අපා සත්තු
පද්‍ය වෙනත් (Other)

අපා සත්තු

DinuCreations 25 3 1

කරමින් අනුන්ට කරදර 

ඉටුවේද නුඹගේ මනදොල 

දෙව්ලෝ අපා ඇති පරතර 

නොදනීද නුඹ හැම කල 


කියා හැම තැන කේලම් 

පත්තු කළ ගමෙ කෝලම් 

ඇවිලෙද්දි ගිනි මෝසම්

මතක් වෙද්දිත් awesome


එහා ගෙදරට කොටුවක් 

පැන්නම ලැබේද තරුවක් 

මිනිහා නැති ඇගෙ වරුවක් 

ලැබුනා උඹ හට තටුවක් 


ඉකි ගසා හඬන ඈ ගැන 

දුක අහන අයියල හැමතැන 

නිවා ඇගෙ දුක නිසිකල

සයනයක නිමි පණ නළ 


වදමිනා ලෝකෙට අගන දරුවන් 

දමමිනා පාරට උන් විය මරුවන් 

නොහදනා මව බිහිකළ දරුවන් 

හඳුනනා මව් බැල්ලියක තිරිසන්


අගේ ඇත පෙර සිටන් සිවුරට 

සැකේ නැත හැම විටන් පොකුරට 

රිංගලා අමු හොරුන් ඇතුලට 

අනේ උන දේ අපේ සසුනට


කරන් නොයෙකුත් පාප කදිමට 

හිතන් ඇති දොර දිව්‍ය ලෝකෙට

මෙහෙන් චුත වුණ ගමන් හනිකට 

යන්න හැකි වෙයි අහෝ! නිරයට


2026 DinuCreations — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
DinuCreationsගේ තවත් නිර්මාණ

අදහස් (1)
පිවිසෙන්න අදහස් දැක්වීමට.
thushan97

💜️💜️💜️