හදේ ගිමන් නිවාලන්න
මඳ නලක් ලෙසින්
ඉරිමාවට අත වනන්න
ඔබේ හසරළින්
එබී හදට රැඳී ඉන්න
වසන්තය ලෙසින්
මගේ සිතට නොසැලි ඉන්න
ඉඳු කිලක් ලෙදින්.......................
අඳුරු රැයට එළිය දෙන්න
සරා සඳ ලෙසින්
පැතුම් කුසුම් පෙති දොවන්න
සිහිල් සඳ දියෙන්
සිනා මලක් නෙලා ගන්න
ඈත අතු අගින්
මගේ සිතට දිරිය දෙන්න
ඔබේ සෙනෙහසින් ......................
වළා රොද අගින් නැඟෙන්න
ප්‍රභාතය ලෙසින්
මියැදි ලොවට පණ පොවන්න
සොඳුරු උණුසුමින්
පියෙන් පිය තබා යන්නට
කටු අකුල් මතින්
මගේ සිතට දිරිය දෙන්න
ඔබේ සෙනෙහසින් ........................
2026 Laksilu —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk