අවසන් පෙම්වතිය..

පරිච්ඡේදය 6 | DinuCreations 5 වාර කියවා ඇත 0 අදහස්

කාලෙ ඉතිං ඔහොම ගෙවිලා යනවා..දැන් මං හුදකලා ජීවිතේකට හුරු වෙලා ඉන්නේ.. ඔහොම ඉතින් දවසක් බස් එකේ යද්දි ලස්සන කෙල්ලෙක් මට එහා පැත්තෙන් ඉඳගත්තා.. මාරම ලස්සන කෙල්ලෙක් දැක්ක වෙලේම හිත මොනවදෝ කියනවා කියල තේරුණා.. 

ඔහොම ටික දුරක් යද්දී එයා බහින තැන ලං වෙන්නැති නැගිටලා බස් එක ඉස්සරහට ගියා.. එයා බැහැලා එන දිහා මං බලාගෙන උන්නා. සීට් එක දිහා බලද්දි දැක්කේ එයාගේ පර්ස් එක දාලා ගිහිල්ලා.. මම ටක් ගාලා බස් එකෙන් බැහැලා එයා බැහැපු තැනට දුවගෙන ගියා. මේ ඔයාගේ පර්ස් එක දාලා ගිහින් මං එහෙම කෑගැහුවා.. එයා මට ස්තුති කරලා ඊට පස්සේ මං ආපහු බස් හෝල්ට් එකට ඇවිත් ඊළඟ බස් එකේ ගෙදර ආවා..


මෙන්න ඊළඟ දවසෙත් මෙයා ඇවිත්... මව දැකල ඈත තියාම හොඳ හිනාවක් දැම්මා.. මට එහා පැත්තෙ සීට් එක ඉස්සෙල්ලා එහෙම එයා ඇවිත් එකේ වාඩි වුණා.. thank you එදා කරපු උදව්වට එහෙම කිව්ව එයා ලොකු කතාවකට මුල පිරුවා.. අපි ගොඩක් වෙලා කතා කරා. කොච්චර කතා කරලාද කියනවනම් අන්තිමට එයා මට එයාගේ නම්බර් එකත් දීලා ගියේ..


ඔහොම පටන් ගත්ත ඒ කතාව ලොකු ආදරයකට පෙරලුනා. මටත් තේරුන විදියට එයා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක් ගෙදරත් එක්ක තරහ වෙලා තමා මෙහේ ඇවිල්ලා තනියම ඉන්නේ..

කොහොම හරි ඉතින් අපේ ආදරේට බාධාවක් නැතුව ලස්සනට කාලෙ ගලාගෙන ගියා.. එයාගේ ආදරේ කොච්චරද කියනවනම් උන හැමදේම මට අමතක වෙලා තිබ්බේ..


ඔන්න ඉතින් මගේ උපන්දිනේ දවස ආවා මම බයෙන් හිටපු දවස.. එදා උදේ නම් කිසිම අවුලක් නැතුව ගෙවුනා.. හවස මෙන්න මෙයා ඇවිත් කේක් එකකුත් අරන් ආයෙත් මාව සප්‍රයිස් කරන්න.. ඊට පස්සේ අපි දෙන්නා ඒක කපලා විනෝදෙන් හිටියා. මං ගේ ඇතුලට ගියා අම්මටත් කේක් කෑල්ලක් ගිහින් දෙන්න... මෙන්න එකපාරට කෑගහන සද්දයක් ඇහුනා.. මං කලබලයට දුවගෙන ගියා. බලද්දි මෙන්න මෙයා හිනාවෙවී ඉන්නවා.. බොරුවටලු කෑ ගැහුවේ හදිසියක් වුණොත් මම එනවද බලන්නලු.. එයා දන්නේ නෑනේ මට උන දේවල් දන්නවනම් ඔහොම කරන්න තියා හිතන්නෙවත් නෑ..


කොහොමින් කොහොමින් හරි හවස හතර විතර වුනා. මෙයා යන්න ලෑස්ති වුනා.. මූන සෝද ගන්න කියලා ළිඳ ළඟට එක්කන් ගියා. අයියෝ මට සබන් කෑල්ල අමතක වෙලානේ මං ගෙට දුවගෙන ගියා.. එකපාරටම හයියෙන් කෑගැහිල්ලක් ඇහුනා.. බලද්දි මෙයා ළිඳ ගාව නෑ.. මං හිතුවේ ආයෙත් විහිළුවක් කරනවා කියලා මං එයාට කතා කරා සද්දයක් නෑ.. පස්සේ ගබඩා කාමරය හරියෙන් කවුරු හරි කෙඳිරි ගාන සද්දයක් ඇහුනා. මං ගිහින් බලද්දි අර මිනිහා ගේ බෙල්ලට පිහිය තියන් ඉන්නවා. කලින් වගේ අම්මත් බිම සිහි නැතිව වැටිලා..

කලින් උන දේම ආයෙත් උනා. ඒ මිනිහා එයාව මරලා දැම්මා මට වේදනාව දරාගන්න බැරිව මං කෑ ගගා විලාප තිබ්බා. මට කේන්තිය දරාගන්න බැරි තැන වෙන දෙයක් වෙන්න කියලා මං පොලිසියට දිව්වා...

2026 DinuCreations — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!