ඇය...
පරිච්ඡේදය 3 | DinuCreations 5 වාර කියවා ඇත 0 අදහස්
ආච්චි නැතිවෙලා දැන් මාසයක් විතර ගිහින් මට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්දා මම ටවුන් එකේ සුපර්මාකට් එකේ වැඩට යන්න ගත්තා
නෙතුකි.. ලස්සන නමක්.. ඔව් එයත් මගේ වයසෙමයි.
එයා පවුලෙ වැඩිමල් ගෑණු ළමයා.. අම්ම රටලු.. තාත්තා බීගෙන ඇවිල්ලා කරදර කරනවලු
ගෙදර ඉන්න බැරි හින්ද සුපර්මාකට් එකේ ජොබ් එකට ඇවිත්. මට එයාව මාර විදියට හිතට දැනෙනවා
එක දවසක් එයාට එයාගේ රාක්කයක් අස් කර ගන්න මං උදව් කරා..කාලයක් තිස්සේ එයත් එක්ක කතා කරන්න බලන් හිටපු අවස්ථාව මට උදාවුනා.. අපි ගොඩක් වෙලා කතා කරා. හිනා වුනා. වැඩ ඇරිලා යන්න කලින් එයාගේ නම්බර් එක මට දුන්නා කතා කරන්න කියලා.. මගේ ජීවිතයේ සතුටුම දවසක්..
ගෙදර ගියපු ගමන් ගත්තා මං එයාට කෝල් එකක්.. අපි ගොඩක් වෙලා කතා කරා. එයාගේ උපන්දිනේ අප්‍රේල් හතරලු.. මගෙනුත් උපන්දිනේ ඇහුවා.. හ්ම්..මං කිව්වා මාර්තු දා හත කියලා
ඇත්තටම මම උපන්දිනේ මතක් කරන්නවත් කැමති නෑ.
ඔහොම ඉතිං කාලය ගෙවිලා යනවා. එයයි මායි කතා කරන්න පටන් අරන් දැන් මාසයක් විතර ගිහිල්ලා ඇත්තටම කිව්වොත් අපි දැන් පෙම්වතුන්.. වෙලාවකට හිතෙනවා එයා තමා මටම ගැලපෙන කෙනා කියලා.. මං එයාට ගොඩක් ආදරෙයි.. නැන්නම් නිකන් මට ජීවත් වෙනවා වගේ දැනෙනවා.. මං ගෙදර ඇවිල්ලා අම්මටත් කිව්වා එයාගේ විස්තරේ.. මම හිටියට කතා කරේ නෑ. ඒ වුනාට එයාගේ අකමැත්තක් නැති බව මූනෙන් පෙනුනා
ආදරණීය මාස හයක් ඒ විදියට ගෙවිලා ගියා..
මගේ ජීවිතේ ලස්සනම දවස්.. එක දවසක් අපේ සුපර් මාර්කට් එකට අලුතින් සුපවයිසර් කෙනෙක් ආවා.. මුලින් නම් අවුලක් තිබ්බේ නෑ සතියක් දෙකක් යද්දි මට හේතුවක් නැතුව බනින්නයි එක එක ඒවා කියන්නයි පටන් ගත්තා.
කාලය ඉතින් ඒ විදියට ගෙවිලා යද්දී එක දවසක් මගේ හැමදේම කඩාගෙන වැටුණා මං එයාව බලන්න යද්දි එයා සුපර්වයිසර් එක්ක අතින් අල්ලන් කතා කර කර ඉන්නවා මම දැක්කා. මං ඇහුවා මොකද්ද ඔයා කරන්නේ ඇයි මාව රවට්ටන්නෙ කියලා. එයා කිව්වේ නෑ නේ නිකං අතින් ඇල්ලුවේ එහෙම දෙයක් නෑ. ඒ වුණාට මං ඒවා විස්වාස කරේ නෑ.. එයා ඉතින් අඬලා සමාව ඉල්ලුවා. ආයෙ එහෙම කරන්නේ නෑ කිව්වා. පස්සේ මම මේක අමතක කරලා දැම්මා. ඒ උනාට මගේ හිතේ කලින් වගේ එයාට ආදරයක් ඇතිවුනේ නෑ..