නොහිතූ අවසානයක්

පරිච්ඡේදය 10 | DinuCreations 6 වාර කියවා ඇත 0 අදහස්

ජයවික්‍රම මහතාට සිදුවුනේ කුමක්දැයි තවමත් සිතාගැනීමට නොහැකි විය.. ඔහු ඉදිරියේ දිසානායක මහතාගේ එකම පුත්‍රයාගේ දේහය නිසලව වැතිරී ඇත.. ජයවික්‍රම මහතා අපහසුවෙන් නැගිට දිසානායක මහතාගේ නිවස වෙත පියමැන්නේය..


කාමර එකින් එක පරීක්ෂා කරන විට එක් කාමරයක තිබූ දෙයකින් ඔහු සලිත වී ගියේය..

කාන්තාවකගේ ඇඳුම් අන්දවා ඇති ඇටසැකිල්ලක්... ඔහුට එක්වරම සිතුනේ දිසානායක මහත්මිය විය හැකි බවයි..


දිසානායක මහතාගේ පුත්‍රයාගේ යැයි සිතිය හැකි කාමරය පරීක්ෂා කිරීමේදී දුරකථනයක් හමුවිය ඔහු එය ගෙන පරික්ෂා කළේය.. එක්වරම දුටු දෙයින් ඔහු විස්මයටත් භීතියටත් පත් විය..


එහි තිබුනේ දිසානායක මහතාගේ පුත්‍රයා විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයි..

එහි විවිධ මිනීමැරුම් ඔහු විසින් සිදුකළ ඇති ආකාරය අඩංගු විය.. එසේම මෙතෙක් සෙව් මන්ත්‍රීවරයාගේ දියණියද ඒ අතර විය..


ඔහු පොලිස් ස්ථානයට ඇමතුමක් ගෙන තම නිලධාරීන්ට වහාම එන ලෙස පැවසුවේය


..පසු සටහන..


අපරාධ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ධනුක දිසානායක නම් මෙම පුද්ගලයා තම පියාගේ මරණින් පසු ද්විත්ව පෞරුෂ ආබාධයකට (විඝටන අනන්‍යතා ආබාධය) ලක්ව සිදුකරන ලද මිනීමැරුම් දාමයක් පිළිබඳවයි


(දැනගැනීම පිණිස...

 විඝටන අනන්‍යතා ආබාධය (Dissociative Identity Disorder - DID) යනු පුද්ගලයෙකු තුළ එකිනෙකට වෙනස් පෞරුෂයන් දෙකක් හෝ කිහිපයක් (Alters) පවතින දුර්ලභ මානසික තත්ත්වයකි. මෙය බොහෝ විට දරුණු ළමා වියේ කම්පන (Trauma) නිසා හටගනී. එමගින් මතකය අහිමි වීම, අනන්‍යතාවය පිළිබඳ ගැටළු සහ නාට්‍යමය චිත්තවේගීය හැසිරීම් පෙන්නුම් කරන තත්වයකි..)


මේ නිසා ඔහු එකිනෙකට වෙනස් පුද්ගල ස්වරූප දෙකක් සිතින් මවාගෙන එකක අහිංසකයෙකු එනම් වින්දිතයකු ලෙසත් අනිත් චරිතයේ මිනීමරුවෙකු ලෙසත් හැසිරී ඔහුගේ මව, මිත්තණිය, පෙම්වතියන්,සුරතලා ආදී වශයෙන් ඝාතනයට ලක් කර ඇත..


අවසානයේ ඔහුගේ වින්දිත චරිතය, අපරාධකාරයාට එරෙහිව නැගී සිට ඔහු ඔහුටම වෙඩි තබා ගත්තේ ය..


මෙවැනි පුද්ගලයන් අප සමාජයේ විරලව දක්නට ලැබේ... මොවුන් නිසි අයුරින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ඔවුන්ට ද සමාජයට ද මෙවැනි ඛේදජනක සිදුවීම් සිදුවීම වළක්වා ගත හැකිය..


කතාවේ අවසානය තෙක් රැඳී සිටි ඔබ සැමට ස්තුතියි..


මෙයට 

....දිනූ....

2026 DinuCreations — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!