තහනම් ගහේ ගෙඩි ගෙපැලේදී කන්න එපා
පද්‍ය වෙනත් (Other)

තහනම් ගහේ ගෙඩි ගෙපැලේදී කන්න එපා

R
rural_kawikaraya
71 0 0

අනාචාරයේ හැසිරුණු බිරිඳක්, දරුවා සමග තනිවූ ආදරණීය පියෙකුගේ දුක..

පෝරුව මතදී නුඹ දුන් ඒ පොරොන්දු...

නිරතුරු ගෙපැල වෙත සතුටම කැන්දු...

රැකගනු බැරිව අන් පහසක වී උනන්දු...

සූවිසි පැයේ නෙත් අග කඳුලැලි බින්දු...


හිරු නැග එද්දී ඉදෙනා බත් පතක රස...

අද නෑ ඉවුම් පිහුම් නුඹේ අත්ගුණේ රස... 

තහනම් ගහේ ගෙඩිවල නුඹ සෙව්ව රස... 

ඔබ දුන් ගින්න නැග එයි අහසකට උස... 


රෑ මැදියමේ නෙත් යුග දුරකථන තිරේ...

පෙම්බර වදන් ඔහු වෙත යන අතරතුරේ... 

ඔහු වෙත යවා නිරුවත් ලැම පෙම බේරේ...

කුලගෙය දුකකි මට අද නරකාදී නිරේ... 


පොඩි පුතු ඇරලවා සිප්හල වෙත හැමදාම...

පෙම් සුව සොයා ගොස් ලබනා අනියම් කාම...

හත් අට පැයේ ඔහු සමගින් යහනත මතම... 

ලද කම් සුවේ සම්මතක් පනවනු කොහොම... 


අම්මා කොහිද අසනවා මගේ පුංචි දරු... 

නලවා ගන්න ගොතනවා මම මාර බොරු...

මගේ සුදු පුතේ අම්මා උස්සලනේ හොරු...

බලපන් පුතේ දිලිසෙන අර අහසේ තරු...


ඇවිලුණු දිනේ ගින්නෙහි උපරිම රුදුරු... 

ඔබ කෙලසුවා මංගල යහනෙහි සොඳුරු...

හඬදෙන තුරා අපේ මංගල යහනේ කරු... 

ඔබ ඔහු සමග මගේ ගෙපැලේ වී අඳුරු...


#සිංහල කවි #රූරල් කවිකාරයා #සිව්පද කවි

2026 rural_kawikaraya — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!