ස්වේත නාරී

පරිච්ඡේදය 3 | Indu | 19 වාර කියවා ඇත 0 අදහස්

ස්වේත නාරී - තුන්වන කොටස 


"ආ..නැන්දේ අම්මා දැන් එයි. එන්න කුස්සියට"..


"ආ බං කෙල්ලේ. අම්මා වැඩ ඇරිලා එන්න පරක්කු වෙනවද..?


"ඔව් නැන්දේ..හැබැයි දැන් එන වෙලාවත් හරි. ඉන්න දැන් එයි"..


"මටත් අම්මලා යන පැක්ටේරියෙම වැඩට යන්න අහ ගන්න ඕන බං. හැමදාම මිනිහගෙන් කාලා ඉන්න කොට අගයක් නෑ බං"


"ඇයි නැන්දේ එහෙම කියන්නේ. සිරිපාල මාමා වැඩ නේද මේ දවස් ටිකේ.?


මම අහපු ප්‍රශ්නයට නම් සාරදා නැන්දගෙන් උත්තරයක් ලැබුණේ නෑ. ඒ වෙනුවට හුස්ම බර කර කදුළු පිරි මුහුණෙන් මං දිහා බැලුවා.


"ඒවා උඹට කියන්න පොඩි වැඩී කෙල්ලේ...


මමත් ඉන් එහාට කිසිම දෙයක් අහන්න ගියේ නෑ. නැන්දගේ හිතේ මොනයම් හෝ ප්‍රශ්නයක් තියෙන බව වටහා ගන්න බැරි තරම් මම පොඩි ළමයෙක් නෙවෙයි. 


"හරි නැන්දේ..දැන් අම්මා එයි. ආවම කතා කර ගන්න කැමති දෙයක්. ඉන්නකෝ මම කහට කෝප්පයක් හදනකම්"


අද වේලාසන ලණු තොගය ලොරියට භාර දී තිබු නිසා අම්මත් වේලාසන ගෙට ගොඩ වුයේ මේ මොහොතේදීමයි. 


"ආ..සාරදා නංගී.. කාලෙකින්.. මට වැඩ නිසා ඒ පැත්තට ගොඩ වෙන්නවත් බැරි වුණා බං"


පවසමින් අම්මත් කුස්සිය කෑල්ලේම බිම ඉඳ ගත්තා. මම දෙන්නටම කහට කොප්ප දෙකක් දී නිදහසේ සාරදා නැන්දට කතා කර ගන්න ඉඩ දී ඉස්තෝප්පුව පැත්තට ගියේ පොඩි උන් දෙන්නා තවමත් වැලි සෙල්ලම් කරන නිසාත්, හවස් වී ගෙන එන නිසා ඇඟ පත සෝදා ගන්නට යැයි මතක් කර දීමටත්ය.


"අනේ ඔව් බං අක්කේ. ඒකී බාලයි උඹලගේ කෙලීගේ වයසම වෙන්න ඇති"


"දැන් කවදද උඹ ඕක දැන ගත්තේ"


"මට අර එහා ගමේ සුමනරතනයා කිව්වේ. අපේ මිනිහා ලොරියේ වැඩ කියලා දවස් ගණන් එන්නේ නැති කොට මම දවසක් ඇහුවා ⁣උන්දෑ දැකලා කෝ කියලා. එතාකොට තමයි මම විස්තරය දැන ගත්තේ. අනික දැන් දැන් අපේ මිනිහා රෑට මා ගාවට එන්නෙත් කලාතුරකින්. වෙන එකක් තියා ආවත් උන්දෑ හති වැටෙනකම් ඉන්නෑ. නැග්ගා බැස්සා. මම දන්නෙත් නෑ. අනික උඹට කියන්න අක්කේ ඉස්සර ඕකා කඟවේනා වගේ. රෑට නිදහසක් නෑ මට. අරහෙට මෙහෙට කිය කිය මගේ ඇඟ උඩමයි. වැඩට යන දවස් වලත් පාන්දරටත් ඕනමයි. අනේ.. එහෙම මිනිහනි දැන් මම එක්ක හුරතල් වෙන් නැත්තේ"


"නංගී, සිරිපාලයගේ කලින් ගෑණි ගියාට පස්සේ පහු පහු වෙන්න ගමේ උන් එක එක කතා කිව්වා. ඕකා මහ රෑට ගෑණිව මරවනවා කියලා. ඒවගේ ඇත්ත නැත්ත මම දන්නෑ. පස්සේ පස්සේ කමලා ගෑණි එක්ක උඩහා කැලේ පදුරු යට හරි හරියට ඔට්ටු වුණාලු. ගෙදර ඇවිත් කමලා වගේ හිටපන් කිය කිය අර අහිංසක ගෑනීව තලලා දානවලු. ඕක ඉවසන් ඉන්න බැරි තැන තමයිලු අර කොලු ගැටයත් එක්ක ඕකි ගියේ යන්න"


"මමත් ඒ අහලා තියෙනවා අක්කේ. හැබැයි මම සිරිපාලගෙන් ඇහුවේ නෑ ඕවා. මට හොඳට සලකනවා. ඇගේ පතේ උවමනා හරි හරියට පුරවනවා නම් ආය මොනාද කියලා මම හිතුවේ"


"අන්න එතන තමයි නංගි ගෑණු අපට වරදින තැන. දැන් මොනා කරන්නද හෙට මම පණිවිඩයක් අහ ගෙන එන්නම්. ඉදපන්කෝ"


"හරි අක්කේ මම යන්නම් එහෙනම්"


"හ්ම්..පලයන්කෝ එහෙනම්"


සාරදා නැන්දා යන්න නැඟිටින කොට ඉක්මනින් ඉස්තෝප්පුව පැත්තට දිව්වේ වැඩිහිටියන්ගේ කතා මම අහ ගෙන හිටියා කියලා අම්මා දැන ගත්තොත් මට බැනුම් අහන්න සිද්ධ වෙන නිසාමයි.මට පිටුපා යන සාරදා නැන්දා දිහා මම උවමනාවෙන් බැලුවේ සිරිපාල මාමා ඇත්තටම වෙන ගැණියෙක් හොයා ගෙනද යන්න කල්පනා කරමින්. වටකුරු බඳ, පිරුණු ලැම එකතු විට සාරදා නැන්දා ඇත්තටම තරුණ වියේ පසුවන ලස්සන ගැහැණියක්. මේ තරම් ලස්සන ගැහැනියක සිරිපාල මාමට එපා වීමට හේතුව කුමක්ද යන්න මට නොතේරේ.


කෙසේ හෝ දැන් සාරදා නැන්දත් අම්මත් එක්ක කොහු මෝලේ වැඩට යන්න පටන් ගත් දා සිට නිතරම සාරදා නැන්දා දුකට සැපට ආවේ ගියේ අපේ ගෙදරටයි. බොහෝ හවස්වරු නැන්දගේ පාපොච්චාරණ,දෙස් දෙවොල් තැබීම්, හැඩීම් වලින් ම පිරී ගියා. සාරදා නැන්දා, අපේ ගෙදරට එන කොට මට ඒ දෙන්නා කතා කරන දේවල් අහන් ඉන්න එක අම්මා තහනම් කරලා තිබුණේ.  


එක දවසක් අම්මාට දහවල් බත්පත ගිහිං සිද්ධ වුණේ මට. මම බත් ගෙඩියක් බැඳගෙන කොහු මෝල පැත්තට ගියා. මම මෙහෙට යන මුල්ම වතාව මේක.කොහු මෝල ගැන විස්තර අම්මාගෙන් අහලා තිබුණත් අද තමයි මම ඇස් වලින් දකින්නේ අම්මා වැඩ කරන තැන. පැක්ටේරියට ඇතුළු වන තැනම බුලත් කහට වලින් අවර්ණ ගැන්වුණු දත් දෙපලක් ඇති, මලානික ඇස් සහිත මුරකරුවෙකු 


" කෙල්ලේ කොහෙද යන්නේ " 

මහ හඬින් කෑ ගැසුවේ මම තිගැස්සෙද්දී.


"මම..මම..මේ...මේ බත් එක ගෙනාවා අම්මට"


"කොයි අම්මටද "


"අපේ අම්මට.. ගිහිං දෙන්නද මම ඇතුළට"


"හරි රසට ඇති නේද.. අපිටත් බත් එකක් ගෙනත් දෙන්න බැරි වෙයිද"


මුරකරුගෙත් මගෙත් කතාවට බාධා කරමින් ඒ ආව කඩහඬ දිහා මම හැරී බැලුවා. මුරකරුද "සෑර්.... "යනුවෙන් බයාදු හඬින් ඒ අමුත්තා ඇමතුවා.


විශ්වාස කරන්න..මේ ගමේ තියා ඈත ගම් හතකවත් ඒ තරම් ලස්සන පිරිමියෙක් නම් මම ජීවිතේට දැකලා නෑ. සාමාන්‍ය උස, උසට ගැලපෙන මහත, දිගැටි ඇස්, රෝස පාට තොල්, කිරිගරුඬ වලින් වාත්තු කලා වගේ. ඇත් දළ පාට අතපය..මේ නම් හීනයක්ද කොහෙද.. අනික මේ හදදා පිටිසර ගමේ මේ තරම් ලස්සන මහත්තයෙක් මොනා කරනවද..


"උත්තර දීපිය කෙල්ලේ ලොකු මහත්තයට.. තෝ භාවනා කරනවද"


නැවතත් ගොරහැඩි කට හඬ නිසා මම පියවී සිහියට ආවා. හැබැයි මට දෙන්න උත්තරයක් නැති නිසාත්, ලැජ්ජාව නිසාත් මම බිම බලන්


"අම්මට බත් එකක් ගෙනාවා"


 කීවේ ඇහෙන නෑහෙන හඬින්


"ආ ගිහිං දෙන්න. ඇතුළේ ඇති"


ආයෙත් ඒ දේවදුතයාගේ කඬහඬ... අඩුම තරමේ මගේ අම්මගේ නමවත් අහන්න තිබුණා. යන්න කිව්වා විතරයි. එයා කවුද. මෙතන මොකද කරන්නේ . හිතේ ප්‍රශ්න ගොඩාක් තියාගෙන මම අම්මා හොයා ගෙන පැක්ටේරිය ඇතුළට ආවා.  


Silent Writer 🖋️

බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!