10 වන් කොටස

පරිච්ඡේදය 11 | jessi 13 වාර කියවා ඇත 0 අදහස්


තීනූ නින්දට යන්න හැදුවද ඇයට නින්දක් ගියේ නෑ ඇය විවිධ දේවල් කල්පනා කරන් ඉන්න් අතරතුර ඇයගේ දුරකථනයට මැසෙජ් එකක් ආවා ඇය දුරකතනය ගෙන බලන්න ඕන විය මොකද ඇය දින ගන්නාවක් ඇය දුරකතනයට පැමිනි කෝල්ස් වත් මැසෙජ් වත් බැලුවේ නෑ ඉතින් ඇය ෆෝන් එක අරන් ඇය මැසෙජස් බලන්න විය ඒ අතර බානුක මැසෙජස් 30කට වඩා ඒවා ඇත ඇය එය කියවන්න විය එහිදි ඇයට එම මැසෙජස් සදහා උත්තර නොදී ඇය ඇස් වල කදුලු පුරවගෙන එම පණිවිඩ කිවන්න වුනා 

  


මට සමාවෙන්න තීනූ ඇත්තටම මං ඔයාට ආදරේ කලේ ඒත් රවින්දි මගේ ජිවිතේට ආවාම මට එයාට ආදරේ හිතුනා 

මං ඔයාව රවට්ටන්න හැදුවේ නෑ තීනූ මං මෙච්චර කාලයක් මේක කියන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව හිටියේ ඔයා ගොඩක් දුක් වෙයි කියලා හිතුවා අනේ මට සමාවෙන්න තීනූ ඔයාට හොද ආදරයක් ලැබෙයි. ඔයා සතුටින් ඉන්න. මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කලා ඒ ආදරේ දැනුනේ නැතුවා නෙවෙයි. මට සමාවෙන්න මට එකම එක පාරක් කතා කරන්න ඕන නැවත වාරයක් මට සමාවෙන්න තීනූ.කියා අවසානයේ බානුක එවපු මැසෙජ් එක තීනූ කියෙව්වම තීනූ ඉකිගසා අඩන්න විය


පසුව ඇය නැවත දුරකතනය අතට ගෙන ඇය ටයිප් කරන්න විය 


බානුක මට නැතිවුනේ මට ආදරේ නැති මගේ ආදරේ දැනුනේ නැති හිතක් පපුවක් නැති කෙනෙක්ව.

ඒත් ඔයාට නැතිවුනේ මගේ ආදරේ විතරක් නෙවෙයි බානුක ඔයා මොන තත්වයේ හිටියත් ඔයා එක්ක ඉන්න ප්ලැන් කරපු මාව එවගේම ඔයාට නැති වුනේ එච්චරටම ඔයාගේ හයියට හිටපු මාව 

ඔයා මාව අවුරුද්දක් රැවැට්ටුවා ඒත් බානුක අපි එකට හිටපු අවුරුදු ගානම ඔයා මාව අවුරුද්දක් රවටද්දී මං ඔය් වෙනුවෙන් ඔයා එක්ක ඉදිරියෙදී ඔයායි මායි ඔයාට කොහොමද මං හයියක් වෙන්න ඕන ඔයා එක්ක මං මොනවගේ දේවල්ද කරන්න ඕන ඉස්සරහට මොනවගේ දේවල් වෙයිද ඔයා දුකෙන් ඉද්දි ඔයා සතුටෙන් ඉද්දි ඔයා එක්ක ඔයා ඉදිරි ගමනෙදි ගන්න අභියෝග වලට ඔයා එක්ක කොහොමද මූන දෙන්නේ ඔයාව කොහොමද ශක්තිමට් කරන්නේ වගේ ගොඩක් දේවල් කල්පනා කලා ඒ විතරක් නෙවෙයි බානුක ඒවාට මං වැඩ කලා මං මගේ දේවල් කැප කලා 

ඒත් ඔයා කලෙව් රවින්දි එක්ක එකතුවෙලා ඔයා මාව අවුරුද්දක්ම රවට්ටපු එක 


ඒ නිසා බානුක මට දුකක් නෑ මොකද මං කවදවත් වැරද්ද කලේ නෑ ඔයාට ඔයායි මාව දාලා ගියේ බානුක ඔයාගේ සතුට රවින්දි නම් එයා එක්ක ඉන්න 

ගආයේ අපි දෙන්නා එකිනෙකාට දැක්කත් අපි නොදැක්කා වගේ ඉමු 


අමතක කරන්න බැරි තරම් මතක තියෙනවා ඔයාගෙයි මගෙයි ඒත් ඒවා මතක විතරක් වුනාවේ 


ගුඩ්බායි බානුක 


කියා ඇය බානුකට රිප්ලයි යවා ඇය ෆෝන් එක පැත්තකින් තියා

ඇය අඩන්න විය ඇත්තටම බානුක

ඔයාට මගේ ආදරේ දැනුනේ නැද්ද මං මහමෙරක් තරම් ආදරේ කලා බානුක කියා ඇය තමන්ටම මුමණ මින් අඩන්න විය එවිට ඇයගේ ෆෝන් එක රින්ග් වෙන්න විය 

ඇය ෆෝන් එක අතට ගෙන බැලුවේ කවුද කියා 

ආ... ආදී කෝල කරනවා මොකද දන්නේ නෑ ප්‍රශ්නේ ඇය ඉක්මනින් කදුලු පිහදගෙන කෝලි එකට ආන්ස්වර් කරමින් 


හෙලෝ.... කියා කීවා


හෙලෝ තීනූ ඔයා නිදිද ආදී යටපත් ස්වරයකින් ඇසුවා 

නෑ ආදී මට නිනද ගියේ නෑ ඔයා පරිස්ස්මෙන් ගෙදර ගියාද ආදී 


ඔව් මං දැනුයි ආවේ මට කෝල් එකක් දෙන්න හිතුනා මේ දවස් ටිකේම අපි ඔයා ලගින් හිටියා අද ඔයා තනියම නිසා නිදාගන්න ගියාම විකාර මතක් වෙයි එකෙන් ඔයාට දුකක් ඇතිවෙයි කියලා හිතුනා ඒකයි ගත්තේ 


හ්ම්ම්ම්ම්.... ආදී 


ඔව් කියන්න තීනූ 

මං දැන් බානුක මට එවපු මැසෙජස් ටික බැලුවා තීනූ හඩන්න ලංවු ස්වරයකින් කීවා 


ඔව් මං ඒක දන්නවා ඒකයි මං කෝල් එකක් ගත්තේ කෙල්ල දැන් ඒ ටික කියවලා අඩනවා ඇති කියලා හිතුනා ආදී කීවේ ඔහු සියල්ල දැක්කා වගේ


කොහොමද ආදී ඔයා මෙච්චර මාව දන්නේ ඔයා මං දිහා බලන් ඉන්නවා වගේ කියන්නේ තීනූ ටිකක් පුදුමයෙන් වගේ ආදීගෙන් ඇසුවා


ආදී සිනාසෙමින් එහෙම තමයි මං 

මෙ අහන්නකෝ තීනූ දැන් වුන දේවල් වුනා දැන්ම ඒවා අමතක කරන්න බැරි වුනත් ඔයා මෙතන වැරැද්දක් කලේ නෑ ඔයා එයාට ගොඩක් ආදරේ කලා ඒක අපි කවුරුත් දන්නවා වගේම ඒක දැක්කා 

තීනූ ඔයා දැන් හිත හදගන්න උත්සහා කරන්න ඔයාට නැතිවුනේ ඔයාට ආදරේ නැති වංචාකාරයෙක් 


තීනූ කෙනෙක් පරිස්සම් කරන්නේ තමන්ට වටින දේවල් ඒ නිසා මල වුනත් දැන ගන්න ඕන තමන්ගේ වටිනාකම දන්න කෙනෙක් ලග පිපෙන්න 

ඒ නිසා තීනූ ඔයාගේ ආදරේ වටීනාකමක් දන්නේ නැති මනුස්සයෙක් නිසා ඔයාගේ වටින කදුලු නිකරුනේ නාස්ති කරන්න එපා තීනූ 

ඔයාට කලින් තිබ්බ ගෝල්ස් ඔයා කලින් ප්ලෑන් කරපු ඒවා ඔයා ආස දේවල් ඔයාගේ ආදරේ ප්‍රතික්ෂේප කරපු බානුක වෙනුවෙන් කැප කරපු සතුට ඒවගෙම ඔයා කරන්න හිටිය දේවල් ඔයා දැන් ඒවා කරන්න 

අපිට ඕන ආයේ අපේ පරණ තීනූව 

ඔයා ඒයා නිසා ඔයාගේ සතුට නැති කර ගන්න එපා 


මම ඔයාට වැටෙයි කියලා බයට දුවන්න දෙන්නේ නැතිව ඉන්නේ නෑ 

ඔයාට ඕන තරමක් දුර දුවන්න ඒ දුවද්දි වැටෙන ඕනම වෙලාවක මං ඔයාව තදින් අල්ලගන්න ඉන්නවා.... තීනූ මං ඔයා එක්ක හැමදාම ඉන්නවා



ඔයා ඔයාම නැතිකරගන්න එපා තීනූ ඔයා හිනාවෙලා ඉන්නා ඔයා සතුටෙන් ඉන්න ඔයාව ප්‍රතික්ෂේප කල අයට දවසක ඔයා ඉන්න තැන දැකලා ආපරාදේ මං නැතිකරගත්තා කියලා හිතෙනකන් ඔයා වැඩ කරන්න 



ඒක තමයි අපි හැමෝගෙම සතුට තීනූ 

ආදී එක හුස්මට සියල්ල කීවා


ඔයා හරී ආදී මං එයා වෙනුවෙන් මගේ සතුටු දේවල් මං ගොඩක් කැප කලා දැන් මං ඒවා ඔක්කොම කරනවා ආදී 


ඒ ඇසු තීනූගේ හදවත හරහා ඒ වචනය යන්න විය. ඇයගේ ඇස් වලින් කදුලු පැමිනියේ දුකට නෙවෙයි කියා ගන්න බැරි අමුතු හැගීමක් නිසායි. ආදී කියපු හැම වචනයකම කියා ගන්න බැරි අමුතුම හැගීමක් තීනූට දැනෙන්න විය. 


මං ආයේ අඩන්නේ නෑ මං ඔයා කිවුවා වගේ මං ඉස්සරහට යනවා මේ හැමදේම අමතක කරන්නවා ආදී 


හ්ම්ම්....මගේ හොද කෙල්ල හරි දැන් නිදාගන්න මං උදෙන්ම එන්නම් අපි එක්සර්සයි පටන් ගමු හොදද 


ආදී........ ඔව් කියන්න තීනූ මං ගැන මෙච්චර බලනවට තැන්ක්‍යු 


ආ...... හරි හරි දැන් හොද ළමයා වගේ නිදාගන්න 


මාත් උදෙන්ම එන්නම් තීනූ ඔයා නිදා ගන්න ගුඩ්නයිට් තීනූ


හරි ආදී ගුඩ්නයිට් 


තීනූ ෆෝන් එක කට් කරලා 


මට පුදුමයි ආදී මාව ගොඩක් තෙරුම් අරං ඉන්නවා ඇත්තටම ආදීට මං ගැන කැමැත්තක් තියෙනවාවත්ද 


පිස්සු මට ආදී යාලුවෙක් විදිහට මං ගැන ඇඩ්වයිස් කලේ මටත් හිතෙන පිස්සු 


ඔන්න ඔහේ නිදාගන්නවා උදෙන් ඇහැරෙන්න ඕන කියා තීනූ නිදාගන්න ලෑස්ති විය


ආදීද ෆෝන් එක කට් කර කාමරය වෙතට යන්න හදදි එහා බිත්තියේ ඉදන්


බොහ්..........කියා කෑගසාගෙන කෙනෙක් ඇගට පැන්නා


ආදී තිගැස්සී යන්න විය


ආදී බිය වී පස්සට පැන්නා


ඒසේ පැන ඇය හිනා වෙන්න විය 

මොනවා කරනවද නංගි මං හොදටම බය වුනා බුරු පැටියා කියා ආදී ඇයගේ කන මිරිකන්න විය.


සේයා කියන්නේ ආදීගේ එකම නංගි එයා ඔස්ට්‍රේලියාවේ ඩිග්‍රී එකක් කරනවා ඇය ආදීට ගොඩක් ආදරේ කරනවා 

ආදීද තමන්ගේ සහොදරියට ගොඩක් ආදරේ කරනවා 


කවදද ආවේ කිවුවෙවත් නෑනේ ආපු එක කියා ආදී සේයාව ගොඩක් ආදරෙන් බදාගන්න විය


මං අද ආවේ කිවුවේ නැත්තේ ඔයාව ස්ප්‍රයිස් කරන්න ඕන නිසා 

කොහෙද ඔයා හරිඅම බිසි නේ කොයිවෙලෙත් ගෙදර නෑ


එක නෙවෙයි දැන් තීනූ අක්කට කොහොමද 


හ්ම්ම්ම්ම් ඔයා කොහොමද දන්නේ ? ආදී කුස්සියට ගොස් වතුර එකක් බොන ගමන් ඇසිය


අම්මා කිවුවා මට ඔක්කොම විස්තරේ


හ්ම්ම්ම්ම්.......දැන්නම් හොදයි හෙට ඉදන් එක්සර්සයි පටන් ගන්නවා ඊට පස්සේ එයා ඇවිදින්න පටන් ගනී නංගි


පව් නේද අයියේ බනුක නම් මහා කැත වැඩක් කලේ අක්කා පවු ගොඩක් දුකෙන් ඇත්තේ 


හ්ම්ම්...ඔව් මං හිත් හදන්න ට්‍රයි කරවා නංගි බලමුකෝ 

මං දැන් යනවා වොශ් එකක් දාගෙන නිදාගන්න මට මහන්සී 


හෙට යන්නත් ඕන එසෙ කියා ආදී කාමරයට යන්න සැරසුනා 


අයියේ මා එන්නද අක්කව බලන්නත් පුලුවන්නේ 


හා.... එහෙනම් උදෙන්ම ඇහැරෙනවා මං උදේ අට වෙද්දි එහෙ ඉන්න ඕන 


හරි මං ලැස්තිවෙන්නම් අයියා 

ගුඩ්නයිට් අයියා

ගුඩ්නයිට් මැට්ටි කියා ආදී කාමරයට යන්න විය



ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදාම


ජෙසි ❤️🌻


















2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!