වියැකුනු පෙම්වති..
පරිච්ඡේදය 4 | DinuCreations 5 වාර කියවා ඇත 0 අදහස්
මගේ උපන්දිනය දවසත් ආවා.. මට එයත් එක්කම කාලෙ ගත කරපු හින්දා කලින් දේවල් අමතක වෙලා තිබුණේ.. එදා උදේ මං නැගිටලා එළියට එද්දි මෙන්න මෙයා කේක් එකකුත් අරන් ඇවිත් මාව සප්‍රයිස් කරන්න කියලා..
එයා අපේ ගෙදරයි වත්තයි දැකලා අහනවා කොහෙද ඉන්නේ හොල්මන් ගුහාවකද කියලා. අද දවසම මාත් එක්ක ඉඳලා ඇවිදල කතා කරලා යන්නලු ආවේ.. මුලින්ම කේක් එක කපලා ඉන්න කියලා එයාගේ ලෑස්තිය මං කිව්වා හරි එහෙනම් කපමු කියලා මං ඇතුලට ගියා අම්මාටත් කතා කරන්න
අම්මටත් කතා කරලා මම එලියට ඇවිල්ල බලද්දි කේක් එක බිම වැටිලා,එයා නෑ.. මං දැක්කා ගබඩා කාමරේ පැත්තෙන් කවුරුහරි යනවා වගේ පැත්තට දුවලා ගියා.. මං දොරින් ඇතුල් වෙද්දිම කවුරු හරි කෙනෙක් මගේ බෙල්ලට පිහියක් තියලා ඉස්සරහට යමං කිව්වා
ඇතුල දකිද්දි මට මාර බයක් දැනුනා එක පැත්තකින් අම්මා සිහිය නැතුව බිම වැටිලා. එයා අනිත් පැත්තෙන් බිම වැටිලා ඉන්නවා.. අර මිනිහ මාව අත ඇරලා එයා ගාවට ගිහින් බෙල්ලට පිහිය තියාගෙන හිනාවෙවී ඉන්නවා.. ඔන්න බලපන් මේකිට වෙන දේ කියපු ඒ මිනිහා එකපාරට එයාගේ බෙල්ල කපලා දැම්මා.. මම වේදනාවෙන් කෑ ගැහුවා.. ඊට පස්සේ මගේ පැත්තට ම පිහිය දික් කරලා කිව්වා තෝ කාට හරි කියල තිබ්බොත් තොගේ අම්මව මරනවා දැනගනින් කියලා.. ඌ යන්න ගියා..
මං කොහොම දරාගන්නද එයා මගේ ඉස්සරහ මැරිලා ඉන්නවා.. මේ මිනිහ කවුද..මගේ උපදින්නේ දවස් ඇවිල්ලා මගෙන් පළිගන්නේ මම මොන වැරැද්දක් කරාටද මං ආදරේ කරන හැමදේම මගෙන් උදුර ගන්නවා මට ජීවිතයේ එපා වෙලා තියෙන්නේ..
මං අපේ වත්තේ වළක් කපලා එයා වල දැම්මා කාටවත් කියන්න ගියේ නෑ අම්මට මොනවා හරි කරයි කියලා තියෙන බයට.. ඔහොම දවස් දෙක තුනක් ගෙවිලා ඊට පස්සේ මං පුරුදු පරිදි වැඩට යන්න ගත්තා.. ගිහින් බලද්දි අර සුපර්වයිසර් කාරයත් අස්වෙලා.. හැමෝම කිව්වේ ඌත් එක්ක එයා පැනලා ගිහිල්ලා කියලා.. මාත් හිතේ වේදනාව දරාගෙන සද්ද නැතුව හිටියා