ඔහු නැවතත්..
පරිච්ඡේදය 2 | DinuCreations 4 වාර කියවා ඇත 0 අදහස්
අද මගේ උපන්දිනේ..
ඒ වගේම තාත්තා නැති උන දවස. අම්මා කිව්වා අද උදේම පන්සලට දාන උයන් ගිහිල්ලා තාත්තට පින් දෙමු කියලා.. තාත්තා නැති වුනාට පස්සේ තාත්තගෙ නෑදෑයෝ අපෙන් ඈත් වුණා.. අන්තිමට හැමදේකටම හිටියේ ආච්චියි, අම්මයි විතරයි.. අම්මා දානේ සූදානම් කරලා මට කිව්වා ලෑස්ති වෙන්න පන්සල් යන්න කියලා කියලා. මං ගියා ළිඳ ළඟට. මට දැනුනා මගේ පිටිපස්සේ කවුරුහරි ඉන්නවා වගේ
හෙල්ලෙන්නෙ නැතුව ඉඳපන් නැත්නම් තොගේ ඔලුව කුඩු කරනවා ඌ එහෙම කිව්වා. අර මිනීමරුවා ආපහු ඇවිත් හරියටම ආපහු මගේ උපන්දිනේ දවසෙම.. උඹට මොනවද තවත් අපෙන් ඕනා කියලා මං කෑ ගැහුවා. ඒ සද්දෙ ඇහිලා අම්මයි ආච්චියි දුවගෙන එළියට ආවා.
ඌ මාවයි ආච්චිවයි අම්මවයි අපේ ගබඩා කාමරේ අපේ තාත්තා මරපු තැනටම අරන් ගියා
තුන්දෙනාටම දන ගහන්න කියලා ආච්චි ගාවට ඇවිත් හයියෙන් හිනා වෙලා පිහියක් අරන් ආච්චිගේ බෙල්ල කැපුවා. මේ ගැන කාට හරි කිව්වොත් අම්මවත් මරනවා කියලා තර්ජනය කරා.. ඊට පස්සේ ඌ පැනලා දිව්වා. අනේ මගේ ආච්චියේ මොකද උනේ මං හයියෙන් කෑ ගැහුවා.. ඊට පස්සේ තමයි මං අම්මා දැක්කේ. අම්මට ඒක දැකලා සිහි නැති වෙලා
තාත්තා නැතිවෙලා හරියටම අවුරුද්දකින් ආච්චිත් අපිව දාලා ගියා. දැන් මායිඅම්මයි තනිවෙලා. ඒ සිදුවීමෙන් පස්සේ අම්මා එක වචනයක්වත් මාත් එක්ක කතා කරෙත් නෑ ගෙදරින් එළියට බැස්සෙත් නෑ..
කඩේ යන්න,උයන්න එතකොට බැංකුවට ගිහින් තාත්තගේ සල්ලි අරන් එන ඔක්කොම වැඩ ටික කරේ මං..අම්මා දවසම කාමරේට වෙලා ඔහේ බලාගෙන උන්නා.. මගේ අධ්‍යාපන ගමනත් මං එතනින්ම නැවැත්තුවා..