මම

පරිච්ඡේදය 1 | DinuCreations 5 වාර කියවා ඇත 0 අදහස්

මගේ නම ධනුක දිසානායක.... මමත් මධ්‍යම පන්තික පවුලක ලස්සනට ජීවිතේ ගෙවපු කොල්ලෙක්. ඒත් ඒ එදා වෙනකම් විතරයි. අපේ ගෙදර තිබුණේ අක්කර 25 ක ලොකු වත්තක් මැදින් එක පැත්තකින් ලොකු කන්දකුත් අනිත් පැත්තෙන් ලස්සන රබර් කැලේකුත් එක්ක. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි තාත්තයි. අපේ අම්මා රැකියාවක් කරේ නෑ. එතකොට තාත්තා IP දිසානායක, පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති,තාත්තා කාර්යබහුල වුනත් පුළුවන් හැම වෙලාවෙම අම්මයි මායි එක්ක කාලේ ගත කරා..


 එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති මම උදේ ඉස්කෝලෙ යන ලෑස්ති වෙලා හිටියේ. තාත්තා කිව්වා අද එයත් එක්කම ඉස්කෝලෙට යන්න පුළුවන් ගිහින් දාන්නම් කියලා මාත් සතුටින් හිටියේ.. මොකද එදා මගේ උපන්දිනේ. මං දැනගෙන හිටියා අනිවාර්යෙන්ම හවස මට පාටියක් දෙයි කියලා. මම තාත්තා එනකං කාර් එකට වෙලා හිටියේ එකපාරටම මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ දැනුනා.


වාහනයේ කණ්ණාඩියෙන් මම දැක්කා මූණ වහ ගත්තු කෙනෙක් මගේ ඔලුවට පිස්තෝලයක් දික් කරන් ඉන්නවා. එතකොට තාත්තයි අම්මයි මිදුලට ආවා. අර මගේ ඔලුවට විස්තරේ දික් කරන් ඉන්න මිනිහා මට වාහනෙන් බහින්න කිව්වා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි තර්ජනය කරපු ඔහු තුන්දෙනාම අපේ පරණ ගබඩා කාමරේ ඇතුලට එක්කගෙන ගියා ඊට පස්සේ අපි තුන්දෙනාටම බිම දැනගහන්න කිව්වා. තාත්තා අම්මටයි මටයි මොකුත් කරන්න එපා කියලා ඒ මිනිහගෙන් ඉල්ලුවා. ඕ අයි සී උඹට අපේ වැඩ වලට ඇඟිලි ගහන්න නැතුව ඉන්නයි තිබුණේ කියලා හයියෙන් හිනා උන ඔහු තාත්තගේ ඔලුවට වෙඩි තියලා එතනින් පැනලා ගියා..


එදා ඒ මිනිහා මගෙනුයි අම්මගෙනුයි අපේ හැමදේම උදුර ගත්තා.. තාත්තාගේ මල ගෙදර ගත්තේ පොලිසියේ ගෞරව මැද.. තාත්තාගේ දෙවෙනියා ඒ කියන්නේ පොලිසියේ අපරාධ අංශයේ උප ස්ථානාධිපති ජය වික්‍රම මාමා ඇවිත් එයා ඕන දේකට ඉන්නවා කියලා කිව්වා මාත් එක්ක.. ඒත් මට මතකයි තාත්තා ඉස්සර කියනවා මේ මිනිහා පාතාලෙත් එක්ක යටින් සම්බන්ධයි කියලා...


කාලය ඔහොම ගෙවිලා ගියා මළ ගෙදරින් පස්සෙ අපේ ආච්චි තනියට අපේ ගෙදර නැවතුනා. මං පුරුදු පරිදි මගේ වැට් එක කරන් ගියා සාමාන්‍ය පෙළ විභාගෙත් අත ළඟට ඇවිදින්. හිත හදාගෙන කොහොම හරි පාඩම් කරනවා කියලා හිතුවට තාත්තා මතක් වෙද්දි කොහොම පාඩම් කරන්නද.. එයා අපිව දාලා ගිහින් දැන් අවුරුද්දකට ළඟයි.. මගේ උපන්දිනේ හෙට ඒත් මට කිසිම සතුටක් නෑ.. අම්මා මට නොපෙන්නුවාට මං දන්නවා තාත්තා මතක් කර කර හොරෙන් හොරෙන් අඬනවා කියලා.

2026 DinuCreations — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!