3 කොටස

පරිච්ඡේදය 3 | jessi 2 වාර කියවා ඇත 0 අදහස්

වෙනදා වගේම සෙනුරි උදෙන්ම නැගිට්ටෙ වෙනදා මෙන් උද්‍යෝග යෙන් නෙවෙයි ඒ උදෙන්ම නැගිට ටිකක් වෙලා කල්පනා කලේ 

හ්ම්... මං ඇත්තටම තේජාන්ට ආදරේ කරද්දී එයා මාව ප්‍රතික්ෂේප කරනවා ඒ ඒයා මං ගැන දන්නේ නැති නිසා නැත්තම් සමහරවිට එයාට මං ගැන හැගීමක් තියෙනවද දන්නේ නෑ

අද මං එක්කෝ එයාගේ මැච් එක ඉවර වෙලා මං එයාගේන් අහවා මට කැමතිද කියලා 

එසේ සිතා ඇය ඇදෙන් පැන ඉක්මනට ලෑස්ති වෙන්න ගියා ඇය 

ඇය උදෑසන කඩේකට ගොස් බීම එකක් හා කෑම වගයක් ගත්තේ තේජාන්ට දෙන්න කියා හිතාගෙනයි


ඇය අනූවත් මග හැරියේ උදෙන්ම තේජාන්ව මුන ගැහෙන්න ඕන නිසා 


උදෑසන වෙනදා වගේම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම තේජාන් ගේට්ටුවෙන් එනවා දුටු ඇය තේජාන් ලගට ගොස් ගුඩ්මෝර්නින් තේජාන් කියා කීවද තේජාන් ගනන් ගත්තේ නැ සෙනුරිව පසු කරගෙන ගිය තේජාන් ලගට නැවත් ගොස් තේජාන් මට ඔයා එක්ක කතා කරන්න ඕන තේජාන් රවමින් මොනවද කතා කරන්න තියෙන්නෙ කියා ඇසුවා 


කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න මේකයි තේජාන් මං ඔයාට කැමති අනික අනික් ගෑනු ළමයි වගේ ඔයාට ක්‍රශ් එකක් නෙවෙයි තියෙන්නේ මං අවංකවයි ආදරේ කරන්නේ කියා සෙනුරි ගොත් ගසමින් තේජාන්ට ඇයගේ හිතේ තිබුන හැගීම කියා තේජාන්ට ගෙනව කෑම සහ බීමද ඔඅහුට දික් කරන්න විය


එවිට තේජාන් මහ හයියෙන් හිනා වෙමින් මං කවදවත් ඔයා වගෙ කෙනෙක්ට ආදරෙ නම් කරන්නේ නෑ ඔයා කොහොමත් මට සෙට් වෙන්නේ නෑ අනික මං ඔයාට පොඩ්ඩක් වත් කැමති නෑ මට ඔයාව දකින්නවත් කැමති නෑ ඉතින් කොහොමද මං ඔයාට ආදරේ කරන්නේ මහ හයියෙන් කෑ ගසමින් තේජාන් සෙනුරිට ලැජ්ජාවෙන විදිහට කෑගහන්න විය සියලුම දෙනා නැවතී අසරණ වුන සෙනුරි දිහා බලාකමින් එකිනෙකාට දෙවල් කියන්න විය එවිට සෙනුරි තේජාන් කට්ටිය ඉන්නවා අපි පැත්තකට ගිහින් කතා කරමු කියා කීවේ වටපිට බලමින් ලැජ්ජාවෙන් ඒ වන විට සෑහෙන පිරිසක් ඔවුන්ව වට කරගෙන මේ සිද්දිය දෙස බලමින් සිටියා

සෙනුරි දුන්න කෑම බීම ඔක්කෝම එතන අසල තිබුන කුනු බක්කියට දමා තේජාන් ඔයාට කොහොමත් ලැජ්ජාවක් නෑනේ අනික කට්ටිය හිටියා කියලා මොකො මං ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ ඔය මූණ ආයේ දකින්නවත් කැමති නෑ කියා සෙනුට කෑ ගසා යන්න එතනින් යන්න විය.


සෙනුරි එතනම කදුලු පුරවගෙන ටිකක් වෙලා ගැස්සිලා වගේ බලන් හිටියේ ලැජ්ජාවෙන් මොකද මුලු කොලෙජ් එකම එතනට ඇවිත් හිටපු නිසා මේ ඔක්කොම මුලු කොලෙජ් එකම දැක්ක නිසා ඇය ඉක්මනින් එතනි දුවන්න විය ගෙට්ටුවෙන් එලියට ගොස් ඇයට බංකුවක් මත වාඩි වී ඇය අඩන්න විය ඇය සෑහෙන්න හිත් රිදි තිබුනා ඇය ඉකි ගසා මහ හයියෙන් ඇඩුවේ ඇයගේ හදවත් කෑලී වල කැඩි ගොස් තිබු නිසා 


මේ කිසිවක් නොදන්න අනූ කොලෙජ් එකට ගියේ සෙනුරි පංතියේද කියා බලන්න එවිට ඇය පංති කාමරයට ඇතුල් වෙද්දීම කට්ටියම සෙනුරිට වුන විස්තරය කතා කරනවා ඇසුනා ඇය පංතිය ඇතුලට ගියාම ආකරශා අනු ලගට ඇවිත් අනූ සෙනුට වුනදේ දන්නවද අද සෙනු ගොඩක් පවු කියා කීවා අනූ කලබල වී ඇයි ස්ව්නුට මොකද වුනේ අද එයා මාත් එක්ක ආවේත් නෑ කෝ එයා ඇයි එයාට කරදරයක් ද කියා අනූ කලබල වී අකර්ශගෙන් අහන්න විය ආකර්ශාද සෙනුට වුන හැම විස්‍තරයක්ම කීවා අනූ ගොඩක් පුදුම වී කෝ දැන් එයා දන්නේ නෑ අනූ එයා ගෙට්ටුවෙන් එලියට දිවුවා කීවා විතරයි අනුද නැවත බෑග් එක අරගෙන දුවන්න විය එවිට මේ කිසිවක් දන්නේ නැතී සහාස් අනූව නවත්තගෙන කෝ යලුවා කියා ඇසුවා එයාට පොඩි කරදරයක් කියා ඇය නැවත් දුවන්න් විය 

එවිට සහාස්ගේ යාලුවා ඔහු ලගට ඇවිත් සෙනුරිට වුන හැමදේම පැවසුවා සහාස්ට අදික් ලෙස තේජාන් ගැන කෝපයක් ඇති වෙන්න විය 


අනූ දුව ගොස් ඇයව හැමතැනම සොයන්න වියා ඇය ගත්ත එක කෝල් එකක්වත් ඇය අන්ස්වර් කරේ නෑ පසු ඇය පාර්ක් එකේ බංකුවක් මත වාඩි වී ඉකිගසා අඩන සෙනුව දුටුවා ඇය ඒ අසලට ගොස් මෝඩි මං හොදටම බය වුනා 

කියා අනූ සෙනූව බදාගත්තා සෙනූ අනූව බදාගෙන හොදටම අඩන්න වුනා 


සෙනූ ඉකි ගසමින් අනූ.... මං....මං.. ඇ....ඇත්තටම එයාට ආදරේ කලේ ම...මගේ...ආ...ආදරේ ඇත්ත කියලා කියන්නයි මං එයාට මගේ හිතේ කැමැත්තක් තියෙනවා කිවුවේ මට එයා අකමැති නම් එ..එ.යා ඒක හොදින් කියන්නයි තිබ්බේ හැමෝම ඉස්සරහා මා..මාව ලැජ්ජා නොකර දැන් මං කොලෙජ් එකෙ අනික් අයට මං කොහොමද මූණ දෙන්නේ 


අනික මට ගොඩක්ම දුක එයා කියනවා එයාට මාව පේන්න බැරිලු මං එයාට අවංකව ආදරේ කරපු නිසාද මාව කොච්චර ලැජ්ජා කලාද මං ඒ හැමදේම ඉවසුවේ කවදා හරි මගේ ඇත්තම ආදරේ හදුනා ගනී කියලා අනූ......එසේ කියා ඇය නැවත් ඉකි ගසා අඩන්න විය අනූ මේ වෙලාවෙදී ඇයට කිසිම දෙයක් කිවුවේ නෑ ඇයට අඩන්නම ඉඩ ඇරියා


සෙනුරිගේ සිද්ධිය ආරංච් වුන සහාස්ද කොලෙජ් එකෙන් පිටතට ඇවිත් සෙනුරිව හැමතැනම හෙව්වේ ඇයව සනසන්නයි එවිට ඔහුද පාර්ක් බංකුවක වාඩිවී එකේ අනූව බදාගෙන ඉකි ගසා අඩන සෙනුරි ව දුර තියා දැක් ඔහු එතනම නවතින්නට විය ඔහු ඉදිරියට යන්න ගියත් ඔහු සෙනුරි දෙස බලාගෙන ටික වෙලාවක් ඉන්න විය එසෙ සිට ඔහුද ආපසු හැරි ආවේ සෙනුරි ඔහුව දැක්කොත් ඇය අපහසුතාවයට පත් වෙයි කියා බිය වුන නිසා 


ඉතින් අපි කතාවේ ඉස්සරහාට බලමු මොනවා වෙයිද කියලා 

ඒ නිසා සෙනුරි එක්ක රැදිලා ඉන්න 

ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!