චූටි කුකු ..

පරිච්ඡේදය 5 | DinuCreations 5 වාර කියවා ඇත 0 අදහස්

කාලේ ඔහොම ගෙවිලා ගියා මං කොච්චර අමතක කරන්න හැදුවත් මට නිතරම මතක් වෙනවා එයාවම. දවසක් පාරේ යද්දි මං දැක්ක ලස්සන පොඩි බලු පැටියෙක්.. මං ඌව ගෙදර අරන් ආවා. මං ඌට නම දැම්මේ චූටි කුකූ කියලා දැන් ඉතින් හැම දෙයක්ම චූටි කුකූ තමා.


මං ඌත් එක්ක සෙල්ලම් කරා.. මට දුක හිතුන හැම වෙලේම ළඟට වෙලා ඉඳගෙන මගේ හිත හැදුවා.. අම්මත් ඌ දැකලා මුකුත් කිව්වේ නෑ. කොහොමත් දැන් එයා සෑහෙන කාලෙ ඉඳන් කතා කරන්නේ නෑනේ..


කාලය ඉතින් ඔහොම ගෙවිලා ගියා ටිකකුත් එක්ක ඉන්න හින්දා මට ටිකක් පාලු අඩුවෙන් දැනුනත් වෙලාවකට එයාව මතක් වෙනවා. 

මගේ උපන්දිනෙත් ටික ටික ලංවෙනවා. දැන් නම් මට පොඩි බයකුත් දැනෙනවා ආයෙත් මොකක් හරි වෙයිද කියලා. හැබැයි ඉතින් මේ සැරේ මං කාවත් ලං කර ගත්තේ නැති හින්දා බය නැතුව ඉන්නවා.. 


උපන්දිනේ දවසේ මට ඇහුන චූටි කුකු හයියෙන් බුරනවා මම සද්දේ ඇහුනු පැත්තට දුවගෙන ගියා. සද්දේ ආවේ ගබඩා කාමරය පැත්තෙන්..

ඒ පැත්තට යද්දි අර මිනිහ ආය ඇවිල්ලා.. චූටි ඌට කන්න පනිනවා.. මං බලද්දි අම්මත් බිම වැටිලා ඉන්නවා සිහිය නැතුව.. මේ මිනිහා එකපාරටම අතේ තිබ්බ පිහියෙන් චූටි කුකූගේ බෙල්ලට කෙටුවා. ඌ කෑ ගහගෙන බිම ඇද වැටුණා. ඒ මිනිහට ඊට පස්සේ එතනින් පැනලා ගියා..


ආයෙත් මං තනි උනා මගේ තනියට හිටපු බලු සුරතලත් මට නැති උනා. මේ මිනිහා මොන වදයක්ද මට දෙන්නෙ. දැන් නම් මැරෙන්නම හිතිලා තියෙන්නේ. මං වත්තේ වලක් කපලා එයා ගාවම ඌව වල දැම්මා

2026 DinuCreations — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!