2 කොටස

පරිච්ඡේදය 2 | jessi 2 වාර කියවා ඇත 0 අදහස්

පසුවදා උදෑසන අවදි වූ සෙනුරි කොලෙජ් යන්න ලෑස්ති වුනේ හරිම ආසාවෙන් ඒ එයාට තේජාන්ව දකින්න ට්ජියෙන ආසාව නිසා ඇය උදෙන්ම කෑම මේසය ලගට ගොස් පාන් කෑල්ල්කට ජෑම් ටිකක් ගාගෙන කෑල්ලක් කාලා ටී එක බීලා යන්න ලෑසත් වෙද්දී අම්මා කුස්සියෙ ඉදන් බැන බැන එනවා ඇසුනා අනේ ලමයෝ බඩ පිරෙන්න කෑම කලා යන්නකෝ මොකක්ද අනේ මේ කන විදිහ අනික ඔහොම කෑවාම බඩ පිරෙනවද


අම්මා කී දේවල් කිසිම විටක් කනකට් නොගෙන ගිහින් එන්නම් අම්මේ තාත්තේ මං යනවා කියා පත්තර දෙස් බලා සිටි තාත්තාටත් කියාගෙන පිටත් වෙන්න එලියට බැස්සා ඇයගේ කොලෙජ් එකට පයින් යන දුරක් තියෙන නිසා ඇයට එය පහසු විය අනූද ඇයගේ ගෙවල් ලගම නිසා ඇයට තනියක් දැනුනේ නෑ ඇය කොලෙජ් එකට ගියේ අනූ සමගමයි 


අදත් සුපුරුදු විදිහට තේජාන් එනකන් මග බලාගෙන හිටියේ තේජාන්ට ගුඩ්මෝර්නින් කියන්න ඇය දුර සිටම තේජාන් එනවා දැක ලං වෙද්දිම ගුඩ්මෝර්නින් කියා සුභ පැතුවාට තේජාන් ඇයව ගනන් නොගෙන ගියා එය සෙනුරිට වේදනාවක් දැනුනත් ඇය ඒක අමතක කර ඇයත් පන්තියටයන්න සැරසෙද්දි කවුරු හරි කෙනෙක් පිටි පස්සේන් ඇවිත් තට්ටුකර ගුඩ්මෝර්නින් සෙනූ කියා කීවා සෙනූ හැරි ඒ දෙස බැලුවේ කවුද කියා ආ.... සහාස් ගුඩ්මෝර්නින් කියා ඇයද කීවේ සීනාසෙමින් 

හෙට මැච් එකට එනවා නේද බලන්න 

අනිවාර්යයෙන් මං එනවා මැච් බලන්න කියා කීවේ තේජාන්ටත් ඇසෙන්නයි එය තේජාන්ට ඇසුනත් එය ඇසුනේ නෑ වගේ ඔවුහු ක්ලාස් එකටයන්න විය. 

සුපුරුදු පරිදි ක්ලාස් එක පටන් ගත්තා සේනූ නිතරම තේජාන් දෙස බලාගෙන සිටි නිසා අද තේජාන්ගේ වෙනසක් පෙනෙන්න විය ඇය ක්ෂණික තේරුනා ඔහුට තද බල ලෙස උණ හැදී ඇති බව දිවා ආහාරය සදහා ඉන්ටවල් එකක් දුන්නා සියලුම දෙනා කැන්ටින් එකට ගියා සේනූත් යන්න සැරසෙද්දි තේජාන් පන්තියේ ඩෙස්ක් එකේ ඔලුව තියාන් ඉන්න විය එය දුටුවා අනූ ඔයා යන්න කන්න මං එනකන් ඉන්න එපා මං තෙජාන්ව බලන්නම් මොකද කියලා කියා අනූව සේනූ කැන්ටිමට යවවා සේනූ බයෙන් තේජාන් ලගට ගොස් තේජාන් ඔයාට සනීප නැද්ද කියා තේජාන්ගේ නලලට අත තියා බැලුවා එවිට තද රස්නයක් ඇති බව සෙනූ තහවුරු කරගෙන සේනූ එයාගේ බෑග් එකෙන් පැනඩොල් පෙති වගයකුයි තබ බෙහෙත් වගයකුයි අරගෙන තේජාන්ගේ අතට දී මේක් බින්න නැත්තම් අමාරුවෙයි කියා කිවා තේජාන්ගේ තිබුන අඩම්බර කම එක්ක ඔහු එය මුලුදී ප්‍රතික්ෂේප කලත් පසුව සේනූගේ පෙරැත්තය නිසාම බොන්න විය පසුව සේනූ තේජාන් ව සික් රෑම් එකට ගෙන ගොස් එහි මිස්ට විස්තරය කියා ඔහුව ඇදක නිදි කරවා ඇය නැවත් පන්තියට එන්න විය ඇයට දිවා ආහරය මිස් වෙන්න විය

ඇයට මහට්බ් බඩගින්නක් දැනුන්ත් එය දරාගෙන සිටියා ක්ලාස් එක ඉවර වෙලා අනූත් සේනුත් සික් රූම් එකට ගියේ තේජාන්ගේ සුව දුක් විමසිමටයි ඔවුන් දෙදෙනා සික් රූම් එක දොර කඩ ලගට යද්දී ඔහුගේ යලුවෝ සේරම ඔහු වටා සිටියා සේනූ බියෙන් ඔවුන් අසලට යද්දී සියලුම දෙනා නිශ්ශබ්ද විය 


තේජාන් ඔයාට කොහොමද කියාලා බලන්න ආවේ කියා සෙනූ කීවා


නමුත් තෙජාන් ගනන් නොගෙන මං මැරුනේ නෑ මං හොදින් ඉන්නවා 

ආ... අනික තැන්ක්‍යු මට බහෙත් දීලා මාව සික් රෑම් එකට ගෙනාවට ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා තැනක්‍යු කිවුවනේ අනික ආයේ මට උදවු නොකලාට කමක් නෑ මං තමුන්ට කොහොමත් කැමති නෑ අනික මට තමුන්ව කොහොමත් පේන්න බෑ ඒ නිසා ආයේ මගේ පස්සේන් එන්න එපා කියා තේජාන් කිසිම හිතක් පපුවක් නැතිව කියවගෙන කියවගෙන යන්න විය මේ සියල්ල ආසා සිටි අනූට හොදටම තරහා ගිහින් 

ඔච්චරම ගනන් උස්සන්න එපා තේජාන් අද මෙයාගේ කෑම එකත් මිස් කරගෙන ඔයා වෙනුවෙන් එයා මොන තරම් දෙයක් කලාද ඔයා ඒක ස්තුති වන්ත වෙන්නයි ඕන අනික ඔයා ඔහොම කියන්න සෙනුගේ වැරැද්ද මොකක්ද මූණ ලස්සන වුනාට මනුස්සකමක් නැති එකෙක් කියා මෙන්න මෙහෙ එන්න සෙනු කියා අනූ එයාව ඇදන යන්න ගියා... අනු සෙනු දිහා මං උඔට කිවුවා එච්චරම නොන්ඩි වෙන්න එපා කියලා අනික අවුරුදු කීයක් ඔයා එයාගේ පස්සෙන් යන්නද මොහොම ආදරේ හිගා කාගෙන යන්න ඕනද 


සෙනු කිසිවක් නොකියා අනූ මට පොඩ්ඩක් තනියම් ඉන්න දෙන්න පුලුවන්ද කියා අනූගෙන් ඇසීය අනූද කිසිවක් නොකියා හරි ගෙදර ගිහින් මට කෝල් එකක් දෙන්න කියා ඇයව තනිකර අනූ යන්න වියා අනූටද තේරුනා ඇයට තනියම ඉන්න දුන්නෝත් හොදයි ලෙස


සේනූගේ හිත හොදටම රිදිලා තියෙන්නේ ඇය කොලෙජ් එකේ බංකුවක් මත වාඩි වෙලා බොහො වෙලාවක් අඩන්න විය. තේජාන්ට මං මෙච්චර ආදරේ කරලා මට මෙහෙම සලකන්නේ ඇයි මං අවංකව ආදරේ කරන නිසාද කියා ඇය සෑහෙන්න වේලාවක් අඩන්න විය එවිට ටික වෙලාවකින් කෑමක් හා බීම එකක් ඇය දෙසට දික් කරන් ඇයගේ ඉදිරියේ ඉන්න සහාස්ව දැක් ඇය කදුලු පිහදා ගත්තා සහස් කිසිවක් නොකියා බඩගින්නේ ඉන්න එපා කලා අඩන්න ලන්ච් එකත් මිස් වුනානේ 


සෙනූ ඇස්වල කදුලු පිසමින් ඔයා කොහොමද දන්නේ මං ලන්චෙක මිස් කලා කියා 


සහාස් ආ... මං දැක්කා අනූ විතරක් අනික් අය එක්ක කෑම කනවා මං ක්ලාස් එකට ආවාම මං ඔයා තේජාන්ට උණ හැදිලා සික් රෑම් එකට අරන් යනවා දැක්කා 


හ්ම්ම්ම් ඔයාට අඩන්න ඕන තරමක් අඩන්න මං මෙතන ඉන්නවා කියලා ලැජ්ජා වෙන්න එපා දුක යන්නම අඩන්න කියා කීවා ඒ එක්කම නැවත් වාරයක් ඇය ඉකි ගසා අඩන්න විය ඇයගේ දුක තුනී වෙනකන් අඩන්න විය ඇයට දුක මෙනම් ලැජ්ජාවද දැනෙන්න විය සහාස්ද ඇයගේ කදුලු පිසදා දැන් ඇති ඇඩුවා දැන් හිනා වෙන්න ඕන කාලයක් තියෙන්නේ තමන්ට ආදරේට නැති අය නිසා කදුලු වක්කරන එක අපරාදේ ඒනිසා දැන් ඇති ඇඩුවා කියා සහාස් ඇයව බදගෙන සනසන්න විය එම අනපේක්ෂිත බද ගැනීම නිසා තරමක් අපහසුවක් දැනුනද පසුව සේනූට එය සැනසීමක් ගෙන දෙන්න විය සහස් නැවත ඇයගේ කදුලු පිසදා අපි යමු කියා ඇයව එක්ක යන්න විය. සේනූට එය මහත් සැනසීමක් ඇති විය ඇත්තටම සහාස් පුදුම කෙනෙක් තමයි කියා ඇය හිතින් හිතගෙන කදුලු පිසද බෑග් එකත් ගෙන සහාස් එක්ක යන්න විය 


තේජාන් සික්රූම් එකෙන් එලියටඇවිත් ඔහුත් ගෙදර යන්න එලියට බහිද්දී මෙම සිදුවීම ඔහු බලා සිටියා ඔහු දුටුවේ සහාස් සේනූගේ කදුලු පිසදා ඇයව එක්කන් යන්න සැරසෙන එක ඔහු නිහඩව ඒ දෙස බලා සිටියේ ටිකක් ඉරිසියාවෙන් පසුව තේජාන්ගේ යලුවෙක් මොකො උබට ඉරිසියාද කියා ඇසුවා 


පිස්සුද බං මං මොකට ඉරිසියා වෙන්නද අනික මං කොහොමත් ඒ කෙල්ලට කැමති නෑ එයා මගේ ටයිප් නෙවෙයි තෙජාන් අඩම්බර කමින් පැවසුවා


ඒ වුනාට අද උඔ ඒ කෙල්ලට සලකපු විදිහ වැරදි බං ඒ කෙල්ල එච්චර දෙයක් කරලා උඔ අර වගේ කතාවක් කිවුව එක වැරදී මොන වුනත් ඒ කෙල්ල උඔට ඇත්තටම කැමති උඔ කවදා හරි පසු තැවෙයි බං 


ආ.... දැන් ඇති ඒ කෙල්ල ගැන කියපු එවා ඒවගේ කෙල්ලෙක් මට කොහොමත් ඕන නෑ මං ඉස්සෙල්ලාත් කිවුවනේ ඒ කෙල්ල කොහොමත් සෙට් නෑ කියලා දැන් ඇති මේ කතාව දැන් ගෙදර යමු...



ඉතින් යාලුවනේ මගේ අලුත් කතාව සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!