විඩා ඇතිවන සෑම දිනකම
සොයා සැනසුම එන්නෙ නුඹ වෙත
නිවා මනදොළ පවස හනිකට
රැදෙනු නුඹ ලඟ කල්පයක් වුව
පරණ පෙම්පත් මතක් කරමින
නුඹේ හැඩයම ඇගේ රුව තුළ
සෝ තැවුල් මගෙ ඉවත දමමින
කලේ ඇරයුම තබා රිද්මෙක
මගේ ආශා දහස් පොදි බැඳ
කියා ගන්නට නොමැත දහිරිය
නුඹේ රසයෙන් මත් වු හැම කල
මෙමා යන්නේ සොයා විශ්වය
නුඹට ඇත්තේ පිරිමි හද තුළ
දෙවි කෙනෙක්ටත් නොදෙන ඒ තැන
නුඹේ දසුනම සොයන උන් සැම
පහන් වනතුරු රැඳේ තුරුලෙම
දමා නොයනා ඇයයි ඒ සඳ
පෙම්වතිය නුඹ රැදෙන මා ළඟ
කිමද නුඹ හට නොමැත පන නල
මධු විතය නුඹ ගෙනෙන සැනසුම
සිතේ කැළඹිලි දැනෙන මොහොතෙම
නුඹේ බිඳුවක පහස මුව තුළ
රැගෙන තවදුර සිහින ලෝකෙක
අතරමං කර යන්න සොඳුරිය
2026 DinuCreations —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk