හැමතැනම හෙව්වා මෙන්න බීම එක ආදී බේබි මං තීනූ බේබිගේ කාමරෙට ගියා මේ ලියුම දෙන්න එයා හොදටම නින්ද ගිහින් මට කරදර කරන්න හිතුනේ නෑ ඒ නිසා මේක ආදී බේබි ටම දෙන්නම් තුන්දෙනාම කුතුහලයෙන් කරුණාඅම්මා දික් කරපු ලියුම් කවරය දෙස බලා සිටියේ පුදුමයෙන් 


මොකක්ද කරුණා අම්මේ මේ දන්නේ නෑ ටීනා බේබි මට ඉංග්‍රීසි කියවන්න බෑනේ හිනාවෙමින් කරුණා අම්මා ආදීගේ අතට ලියුම් කවරය දික් කලා එහි එඩ්ඩ්‍ර්ස් එක තිබුනේ ඇමරිකාවෙන් 

ආදී එය අතට ගෙන හොදට ලියුම් කවර දෙස බැලුවා මං හිතන්නේ මේක් යුනිවර්සිටි එකෙන්ද කොහෙද ආදී සතුටෙන් ශානුකටත් ටීනාටත් කීය 

එයා ඇහැරුනාම අපි එයාටම දෙමු බලන්න 


ඒක හොදයි එයාව සප්‍රයිස් කරමු.

කියා ඔවුන් තිදෙනාම ගේ ඇතුලට ගොස් නොඉවසිල්ලෙන් තීනූ ඇහැරෙන කන් හිටියා 


ඔවුන් වරින් වර තීනූගේ කාමරයට ගොස් ඇය අවදි වෙලාද කියා විපරම් කරන්න විය.


ටීනා කාමරයට ගොස් බලද්දී තීනූ අවදිවෙන්න විය තීනූ නැගිට ඇදේ වාඩී වෙද්දී අම්මෝ ඇති යන්තම් නැගිට්ටා කියා කෑගැසුව එම හඩට තීනූ ගැස්සී අවදී වී මොකද අනේ කෑ ගහන්නේ බයත් වුනා කියා ඇද උඩ වාඩි විය ටීනාගේ කටහඩ ඇසී ශානුද ආදීද දුවගෙන ඇවිත් ආදී ඇදේ තීනූ ලග වාඩි වෙන ගමන් ඇයට කවරයක් දික් කලා තීනූ ආදී දෙස පුදුමයෙන් බලා මේ මොකක්ද ලියුම අතට ගත්තා බලන්නකෝ ඔයාම කියා ශානුද තීනූ ලගට හිට ගත්තේ කට්ටියම කුතුහලයෙන් මොකක්ද ලියුම කියා තීනූ ලියුම කඩන්න කලින් ඇඩ්‍රස් එක බලා 

හිනාවෙමින් මොකක් ඇත්තටම ඒක ආවාද කියා ඇය හිනාවෙමින් ඇය පුදුම වෙන්න විය.

අනේ ඔන්න ඔහේ නැලවෙන්නේ නැතුව ඕක කඩන්නකෝ බලන්න කියා ශානුක තීනූව උනන්දු කරවන්න විය පසුව තීනූද ඉක්මනින් ලියුම කඩා බලා කියවලා ඇය ස්තුටින් ඇදේ ඉදන් ටීනාව බදගෙන මාව සෙලෙක්ට් වෙලා අනේ කියා කෑ ගැසුවා ආදීත් ශානුකත් සතුටින් උඩ පැන තීනූවත් ටීනාවත් හැමෝම එකට බදාගෙන සතුට සමරන්න විය ආදී මගේ ලැප් එක අරන් දෙන්නකෝ මට මේල් එකක් එවලා ඒකට මං රිප්ලයි නැති නිසායි මට පොස්‍ට එකෙ එවලා තියෙන්නේ එහෙම කීව ගමන් ආදී ඉක්මනින් තීනූට ලැප්ටොප් ඒක ඇයගේ අතට දී ඇය ලගින් ඇදෙන් ඉදගත්තා ආදීටත්, ශානුටත්, ටීනාත් ඔවුන් සතුටු වුනේ හරියට ඔවුන් සෙලෙක්ට් වුනා වගේ  

මේල් එක චෙක් කරලා ඔවු මං සෙලෙක්ට් වෙලා නෙක්ස් මන්ත් මං යන්න ඕන කියලා කිවුවා මං දැන් කොහොමද මෙහෙම යන්නේ කියා තීනූ ටිකක් දුකෙන් ආදී දෙස බලා ඇසුවා පසුව ආදී ඇයගේ අත අල්ලන් බය වෙන්න එපා ඔයාගේ එක්සර්සයිස් ටික කරමු කොහොමත් ඉක්මනට හොද වෙයි ඩොක්ටර් කීවානේ වන් වීක වලින් හොද කරන්න පුලුවන් වෙයි කියලා 

ටීනාත් ශානුත් තීනූගේ අසල සිටගෙන තීනූ ඔයාට අපි ඉන්නවානෙ මේ වුන දේවල් ඔක්කෝම අමතක කරන්න නරක හීනයක් කියලා ඔයා ආයේ අලුතෙන් ජිවිතේ පටන් ගන්න අපි දන්නවා ඔයා හිත අස්සේන් ඔයා වේදනාවක් තියෙනවා කියලා ඔයා ඒක අපිට පෙන්න්නේ නෑ ඔයාව තේරුම් ගන්න පුලුවන් ඒත් ඔයා වෙනුවෙන් ඕන දේකට අපි තුන් දෙනා ඉන්නවා 


තීනූගේ නෙත් දෙක කදුලුවලින් පිරෙද්දී තීනූ මට ඔයාල හැමොම නිසා තමයි මං මෙහෙම ඉන්නේ මට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මට ගොඩක් ආදරේ කරන අයව මං නැති කර ගන්න ඕන නෑනේ මටත් ඔයාලව ගොඩක් ව්ටිනාවා කියා තීනූ ඔවුන් තීදෙනාව බදාගත්තා 


එවිටා තීනූගේ තාත්ත්ද කාමරයට ආවේ මොකද අනෙ මේ කට්ටියගේ සද්දේ කියා අසාගෙනම අංකල් දන්නවද තීනූ යුනිවර්සිටි එකට සෙලෙක්ට් වෙලා නෙක්ස් මන්ත් යන්න ඕන ශානු උඩ පැනගෙන කීවා තීනූගේ පියාද පුදුම වී තීනූ ලගට ගොස් මං දන්නවා මෙගේ දුව සෙලෙක්ට් වෙනවා කියලා කියා තීනූ ආදරයෙන් බදාගෙන ඔලුව සිප ගත්තා 


හරි අපි දැන් ඉදන් ගෙනියන්න දේවල් ලැස්ති කර ගමු ශානුක කීවේ සතුටෙන්


හොව් හොව් පොඩ්ඩක් ඉන්න තීනූගේ එක ආවා නම් අපේ ඒව්ත් එන්න ඕන නේද ටීනාට එක පාරම මතක් වෙලා කිවුවාම 

ආදී තීනූ එකට ඇප්ලයි කලේ අපිට කලින් ඒකයි එයාට ඒක ආවේ අපේ ඒවත් එනවා හැබැයි ටිකක් කල් යයි මං හිතන්නේ නේද ශානුක ආදී ශානුක දෙස හැරි කීවා ශානුකද ඔලුව වැනුවේ එම කතාවට එකග බව කියා


හරි දැන් තීනූ ඔයා හෙට ඉදන් එක්සර්සයිස් ටික පටන් ගන්න මොකද වන් වීක් එකෙන් පස්සේ ඩොක්ටර් එන්නත් කීවුවා


ආදී තීනූට පැවසුවා එවිට කරුණා අම්මා කාමරයට ඇවිත් මං රෑ කැම ලැස්ති කලා මං බේබිගේ එක කාමරේට ගෙන්නද කියා ඇසුවා ආදී කරුනා දෙසට හැරි කරුනා අම්මා කෑම තීනූගේ එක ගේන්න මං තීනූට කවන්නම් කියා කීවා 

ශානුක ආදී දෙසබලා තීනූගේ කකුලේ නේද බං අවුල අතේ අවුලක් නෑනේ තීනුට තනියම කන්න පුලුවන් නේද කියා නක්කලේට වගේ කීවා ආදීට ටිකක් ලැජ්ජා හිතිලා හරි හරි හොස්පිටල් එකේ වගේම දැනුත් බලා ගන්න ඕනනේ කියා අහක බලා ගත්තේ මූ ට මොකක් හරි තේරිලාදමං දා හිතමින් කරුනා කෑම එක කාමරෙට ගෙනත් ආදී අතට දී ඇය යන්න ගියේ බේබිලා දෙන්නත් මේ එක්කම කනවද මං කෑම එක ගෙනත් දෙන්නද කියලා ඇහුවා


ටීනා ශානුකවත් ඇද ගෙන නෑ අපි ඇවිල්ලා කන්නම් කියා කරුණාඅම්මා අම්මා එක්කම යන්න ගියා 


ආදී මං තනියම කන්නම් ඔයා ගිහින් කන්න අනික හොස්පිටල් එකේ ඉද්දිත් ඔයා මාව බලා ගත්තා ඔයාට ටයර්ඩ් ඇති කියා තීනූ ඇසුවා


මට මහන්සියක් නෑ තීනූ මං ඔයාව බලාගන්නම් හැමදමත් කියා ආදී කිසිම ගානක් නැතිව කියා තීනූට කෑම කැවුවා එසේ කවද්දි තීනූගේ තොල අයිනේ බත් ඇටයක් තියෙනවා දැක ආදී අතෙන් තොල අයිනේ තියෙන බත් ඇටය අයින් කරන්න ඇගිල්ල තොලේ වදිදි ආදීගේ හදවත් වේගයෙන් වැදෙන්න විය කොයිතරම් ද කිවුවොත් තීනූ ඇහෙන්න ඇති කියා ඔහු බය වුනා තීනූගේ හදවතත් එලෙසම ගැහෙන්න වුනා ඇයද බිය වුනේ ආදීට මගේ හාර්ට් එකේ සද්දේ ඇහුනද දන්නේ නෑ කියා දෙදෙනා එක දිගටම ඔවුන් දෙදෙනා ඇස් දෙස බලා ඉන්න විය ඒ අතරේ ටීනා එක පාරම කාමරයට ආවේ

ආදී තව මොනව හරී ඕනද කියා අසමින් ටීනාගේ කටාඩ ඇසූ දෙදෙනාව පියවි සිහියට ඇවිත් ආදී ඉක්මනට අත අරගෙන කාමරයෙන් පිටිත්ට පැම්න මෙන්න මේක ඔයාම කවන්න කියා කාමරයෙන් පිටතට ගියා ටීනා කිසිවක් නොදුටු ලෙස කාමරයට පැමින මෙයාට මොකද එක පාරම වුනේ කියා තීනූ දෙස බලන්න විය තීනූද කිසිවක් නොකියා සිටියේ ටීනා මොනවා හරි දැක්කවත්ද එයා වරදවා හිතයිද කියා සිතේ සැකයෙන්


කාමරයෙන් පිටත්ට පැමිණි ආදී කුස්සියට ගොස් අත සෝදා අම්මෝ ආදී රිලැක්ස් පිස්සුනම් කෙලින්න එපා කාම් වෙන්න තීනූට මගේ හාර්ට් බීට් එක ගැහෙන සද්දේ ඇහුනද දන්නේ නෑ මේක එක පාරක් නෙවෙයි ආයේ මෙහෙම වෙන්න දෙන්න එපා තීනූ මෙනවා හිතයිද දන්නේ නෑ කියා හිතමින් ඉද්දී ශානුක එතනට ආවා මොකො කල්පනාව එන්න ගිහින් කාපන් කට්ටිය බලන් ඉන්නවා කියා ශානුක ආපසු හැරි යන්න විය


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදාම


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!