ඔය නෙතු අගින් බලනා හීසර බැල්ම...
හදවත දවයි ඇවිලෙන ගිනිදළු මෙන්ම...
එන්නද සොයා සොඳුරිය මම මේ දැන්ම...
නොහැකිය අතැර යනු රසබර මේ දැක්ම...
රසබර සුමුදු තාලය නුඹේ ලාලිත ගමනේ...
දෙවියන් පවා කළඹනු ඇති සඳ විමනේ...
කෙහෙරැල් හමා යන හැටි සීතල පවනේ...
ලදහොත් ඉඩක් සත්තයි දාගාමී දපනේ...
නළලත මැදින් වැටෙනා කෙහෙ රොදක හැඩ...
දුන්හිඳ ඇල්ල මෙන් නරඹති බොහෝ නඩ...
පසුබට නොවී පොරකා මම ගතිමි ඉඩ...
දැන් මට පෙනෙයි විස්කම් දෙව්පුතුගේ වැඩ...
රතු තොල් සඟල මත දිදුලන දිස්නේ වැදී...
මුව මදහසින් ඉතිරුණු ඒ සිනහා පොදී...
රන් රුව පරදවන දෙකොපුල් වාගේ රිදී...
බල බල විඳගන්න රස මට නම් කාලේ මදී...
පිරි පපු මඩල නොම දෙවනිය මහ මෙරට...
කීම තන පටින් විලංගු දැමුවේ හිරට...
පෙර කල පිනෙන් හැඩවුණු ඒ රන් තනට...
ඇස් යොම නොවා ඉන්නට බෑ මේ කපට...
සිහිනිඟ නුඹේ තුසිතයේ දෙව් දුවක වැනී...
හැඩවුණු උකුල සමුදුරේ තිමිරයෙකු මෙනි...
කීම රෙදි කඩින් වසවා ඇස් වහ වැදුනි...
දැකුමට විවර කලහොත් රාගය සිඳුනී...
ඇරයුම් කරනු බෑ මට රති කෙලියකට...
සම්මත ලොවෙහි එය නුසුදුසු වී පවට...
දෑසින් මගේ ඉඟි කල පෙම් වදනකට...
තේරුම් ගියොත් රති කෙළියට එව රෑට...