SI ජය වික්‍රම..
පරිච්ඡේදය 7 | DinuCreations 6 වාර කියවා ඇත 0 අදහස්
අවුරුදු පනහක් පමණ වන SI ජයවික්‍රම, අවුරුදු පහකට පමණ පෙර IP දිසානායක මහතා යටතේ අපරාධ අංශයේ උප ස්ථානාධිපති ලෙස සේවය කළ දක්ෂ නිලධාරියෙකි. IP දිසානායක මහතාගේ කුරිරු ඝාතනයෙන් පසු දවසම ගත කළේ අපරාධකරු පසුපස හඹා යාමටය..මන්ද දිසානායක මහතා ඔහුගේ හොඳම මිතුරාද වන බැවිනි. කෙසේ හෝ මෙම ඝාතනයේ සුළ මුළ ඔහුට හොයාගන්නට හැකි විය.
එය එවකට ප්‍රබල දේශපාලඥයෙක්ගේ උවමනාවට නේවි ජගත් නම් පාතාල නායකයෙකු විසින් සිදු කරන ලද්දක් බවට ඔහුට අනාවරණය විය. මිතුරා වෙනුවෙන් පලිගත් ඔහු නේවි ජගත්ව ඔහුගේ නිවසේදීම මරා දැමීය. මෙයට උරණ වූ අදාල දේශපාලනඥයා ඔහුට යාපනයට දඬුවම් මාරුවක් ලබා දුන් බව ප්‍රසිද්ධ රහසකි..
ආණ්ඩුව මාරුවීමත් සමඟ නැවත තම සුපුරුදු පොලිස් ස්ථානය වෙත අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් උසස් වීමක් ලබා පැමිණීමට ජයවික්‍රම මහතාට හැකි විය. ඔහු පැමිණි අවධියේම ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්ගේ දියණියක් අතුරුදහන් බවට රාවයක් පැතිර ගියේය. මේ පරීක්ෂණ කටයුතු ද ජයවික්‍රම මහතාට බාර විය.
එක් දිනක් සුපුරුදු රාජකාරී කටයුතුවල නිරත වී සිටි ජයවික්‍රම මහතාට පොලිසිය තුළින් තරුණයකු කෑ ගසා විලාප දෙන හඬක් ඇසුනේය. ඔහු එය පිළිබඳ විපරම් කර බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහුගේ මිතුරා වන දිසානායක මහතාගේ එකම පුත්‍රයා බවයි....